+ -

عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنَّ أَهْوَنَ أَهْلِ النَّارِ عَذَابًا مَنْ لَهُ نَعْلَانِ وَشِرَاكَانِ مِنْ نَارٍ، يَغْلِي مِنْهُمَا دِمَاغُهُ كَمَا يَغْلِ الْمِرْجَلُ، مَا يَرَى أَنَّ أَحَدًا أَشَدُّ مِنْهُ عَذَابًا، وَإِنَّهُ لَأَهْوَنُهُمْ عَذَابًا».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 213]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා වාසීන්ට හිමිවන වඩාත් සැහැල්ලු දඬුවම, තම දෙපතුල යට තබන ලද ගිනි පෙණලි දෙකකි. වතුර උතුරා යන්නා සේ ඔහුගේ මොළය එමගින් උණු වී උතුරා යයි. මීට වඩා දරුණු ලෙස දඬුවම් විදින කිසිවකු ඔහු දකින්නේ නැත. සැබැවින්ම ඔවුන්ට හිමිවන සැහැල්ලුම දඬුවම එය වේ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 213]

විවරණය

"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා වාසීන්ට හිමිවන වඩාත් සැහැල්ලුම දඬුවම වනුයේ, පටි සහිත සෙරප්පු ජෝඩු දෙකකි. තඹ බඳුනක ජලය නටනවාක් මෙන් ඒ දෙකෙහි උණුසුම හේතුවෙන් ඔහුගේ මොළය උණු වී උතුරා යනු ඇත. මීට වඩා දරුණු ලෙස දඬුවම් විඳින කිසිවකු ඔහු නොදකිනු ඇත. සැබැවින්ම ඔවුන්ට හිමිවන සැහැල්ලුම දඬුවම එයයි. එනම් ශාරීරික හා මානසික දඬුවම එකට පවතී." යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) දැන්වුහ.

හදීසයේ හරය

  1. අපා ගින්නේ දඬුවමේ ඇති භයානක කම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා පිටුපාන්නන් හට අනතුරු ඇඟවීම. එය ඔවුනට අත්වන වේදනාවෙන් ඔවුන් දුරස් වනු පිණිස ය.
  2. අපා ගින්නට ඇතුළු වන අයගේ මට්ටම ඔවුන් කළ නරක ක්‍රියාවන් අනුව වෙනස් වේ.
  3. අපා ගින්නේ දඬුවමේ බරපතලකම: අල්ලාහ් එයින් අපව ආරක්ෂා කරත්වා!
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية النيبالية الدرية الرومانية المجرية الموري Kannada الولوف الأوكرانية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර