عن أبي بَكْرَةَ- رضي الله عنه - عن النبي صلى الله عليه وسلم أنه قال: «أَلا أُنَبِّئُكم بِأَكْبَرِ الْكَبَائِر؟»- ثَلاثا- قُلْنَا: بَلى يا رسول الله، قَالَ: «الإِشْرَاكُ بِالله وَعُقُوقُ الوالدين، وكان مُتَّكِئاً فَجَلس، وَقَال: ألا وَقَوْلُ الزور، وَشهَادَةُ الزُّور»، فَما زال يُكَرِّرُها حتى قُلنَا: لَيْتَه سَكَت.
[صحيح] - [متفق عليه]
المزيــد ...
“මහා පාපයන්ගෙන් මහා පාපය කුමක් දැයි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?” යැයි තුන්වරක් එතුමා විමසීය. අපි: ‘අල්ලාහ්ගේ දූතයාණනි, එසේය.’ යැයි පිළිතුරු දුනිමු. එතුමා “අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම යැයි පවසා සැතපී සිටි එතුමා පසුව වාඩි විය. තවදුරටත් ‘නොමනා කතා හා බොරු සාක්ෂි ද එසේ නොවේ ද? යැයි පැවසීය. එතුමා නිහඬ නොවනු ඇත්දැයි අපි කතා කරන තෙක්ම එතුමා එය නැවත නැවතත් ප්රකාශ කරමින්ම සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
විග්රහය: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සහගාමීන්හට මෙසේ කීවේය. ‘මහා පාපයන්ගෙන් මහා පාපයක කිමෙක්දැයි මම ඔබට දන්වා සිටියි යුතු නොවේ ද? ඒ අනුව එතුමා මේ කරුණු තුන සඳහන් කළේය. එනම්: අල්ලාහ්ට ආදේශ තැබීම. එය දේවත්වයේ ස්ථාවරයට විරුද්ධ වීමකි. සර්වබලධාරි අල්ලාහ්ගේ අයිතිය ගෙන, එය සුදුසු නැති බෙලහීන මැවීම්වලට ලබා දීමකි. දෙමව්පියන්ට හිංසා කිරීම. එය දරුණු පාපයකි. ඊට හේතුව මිනිසාට වඩාත් කිට්ටුවෙන් සිටින්නන්හට උපකාර කිරීමෙන් ත්යාග හිමිකර ගැනීම වෙනුවට ඔවුනට නපුරුකම් කිරීමකි. බොරු සාක්ෂිය: යමෙකු මුදල් පැහැර ගැනීමෙන් හෝ ඔහුගේ ගෞරවයට හෝ වෙනත් දෑට පහර දීමෙන් වැටී ඇති අයකු අපකීර්තියට පත්කිරීමට අදහස් කරන සියලුම අසත්යයන් හා බොරු ප්රකාශයන් සඳහා පොදු වූවකි.