عن عبد الله بن مسعود رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «سِبابُ المسلم فسوق، وقتاله كفر».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්රතික්ෂේප කිරීමකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

තම සහෝදර මුස්ලිම්වරයාට දොස් නැගීම දුෂ්ටකමක් යනුවෙන් තීන්දු දෙමින් මුස්ලිම්වරයා සතු වැදගත් හිමිකමක් මෙම හදීසය මෙහිදී පෙන්වා දී ඇත. එවිට ඔහු අල්ලාහ්ට අවනතවීමෙන් බැහැර වූවෙකි. කවරෙකු තම සහෝදර මුස්ලිම්වරයා සමග ගැටුම් ඇති කර ගත්තේ ද ඔහු එසේ මුස්ලිම්වරයා සමග ගැටුම් ඇති කර ගැනීම අනුමත බව විශ්වාස කරන විටෙක ඉස්ලාමීය පිළිවෙතින් බැහැර කරවන දේවත්වය ප්රතික්ෂේප කිරීමක් ඔහු විසින් සිදු කර ඇත. නමුත් ඔහු තම ජීවිතයේ හෝ මෙලොව කටයුත්තක් සම්බන්ධයෙන් හෝ ඔහු ජීවිත නැසීම අනුමත බව විශ්වාස නොකර ඔහු සමග ගැටුම් ඇති කර ගත් විටෙක, සැබැවින්ම ඔහු දහමින් බැහැර නොවන වඩාත් සුළු ප්රතික්ෂේපයකින් ප්රතික්ෂේප කළ තැනැත්තෙකු බවට පත් වනු ඇත. ඇත. මෙහි දේවත්වය ප්රතික්ෂේප කිරීම යනුවෙන් යෙදී ඇත්තේ අවවාද කිරීමේ අතිශයෝක්තිභාවය පෙන්වීමක් ලෙසිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර