නබි වදන් ලැයිස්තුව

“මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?”
عربي الإنجليزية الأوردية
විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න
عربي الإنجليزية الأوردية
“අනුමානය (සැකය) ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැබැවින්ම අනුමානය කතාවෙන් වඩාත් ව්‍යාජය
عربي الإنجليزية الأوردية
“කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
عربي الإنجليزية الأوردية
“මිනිසුන් අතරින් අල්ලාහ් වෙත වඩාත් කෝපයට ලක් වු තැනැත්තා අධික ලෙස වාද කරන තැනැත්තාය.”
عربي الإنجليزية الأوردية
සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්‍රහණය කළ විට ඔහුව අත් නොහරියි
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළහ.”
عربي الإنجليزية الأوردية
අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වළක්වනු ලැබුවෙමු.”
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් නිසාවෙන් නොවේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා කේළාම් කියමින් සැරිසැරූ අයෙකි
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.”
عربي الإنجليزية الأوردية
අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අන්ධකාරයන්ය.
عربي الإنجليزية الأوردية
“මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි.”
عربي الإنجليزية الأوردية
“මිනිසා තම දෙමාපියන්ට බැණවැදීම මහා පාපයන් අතරින් එකකි.” එසේ මිනිසා තම දෙමාපියන්ට බැණ වදිනු ඇත්දැ?යි විමසන ලදී. එතුමා “එසේය. ඔහු තවත් මිනිසකුගේ පියාට බැණ වදී. ඔහු මොහුගේ පියාට බැණ වදිනු ඇත. ඔහු ඔහුගේ මවට බැණ වදී. ඔහු ද මොහුගේ මවට බැණ වදිනු ඇත. යැයි පැවසූහ.
عربي الإنجليزية الأوردية
යම් පිරිසකගේ කතාවක් ඔවුන් ඔහුට පිළිකුල් කරමින් සිටියදී ඇහුන්කන් දෙන්නට සලස්වන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙකන් තුළට උණු කළ ඊයම් වක් කරනු ලැබේ.
عربي الإنجليزية الأوردية
ජනයා හිනස්සවීම සඳහා බොරු කතා කරන්නන්හට විනාශයක්ම වේවා! ඔහු ද විනාශයට පත්වේවා පසුව ද ඔහුට විනාශය අත්වේවා!
عربي الإنجليزية الأوردية
“අපරාධය ගැන බියවන්න. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අඳුරු වේ. එමෙන්ම මසුරු වීම ගැන බියවන්න. සැබැවින්ම මසුරුකම නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය
عربي الإنجليزية الأوردية
තිදෙනෙකු වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුන් දෙස අවධානය යොමු කර නොබලයි.
عربي الإنجليزية الأوردية
කවරෙකුගේ හදවත තුළ අණුවක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත.
عربي الإنجليزية الأوردية
“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?”
عربي الإنجليزية الأوردية
“නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”
عربي الإنجليزية الأوردية
සැබැවින්ම ඔබ මුස්ලිම්වරුන්ගේ සැඟවුණු දෑ විපරම් කරමින් පසුපස හඹා ගියෙහි නම්, සැබැවින්ම ඔබ ඔවුනට දුෂ්ඨකම් කර ඇත. එසේ නැතහොත් ඔවුනට දුෂ්ඨකම් කිරීමට ඔබ සමීප වී ඇත.
عربي الإنجليزية الأوردية
කවරෙකු යම් කෙනෙකුගේ බිරියට හෝ ඔහුගේ වහලෙකුට ද්රෝහිකම් කළේ ද ඔහු අප අතරින් නොවන්නේය.
عربي الإنجليزية الأوردية
කවරෙකු තම සහෝදරයාව වසරක් වෙන්කර දමන්නේ ද ඔහු ඔහුගේ රුධිරය හැලුවාක් මෙනි.
عربي الإنجليزية الأوردية
“නියත වශයෙන්ම ෂෙයිතාන් අරාබි අර්ධද්වීපයේ සලාත් ඉටු කරන්නන් තමාට ගැතිකම් කිරීම පිළිබඳව බලාපොරොත්තු සුන් කර ගත්තේය. නමුත් ඔවුන් අතර අර්බුද පතුරුවාලීමෙහි ඔහු උපේක්ෂාවෙන් සිටියි
عربي الإنجليزية الأوردية
පිරිමියා ‍ෙපිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය
عربي الإنجليزية الأوردية
යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය
عربي الإنجليزية الأوردية
තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි
عربي الإنجليزية الأوردية
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම මුසාවෙන් අතිමහත් මුසාව තම පියා නොවන මිනිසෙකුට පියා යැයි ඇමතීමත් තමන් නොදුටු දෑ දෑසින් දුටු බව පෙන්වීමත් අල්ලාහ්ගේ දූතයාණන් නොපැවසූ දෑ පැවසූ බවට පැවසීමත්ය.
عربي الإنجليزية الأوردية
ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත
عربي الإنجليزية الأوردية
කවරෙකු තමන් තුළ අහංකාරය පාමින්, තම ගමන් ලීලාවෙහි උඩඟුවෙන් ගමන් කරන්නේද, ඔහු වෙත දැඩි කෝපයෙන් සිටින තත්ත්වයේ ඔහු අල්ලාහ්ව හමුවනු ඇත.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත
عربي الإنجليزية الأوردية
එකිනෙකාට බැණ ගන්නා දෙදෙනකු වනාහි, (එහිදී) අසාධාරණයට ලක්වන්නා ඉක්මවා යන තෙක් ඔවුන් දෙදෙනාගෙන් ආරම්භ කළ අය වෙත ඔවුන් දෙදෙනා පවසන දෑ (පාපය) පිහිටයි.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම, අල්ලාහ් මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට වධ හිංසා කරයි
عربي الإنجليزية الأوردية
නොකළ වරදකට තමන් සතු වහල් කොළුවකුට පහර දුන්නේ නම් හෝ ඔහුට කම්මුලට පහර දුන්නේ නම් හෝ එවිට එහි ප්රතිකර්මය ඔහුව නිදහස් කිරීමය.
عربي الإنجليزية الأوردية
දිවිපිදූවන්ගේ බිරියන්ගේ ගෞරවය රැඳීසිටින්නන් හට ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි.
عربي الإنجليزية الأوردية
එය අත්හැර දමන්න. සැබැවින්ම එය දුර් ගන්ධයකි
عربي الإنجليزية الأوردية
ඔබ ඔහුට ශාප නො කරනු. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්‍රිය කරන්නෙක් ලෙස මිස මා ඔහු හඳුනන්නේ නැත
عربي الإنجليزية الأوردية
ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත
عربي الإنجليزية الأوردية
“නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත.”
عربي الإنجليزية الأوردية