عن ابن مسعود رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم:
«الْجَنَّةُ أَقْرَبُ إِلَى أَحَدِكُمْ مِنْ شِرَاكِ نَعْلِهِ، وَالنَّارُ مِثْلُ ذَلِكَ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6488]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු වෙත ඔහුගේ පාවහන් පටියට වඩා සමීපයෙන් ස්වර්ගය පිහිටයි. එමෙන්ම අපා ගින්න ද පිහිටයි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 6488]

විවරණය

පාවහන් මතුපිටින් ඇති පටිය සමීපයෙන් පවතින්නාක් මෙන් සැබැවින්ම ස්වර්ගය හා නිරය මිනිසාට සමීපයෙන් පවතින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. හේතුව සැබැවින්ම ඔහු සර්වබලධාරී අල්ලාහ්ට තෘප්තිමත් කටයුතු අතරින් අවනත වීමේ කටයුතු වල නිරත වෙයි. එමගින් ඔහු ස්වර්ගයට පිවිසෙයි. එසේ නැතහොත් ඔහු පාපයක් සිදු කරයි. එය නිරයට පිවසීමට හේතුවක් වේ.

හදීසයේ හරය

  1. යහපත සුළුවෙන් වුව ද සිදු කිරීමට උනන්දු කරවීම, අයහපත ද සුළුවෙන් වුව ද ඒ ගැන අනතුරු ඇඟවීම.
  2. මුස්ලිම්වරයකුට තම ජීවිතය තුළ යහපත් අපේක්ෂාව හා බිය යන දෙක අතර ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. සැමවිටම ශුද්ධ වූ අල්ලාහ්ගෙන් කන්නලව් කිරීම ආරක්ෂාව ලබා, තමන් එහි නොරැවටෙන තරමට සත්‍යය මත ස්ථාවර සිටීමට උපකාරී වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර