නබි වදන් ලැයිස්තුව

“ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්‍රතිඵලය පිහිටනු ඇත
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය
عربي الإنجليزية الأوردية
එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි
عربي الإنجليزية الأوردية
මම කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැදීම ඔබ අතරින් කිසිවකුට ප්‍රිය මනාප වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කළ අයකු නොවන්නේය
عربي الإنجليزية الأوردية
කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“
عربي الإنجليزية الأوردية
අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය
عربي الإنجليزية الأوردية
“මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?”
عربي الإنجليزية الأوردية
මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම
عربي الإنجليزية الأوردية
විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න
عربي الإنجليزية الأوردية
මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි
عربي الإنجليزية الأوردية
යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය
عربي الإنجليزية الأوردية
කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු ස්වර්ග උයනට පිවිසෙයි. කවරෙකු ඔහුට ආදේශ කරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු අපා ගින්නට පිිසෙයි
عربي الإنجليزية الأوردية
කවරෙකු තම හකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහතික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහතික කරමි
عربي الإنجليزية الأوردية
ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු වෙත ඔහුගේ පාවහන් පටියට වඩා සමීපයෙන් ස්වර්ගය පිහිටයි. එමෙන්ම අපා ගින්න ද පිහිටයි
عربي الإنجليزية الأوردية
තන්හා, ආශාවන්ගෙන් අපා ගින්න වට වී ඇත. විපත්තිවලින් ස්වර්ගය වට වී ඇත
عربي الإنجليزية الأوردية
“මුස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා සහ ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති.”
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”
عربي الإنجليزية الأوردية
සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම ජනයා කිසිදු යුක්තියකින් තොරව අල්ලාහ්ගේ සම්පත් අතර ගනුදෙනු කරති. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.”
عربي الإنجليزية الأوردية
ආදම්ගේ දරුවන් සියල්ලෝම වැරදි කරන්නෝය. වැරදි කරුවන්ගෙන් උතුම් වනුයේ පාපක්ෂමාවෙහි නිරත වන්නෝය.
عربي الإنجليزية الأوردية
මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
පිරිමින්ට මහත් හානිදායක අර්බුදයක් ලෙස කාන්තාවන්ට වඩා වෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළෙමි
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකු වන්නේ නැත.”
عربي الإنجليزية الأوردية
කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.
عربي الإنجليزية الأوردية
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව
عربي الإنجليزية الأوردية
එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් නිසාවෙන් නොවේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා කේළාම් කියමින් සැරිසැරූ අයෙකි
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ
عربي الإنجليزية الأوردية
“දැහැමි සභිකයාට හා නපුරු සභිකයාට උපමාව කස්තූරි උසුලන්නෙකු හා යකඩ කම්මලේ උඳුන පිඹින්නෙකු මෙනි
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික”
عربي الإنجليزية الأوردية
“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
عربي الإنجليزية الأوردية
“දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි
عربي الإنجليزية الأوردية
“දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි
عربي الإنجليزية الأوردية
‘මසීහුද් දජ්ජාල්’ට වඩා නුඹලා ගැන මා තුළ ඇති වඩාත් භීතිමත් කරුණ කුමක් දැ?යි මා නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? එවිට සහාබාවරු ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘ෂිර්කුල් කෆී’ (දේවත්වයට කරන සුළු ආදේශය) වේ. එනම් මිනිසා නැගිට සලාතය ඉටු කරයි. තවත් මිනිසෙකු (තමන් දෙස) බලා සිටින බව සිතා ඔහු තම සලාතය අලංකාරවත් කරයි.
عربي الإنجليزية الأوردية
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකු ගෙන එනු ලැබ, නිරා ගින්නට හෙළනු ලැබේ. ඔහුගේ බඩවැල් වැගිරෙයි. තෙල් හිඳින සෙක්කුව වටා බූරුවෙක් යන්නාක් මෙන් ඒවා සමග ඔහු එය වටා ගමන් කරයි
عربي الإنجليزية الأوردية
“මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ
عربي الإنجليزية الأوردية
මම සඊද් ඉබ්නු ජුබෙයිර් සමග සිටියෙමි. එවිට ඔහු: “පෙර දින කඩා වැටුණු තරුව ඔබ අතරින් දුටුවේ කවුරුන්දැ?යි විමසුවේය. එවිට මම: ‘මම’ යැයි පැවසුවෙමි. පසුව මම: ‘සැබැවින්ම මම සලාතයේ නොසිටියෙම් ද? එනමුත් මම දෂ්ඨ කරනු ලැබුවෙමි.” යැයි පැවසුවෙමි.
عربي الإنجليزية الأوردية
“(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසය මුල් කරගත් අසුභවාදය ද නැත. ඔබ සිංහයෙකුගෙන් පලා යන්නාක් මෙන් ලාදුරු රෝගියාගෙන් පලා යන්න
عربي الإنجليزية الأوردية
අපරාධකාරී ලෙස ඝාතනය කරන සෑම ආත්මයකින්ම පළමු ආදම්ගේ පුතු මත එහි රුධිරයෙන් කොටසක් හිමිවනු මිස නැත. සැබැවින්ම එය ඝාතනය කිරීමේ පිළිවෙත අරම්භ කළවුන් ඔහු වන බැවිණි.
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි.
عربي الإنجليزية الأوردية
අල්ලාහ් අබියස මෙලොව මැස්සෙකුගේ පියාපතකට හෝ සමාන වන්නේ නම්, දෙවියන් ප්රතික්ෂේප කරන කිසිවකුට එහි කිසිදු ජල පානයක් හෝ සපයන්නේ නැත.
عربي الإنجليزية الأوردية
අපා ගින්න ස්පර්ශ නොකරන දෑස් දෙකක් ඇත. අල්ලාහ්ට බියෙන් හඬන දෑස හා අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂාව සලසා රාත්රියේ ගත කරන දෑසය.
عربي الإنجليزية الأوردية
නියතවම සෑම සමාජයකට යම් අර්බූදයක් ඇත. මාගේ උම්මතයේ අර්බූදය වනුයේ මුදල්ය යැයි නබි තුමා පැවසීය.
عربي الإنجليزية الأوردية
“මාගේ සමූහයේ සියලු දෙනා නොසලකා හරිනු ලැබුවෝය. නමුත් ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර
عربي الإنجليزية الأوردية
“උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”
عربي الإنجليزية الأوردية
උහුද් කන්ද තරමට මට රත්තරන් වී නම්, මා ණය පියවීම සඳහා යමක් හැර ඉන් වෙනත් කිසිවක් මා සතුව තිබී එය මා ළඟ රාත්රී තුනක් ගෙවී නොයෑම මා සතුටු කරවනු ඇත.
عربي الإنجليزية الأوردية
මතුලොව විෂයයෙහි මෙලොව වනාහි ඔබ අතුරින් කිසිවකු තම ඇගිල්ල මුහුදට දමා එහි තැවරෙන දෑ මෙන් මිස නැත. නැවත හැරී එනුයේ කුමක් දැයි අවධානයෙන් බලත්වා!
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම මගෙන් පසුව ඔබලා කෙරෙහි මා බියවන කරුණ නම්, මෙලොව චමත්කාරය හා එහි අලංකාරය නුඹලා වෙත විවෘත කරනු ලැබීමය.”
عربي الإنجليزية الأوردية
ආල්ලාහ්ගේ මාර්ගයේ ආකාර දෙකකින් වියදම් කරන්නා ස්වර්ගයේ දොරටු අතරින්, අහෝ අල්ලාහ්ගේ ගැත්තනි! මෙය යහපතකි. යැයි පවසා ඇරයුම් කරනු ලැබේ. එමෙන්ම කවරෙකු සලාතය ඉටු කරන්නන් අතරින් කෙනකු වූයේද ඔහුව සලාතයේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු ජිහාද්හි නිරතවන්නන් අතරින් කෙනෙකු වූයේද ඔහුව ජිහාද්හි දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ.
عربي الإنجليزية الأوردية
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා වාසීන්ට හිමිවන වඩාත් සැහැල්ලු දඬුවම, තම දෙපතුල යට තබන ලද ගිනි පෙණලි දෙකකි. වතුර උතුරා යන්නා සේ ඔහුගේ මොළය එමගින් උණු වී උතුරා යයි. මීට වඩා දරුණු ලෙස දඬුවම් විදින කිසිවකු ඔහු දකින්නේ නැත. සැබැවින්ම ඔවුන්ට හිමිවන සැහැල්ලුම දඬුවම එය වේ.”
عربي الإنجليزية الأوردية
කරුණු තුනක් මරණය පසුපස හඹා යයි. එය ඔහුගේ පවුල, ඔහුගේ ධනය හා ඔහුගේ ක්රියාවයි. නමුත් කරුණු දෙකක් නැවත හැරී යන අතර එකක් පමණක් ඉතිරිවෙයි. ඔහුගේ පවුල හා ඔහුගේ ධනය නැවත හැරී යන අතර ඔහුගේ ක්රියාව ඉතිරිව පවතී.
عربي الإنجليزية الأوردية
“යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”
عربي الإنجليزية الأوردية
ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය.
عربي الإنجليزية الأوردية
ගැත්තා පතන පාපක්ෂමාව ඔහුගේ ගෙල හිර නොවන තාක් කල් සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් පිළිගන්නේය.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත
عربي الإنجليزية الأوردية
ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු”
عربي الإنجليزية الأوردية
හිරු අවරට යන තැනින් එය උදා වීමට පෙර කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වන්නේ ද අල්ලාහ් ඔහුට පාපක්ෂමාව පිරිනැමීය.
عربي الإنجليزية الأوردية
අපා ගින්න වෙත තහනම් වූ අය කවුරුන් ද? එසේ නැතහොත් අපා ගින්න තමන්ට තහනම් වන අය කවුරුන් ද? යන්න වග මම නුඹලාට දැනුම් දෙන්න ද? කිට්ටුවෙන්, මෛත්රියෙන් මෘදු ලෙස හා සැහැල්ලුවෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම තහනම් වන්නේය.
عربي الإنجليزية الأوردية
කවරෙකු (අල්ලාහ්ට) බිය වූයේ ද ඔහු ඉක්මන් වේ. කවරෙකු ඉක්මන් වූයේ ද ඔහු නිවසට ළඟා වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ඉහළ වටිනාකමින් යුක්ත වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ස්වර්ගය වේ?
عربي الإنجليزية الأوردية
(නිරා වාසීන් වන) ඔවුන් අතර අපා ගින්න ඔහුගේ වළලු කර දෙක දක්වා ඔහුව ග්රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ දණහිස් දෙක දක්වා ඔහුව ග්රහණය කරන අය ද වෙති. ඔවුන් අතර එය ඔහුගේ ඉණ දක්වා ඔහුව ග්රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ උගුරු දණ්ඩ දක්වා ග්රහණය කරන අය ද වෙති.
عربي الإنجليزية الأوردية
“අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි
عربي الإنجليزية الأوردية
එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති.
عربي الإنجليزية الأوردية
“ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත
عربي الإنجليزية الأوردية
මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් කටයුතු කිරීම හා අලංකාර ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත් මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැයි එතුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: “කට හා ලිංගේන්ද්රිය” යැයි පැවසූහ.
عربي الإنجليزية الأوردية
බොරු චෝදනා නැගීම යනු කුමක් දැ?යි මා නුඹලාට දන්වා සිටිය යුතු නොවේ ද! එනම් ජනයා අතර වාචාල ලෙස කේළාම් කීමය.
عربي الإنجليزية الأوردية
රන් දීනාරයට වහල් වූ තැනැත්තා විනාශ විය. රිදී දිර්හමයට වහල් වූ තැනැත්තා විනාශ විය. ලොම් සහිත තුනී රෙදිවලට වහල් වූ තැනැත්තා විනාශ විය. ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. ඔහු විනාශ විය. පාඩු වින්දේය. තවද කටුවක් ඇනුනු විට ඉය ඉවත් කරන්නට කිසිවෙකු ඔහු නොලබනු ඇත.
عربي الإنجليزية الأوردية
තිදෙනෙකු ස්වර්ගයට නොපිවිසෙති. මත්පැන් සදහටම පානය කරන්නා, ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා හා හූනියම සනාථ කරන්නා.
عربي الإنجليزية الأوردية
මුස්ලිම්වරයෙකුගේ හොඳම සන්තකය, කඳු හෙල් හා වැහි බිඳු වැටෙන බිම් වෙත හඹා යන බැටළුවන් මෙන් වීමය.
عربي الإنجليزية الأوردية
නිරය මධ්යයේ සිරාත් පාලම තබනු ලැබේ. ඒ මත ‘සඃදාන්’ ශාඛ වර්ගයේ කටු මෙන් ඝණ කටුවක් තිබේ. පසුව මිනිසුන් අයැද සිටිති. එහි ආරක්ෂා කරනු ලැබ දිවි ගලවා ගන්නා අය වෙයි. තවද එමගින් සීරීමට ලක්ව පසුව දිවි ගලවා ගන්නා අය ද වේ. එමගින් රඳවා තබනු ලැබ, එහි හිස උඩු යටිකුරු අතට පෙරළනු ලබන අය ද වේ.
عربي الإنجليزية الأوردية
“(ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට) නිවේදකයෙක් "සැබැවින්ම නුඹලාට සුව සැපවත් ජීවිතයක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. තවද සැබැවින්ම නුඹලාට ජීවත්වීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලාට තරුණකම ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලාට භුක්ති විඳීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක බලාපොරොත්තු සුන්කර නොගනු ඇත
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.”
عربي الإنجليزية الأوردية
“ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ්: “මම නුඹලාට යමක් අමතරව දීම නුඹලා ප්‍රිය කරන්නෙහු ද?”යැයි විමසයි
عربي الإنجليزية الأوردية
පෙරදිග හෝ අපරදිග ක්ෂිතිජයෙහි දිව යමින් බැබලෙන තාරකාවන් දෙස බලන්නාක් සේ නියත වශයෙන්ම ස්වර්ග වැසියන් ඔවුනට ඉහළින් ඇති කුටිවල වාසය කරන්නන් දෙස බලමින් සිටිති. එය ඔවුන් අතර පවතින තරාතිරම් හේතුවෙනි.
عربي الإنجليزية الأوردية
ස්වර්ගයේ දුන්නක ප්රමාණය කිසිවකු කෙරෙහි හිරු උදාවීමට හෝ එය බැස යාමට හෝ වඩාත් උතුම්ය.
عربي الإنجليزية الأوردية
කාමයේ වරදවා හැසිරීමෙන් තමන්ට හිමි කොටස ආදම්ගේ පුතණුවන්ට නියම කරන ලදී. කිසිදු සැකයකින් තොරව ඔහු එය හිමි කර ගනී. දෑස් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු බැල්ම හෙළීමය. දෙකන් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු ඇසීමය. දිව එය කාමයේ වරදවා හැසිරීම යනු කතා කිරීමය. අත, එය කාමයේ වරදවා හැසිරීම යනු ඇල්ලීමය. පාදය, එය කාමයේ වරදවා හැසිරීම යනු පියවර තැබීමය. සිත ආශා කරයි. ප්රිය කරයි. ලිංගික අවයව එය තහවුරු කරයි. එසේ නොවේ නම් එය බොරු කරයි.
عربي الإنجليزية الأوردية
“කිසිවිටෙක මා දැක නැති නිරාවාසීන් අතරින් කණ්ඩායම් දෙකක් වෙති. හරක් වලිග මෙන් කස අතැතිව සිටින පිරිස්, ඔවුන් ඒවායින් ජනයාට පහර දෙති. අනෙක වස්ත්‍රයෙන් ආවරණය කළ ද නිරුවත්, නොමඟ වෙත කැඳවන, නොමග වෙත නැඹුරුව සිටින කාන්තාවෝය
عربي الإنجليزية الأوردية
සීනුව ෂෙය්තාන්ගේ සංගීත භාණ්ඩයක් වේ.
عربي الإنجليزية الأوردية
“අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.”
عربي الإنجليزية الأوردية
අපා වාසීන්ගෙන් ඉන් බැහැරට එන අවසානයා ගැනත් එමෙන්ම ස්වර්ග වාසීන්ගෙන් එය තුළට පිවිසෙන අවසානයා ගැනත් සැබැවින්ම මම මැනවින් දනිමි. නිරයෙන් බැහැර වී බඩගාමින් එන මිනිසෙකි. එවිට අල්ලාහ් ඔහුට මෙසේ පවසනු ඇත. “ඔබ යනු. ස්වර්ගයට පිවිසෙනු. පසුව ඔහු ඒ වෙත පැමිණෙයි. සැබැවින්ම එය පිරී පවතිනු ඇතැයි ඔහු හිතෙන් මවා ගනියි. පසුව නැවත හැරී ඇවිත් ‘මාගේ පරමාධිපතියාණනි! එය පිරී තිබෙනු මම දුටුමි.
عربي الإنجليزية الأوردية
වළාකුල තුළ මුළා නොවූ දහවලේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේ ද? ඔවුහු: නැත යැයි පැවසුවෝය. වළාකුල තුළ මුළා නොව් පුර පසළොස්වක සඳ දැකීම නුඹලාට අපහසු වන්නේ ද?
عربي الإنجليزية الأوردية
මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ.
عربي الإنجليزية الأوردية
මරණය කළු සුදු මිශ්‍රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ
عربي الإنجليزية الأوردية
ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි
عربي الإنجليزية الأوردية
“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න
عربي الإنجليزية الأوردية
ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය
عربي الإنجليزية الأوردية
එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න
عربي الإنجليزية الأوردية
පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත
عربي الإنجليزية الأوردية
ඔවුන් ඔබට කළ වංචා, ඔබට පිටුපෑ, ඔබට බොරු පැවසූ දෑ ගැන මෙන්ම ඔබ ඔවුනට කළ දඬුවම ගැන විනිශ්චය කරනු ලැබේ
عربي الإنجليزية الأوردية
පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය
عربي الإنجليزية الأوردية
කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“
عربي الإنجليزية الأوردية
මහලු මිනිසෙකුගේ හදවත පැති දෙකකින් තරුණ බව පවතී. එනම්: ලෝකයට ඇති ආදරයෙහි සහ නොනවතින දිගු බලාපොරොත්තුවෙහි ය
عربي الإنجليزية الإندونيسية
ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි
عربي الإنجليزية الإندونيسية
පටියෙන් පටිය වියන ලද පන් පැදුරක් මෙන් හදවත් මත පරීක්ෂණ ඉදිරිපත් වෙයි
عربي الإنجليزية الإندونيسية
අල්ලාහ් විෂයයෙහි සැබැවින්ම මම ඔබට ආදරය කරමි. එවිට ඔහු: ඔබ කවුරුන් වෙනුවෙන් මට ආදරය කළේද ඔහු ඔබට ආදරය කරනු ඇත.
عربي الإنجليزية الأوردية
ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට හා අල් කුර්ආනය උසුලා ගෙන, එහි ඉක්මවා කටයුතු නොකොට ඉන් දුරස් නොවී කටයුතු කරන්නාට ගරු කිරීමත් යුක්තිගරුක බලධාරීන්ට ගරු කිරීමත් නියත වශයෙන්ම අල්ලාහ්ගේ අභිමානයෙන් වූවකි.
عربي الإنجليزية الأوردية
අප අතර සිටින කුඩා අයට සෙනෙහස නොදක්වන්නා ද අපගේ වැඩිහිටියන්ගේ ගෞරවය නොහඳුනන්නාද අපෙන් කෙනෙකු නොවන්නේය.
عربي الإنجليزية الأوردية
ස්වර්ගය හා නිරය තර්ක කර ගනිති. එවිට නිරය: මා තුළ දඩබ්බරයින් හා අහංකාරයින් වෙති. යැයි පවසයි. තවද ස්වර්ගය: මා තුළ ජනයා අතර වූ දුර්වලයින් හා ඔවුන් අතර වූ දුගියන් වෙති යැයි පවසයි.
عربي الإنجليزية الأوردية
ඔබ අතර සිටින දුබලයින්ගෙන් හැර ඔබ උදව් කරනු ලබන්නෙහු ද, පෝෂණය කරනු ලබන්නෙහු ද?
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද?
عربي الإنجليزية الأوردية
මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට ස්වර්ගයකි
عربي الإنجليزية الأوردية
අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක් ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේ මා දුටු වෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.
عربي الإنجليزية الأوردية
නියතවශයෙන්ම යම් මිනිසෙකු නබි තුමානන් කෙරෙහි අඡ්නබි කාන්තාවක් තමාව සිපගත් බව පැමිනිල්ලක් යොමු කල විගස දෙවිදුන් වන අල්ලාහ් මෙසේ පහල කලේය නියතවශයෙන්ම දහවල් කාලයේ හා රාත්රි කාලෙය් කොටසක් සලාතය ඉටු කරනු මැනව සත්යවශයෙන්ම සත් ක්රියාවන් දුර්ක්රියාවන් සියල්ල කමාකරයි යන අදහසින් පහලවූ ඒම වැකිය පැවසූ විගස ඒම මිනිසා මෙය මාහට පමණක්ද යැයි විමසූහ ඒවිට නබි තුමා මුලු සමාඡයටම අයත්ය යැයි පැවසූහ වාර්ථාකරැ ඉබ්නු මස්උෘව්ද් රළියල්ලාහු අන්හු මූලාශ්රය බුහිරි
عربي الإنجليزية الأوردية
වරක් නබි සල්ලල්ලාහු තුමා කෙරෙහි මිනිසෙකු පැමිණ මා වරදක් කළෙමි ඒබැවින් මට දඩුවම් කරන්නෙයි ඔහු පැවසුහ තවද ඔහු නබි තුමා සමග සලාතයද ඉටු කළහ ඊට පසුවද නැවත දඩුවම් කරන්නැයි කියා බැගෑපත්ව හා අසරණව ප්රශ්න කළහ ඒටිට ඒම මිනිසා උදෙසා බලා මෙසේ කීවේය ඔබ අප සමග සලාතය ඉටුකරතිබුනේනම් ඔබගේ පාපයන් සියල්ල කමාකරන ලදී යන අදහසින් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ වාර්ථාතරැ අනස් රළියල්ලාහු අන්හු මූලාශ්රය බුහාරි
عربي الإنجليزية الأوردية
අපට පිරිනමනු ලැබිය යුතු දෑ මෙලොවෙහි අපට පිරිනමනු ලැබීය. අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලබනු ඇතැයි සැබැවින්ම අපි බිය වීමු.
عربي الإنجليزية الأوردية
අහෝ හකීම්! නියත වශයෙන්ම මෙම වස්තූන් සාරවත් හා මිහිරිය
عربي الإنجليزية الأوردية
මම ස්වර්ගයේ දොරටුව අසල සිටගෙන සිටියෙමි. එවිට පොදුවේ දුප්පතුන් එහි පිවිසුණහ. ධනය ඇත්තෝ වළක්වනු ලැබූවෝ වූහ.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම අබූ උබය්දා බහ්රයින් සිට යමක් ගෙනැවිත් ඇති බව නුඹලා සවන් දී ඇතැයි මම සිතමි.
عربي الإنجليزية الأوردية
අහෝ දෙවිඳුනි! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත. අන්සාර්වරුන්ට හා මුහාජිර්වරුන්ට ඔබ සමාව දෙනු මැනව!
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මෙලොව ශාප කරනු ලබන්නකි. එමෙන්ම එහි ඇති දෑ ද ශාප කරනු ලබන්නකි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහු සමීප කරගත් දෑ හා දැනුම ලද්දා හෝ දැනුම හදාරන්නා හැර
عربي الإنجليزية الأوردية
ඔහු මෙන් අය මහපොළොව පිරෙන්නට තරම් සිටියත් ඔහුට වඩා මොහු උතුම්ය.
عربي الإنجليزية الأوردية
අල්ලාහ් අබියස අැති දඬුවම ගැන දේව විශ්වාසවන්තයා දැන ගන්නේ නම් කිසිවෙකු ඔහුගේ ස්වර්ගයට පිවිසීම ගැන ලෝභ නොවෙයි. එමෙන්ම දේව ප්රතික්ෂේපකයකු අල්ලාහ් අබියස අැති කරුණාව ගැන දැන ගන්නේ නම් කිසිවකු ඔහුගේ ස්වර්ගය ගැන බලාපොරොත්තු සුන් කර නොගනියි.
عربي الإنجليزية الأوردية
මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට කවරෙකු මට පොරොන්දු වන්නේ ද ස්වර්ගය පිිළිබඳ මම ඔහුට පොරොන්දු වෙමි.
عربي الإنجليزية الأوردية
අප වෙනුවෙන් ලී කොටවලින් නිවසක් අප තනමින් සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අප අසළින් ගමන් ගත්හ.
عربي الإنجليزية الأوردية
මම ආරෝහණය වූ කල්හි, තඹ නියපොතු සහිත, මුහුණේ සහ පපුවේ සීරීමට ලක් කරමින් සිටි පිරිසක් පසුකර ගියෙමි
عربي الإنجليزية الأوردية
ඔබ කැමති ආහාර පාන පරිභෝජනය කිරීමේ නිදහස ඔබට තිබෙනවා නොවේ ද? නමුත් තම කුස පුරවා ගැනීමට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක මම ඔබේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දැක ඇත්තෙමි.”
عربي الإنجليزية الأوردية
මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත
عربي الإنجليزية الأوردية
මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්‍රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය
عربي الإنجليزية الأوردية
මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත
عربي الإنجليزية الأوردية
ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත
عربي الإنجليزية الأوردية
සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන තරමට ඔබ සැම නිහතමානි විය යුතු බව අල්ලාහ් මට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කර ඇත
عربي الإنجليزية الأوردية
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තුන්දෙනෙකු සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුනට වේදනීය දඬුවම ඇත
عربي الإنجليزية الأوردية
අබූ බක්ර් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමා සතුව වහල් දරුවකු විය. එතුමා ඔහු වෙනුවෙන් දෛනික දීමනාවක් නිකුත් කරයි. එම දෛනික දීමනාවෙන් අබූ බක්ර් තුමා ද අනුභව කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්ගේ-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔටු දෙන අළ්බාඃ තරඟ නොවදින්නෙකු විය.
عربي الإنجليزية الأوردية
මෙලොව යහපත පිණිස වත්කම් නොගන්න” යනුවෙනි
عربي الإنجليزية الأوردية
නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඉරි කිහිපයක් ඇද මෙය මිනිසාය මෙය ඔහුගේ අවසන් කාලයයි. ඒ අතර ඔහු මෙසේය එවිට කෙටි රේඛා ගෙන ආහ.
عربي الإنجليزية الأوردية
සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත
عربي الإنجليزية الأوردية
සැබැවින්ම ස්වර්ගයේ වෙළඳ පොළක් ඇත. සෑම සිකුරාදා දිනකම ඔවුහු එහි පැමිණෙති
عربي الإنجليزية الأوردية
පාපකම් ලියැවෙන වසයට පත් නොවූ දරුවන් තිදෙනෙකු මිය ගිය මුස්ලිම්වරයකු වනාහි, ඔවුන් වෙත වූ ඔහුගේ කරුණාවෙහි භාග්යය හේතුවෙන් අල්ලාහ් ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු මිස නැත.
عربي الإنجليزية الأوردية
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතර මුළින්ම තීන්දු දෙනු ලබනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ මිනිසාටය. ඔහු කැඳවා ගෙන එනු ලැබ, ඔහුට හිමි ආශිර්වාදයන් ඔහුට දන්වා සිටියි. එවිට ඔහු එය හඳුනා ගනී. මෙහි කුමක් සිදු කළෙහිද යැයි විමසයි. එවිට ඔහු: මම දිවි පුදන තෙක් ඔබ වෙනුවෙන් සටන් කළෙමි යැයි පවසයි.
عربي الإنجليزية الأوردية
හදිසි බැල්ම ගැන මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසා සිටියෙමි. එවිට මගේ බැල්ම මා වෙනතකට යොමු කළ යුතු යැයි එතුමාණෝ මට නියෝග කළහ
عربي الإنجليزية الأوردية
අල්ලාහ් තහනම් කර ඇති මෙම අපිරිසිදුකමින් ඔබ වැළකී සිටින්න. එහෙයින් කවරෙකු මෙම දේවල් සිදු කළේ ද අල්ලාහ්ගේ ආවරණයෙන් ඔහු සඟවා ගත යුතු අතර අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත විය යුතුය. කවරෙකු තම පාපය අපට හෙළි කරන්නේ ද අපි ඔහු වෙත සර්වබලධාරී අල්ලාහ්ගේ නියමය ක්‍රියාත්මක කරන්නෙමු
عربي الإنجليزية الأوردية
ඇත්ත වශයෙන්ම, සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත. නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත
عربي الإنجليزية الأوردية
සැබැවින්ම ගැත්තා සලාතය ඉටු කරයි. නමුත් ඔහුට ඒ සඳහා කුසල් සටහන් කරනු ලබනුයේ දහයෙන් එකක්, නවයෙන් එකක්, අටෙන් එකක්, හතෙන් එකක්, හයෙන් එකක්, පහෙන් එකක්, හතරෙන් එකක්, තුනෙන් එකක් හා අඩක් වශයෙනි
عربي الإنجليزية الأوردية
කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව
عربي الإنجليزية الإندونيسية
මට හා මෙලොවට කිසිවක් නැත. මා මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත
عربي الإنجليزية الإندونيسية
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ අය එක් දිනක දෙවරක් ආහාර ගත්තේ නැත, එසේ ගෙන තිබුණත් දෙවේලෙන් එකක් රටඉඳි වලින් විය
عربي الإنجليزية الأوردية
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත
عربي الإنجليزية الأوردية
උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?
عربي الإنجليزية الأوردية
අම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට දෙමි තවත් පෙළක් මා අත පසු කරමි මා කවරෙකුට නොදී අතපසු කරන්නේද ඔහු මට ඉතා ස්නේහවන්තයකි මා තවත් පිරිසකට ඔවුන්ගේ හදවත් තුල තිබෙන්නාවු බිය දැඩි තිගැස්ම සදහා දෙමි තවත් සමරවරැන්ගේ සිත් තුල අල්ලාහ් දී අැති ධනවත්කම හා අනෙකුත් යහපත කරැණුපතා නොදෙන්නෙමි අම්ර් ඉබ්නු තංලිබ් නැමැත්තාද ඒවැනි කෙනෙකි යැයි පැවසූහ තවද අම්ර් ඉබ්නු තලිබ් රළියල්ලාහු මෙසේ පවසයි නබි තුමාණන්ගේ මෙම ඔවදන කියමන රතු පැහැති ඔටුවන් මට ලැබුණද මා ඒය ප්රිය නොකරමී
عربي الإنجليزية الأوردية
තම රැවුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් හා තම කුකුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් අල්ලාහ් කවරෙකුව ආරක්ෂා කළේ ද ඔහු ස්වර්ගයට පිවිසීය.
عربي الإنجليزية الأوردية
ඔබ අහසේ තරු දකින්නාක් මෙන් නියත වශයෙන්ම ස්වර්ග වැසියෝ ස්වර්ගයේ කුටි දකිනු ඇත.
عربي الإنجليزية الأوردية
ඔබට පෙර සිටි අය අතර තුවාල වූ මිනිසෙක් විය. ඔහු කලබල වී පිහියක් ගෙන එමගින් ඔහුගේ අත කපා ගත්තේය. මිය යන තෙක්ම රුධිරය නතර නොවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මාගේ ගැත්තා මා වෙත පැමිණියේය. ඔහුට ස්වර්ගය තහනම් කළෙමි
عربي الإنجليزية الأوردية
අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය
عربي الإنجليزية الأوردية
“නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න
عربي الإنجليزية الأوردية
“ඔබට වඩා පහළ තත්ත්වයේ පසු වන ජනතාව දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඔබට වඩා ඉහළ තත්ත්වයේ සිටින ජනතාව වෙත අවධානය යොමු නොකරන්න. අල්ලාහ්ගෙන් ඔබට දෙන ලද ආශීර්වාද පිළිබඳ ව ඒවා අල්ප ලෙස ඔබ නොසැලකීමට මෙය කදිම ක්‍රමය වේ.”
عربي الإنجليزية الأوردية
“ආශිර්වාද දෙකක් ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒ දෙක ගැන නොසැලකිල්ලෙන් පසුවෙති. ඒවානම්: නිරෝගීකම හා විවේකයයි.”
عربي الإنجليزية الأوردية
කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය
عربي الإنجليزية الأوردية
ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි
عربي الإنجليزية الأوردية
ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත
عربي الإنجليزية الأوردية
“ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත කූඩාරමක් වෙයි. එහි උස සැතපුම් හැටකි. දේවත්වය විශ්වාස කරන්නාට ඔහු වැනි වෙනත් අය එහි වෙති. දේවත්වය විශ්වාස කරන එම තැනැත්තා ඔවුන් වටා සැරිසරයි. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක්ව නොදකිනු ඇත.”
عربي الإنجليزية الأوردية
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මිනීවළ මතුලොව ස්ථාන අතරින් පළමු නිවහන වේ. ඉන් සමත් වූයේ නම්, ඉන් පසු ඇති දෑ ඊට වඩා පහසු වනු ඇත. නමුත් ඉන් අසමත් වූයේ නම් එවිට ඉන්පසු ඇති දෑ ඊට වඩා දරුණු වනු ඇත
عربي الإنجليزية الأوردية
ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම පුර පසළොස්වක රාත්‍රියේ සඳෙහි ස්වරූපය මෙන් පවතී, ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත
عربي الإنجليزية الإندونيسية
කවරෙකු කන්දෙන් පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී නිරන්තරයෙන්ම එසේ පණිමින් සිටියි
عربي الإنجليزية الإندونيسية
අල්ලාහ්ට කිසිවක් ඔබ ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්,
عربي الإنجليزية الإندونيسية
ඉස්ලාමය අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය අමුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම නැවත අමුතු දෙයක් ලෙස පෙරළී යනු ඇත. එබැවින් ආගන්තුකයින්ට සුබ ම වේවා!
عربي الإنجليزية الإندونيسية
සුළු පාපයන් ගැන මම ඔබට අවවාද කරමි
عربي الإنجليزية الإندونيسية
උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති
عربي الإنجليزية الإندونيسية