عن ابن عمر رضي الله عنهما : أن رسول الله صلى الله عليه وسلم قال: «الخَيْل مَعقُودٌ في نَوَاصِيهَا الخَيْر إلى يوم القِيامة». وعن عروة البارقي رضي الله عنه : أن النبي صلى الله عليه وسلم قال: «الخيل مَعقُودٌ في نَوَاصِيهَا الخَيْر إلى يوم القيامة: الأجر، والمَغْنَم».
[صحيح] - [حديث ابن عمر متفق عليه. وهذا لفظ البخاري. حديث عروة البارقي متفق عليه]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී.“ උර්වා අල් බාර්කී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී. එනම්: කුසල් හා යුධ භාණ්ඩ.“
පූර්ව සාධක සහිත හදීසයකි. - මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත.

විවරණය

අශ්වයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඌ සමග යහපත බැදී පවතී. එනම් අල්ලාහ්ගේ මාර්ගයෙහි අශ්වයාව රඳවා තැබීම මඟින් පවතින කුසල්ය. එය මතුලොවෙහි යහපතය. එමෙන්ම සතුරා විසින් හැර දමා මුජාහිද් වරයකු උපයා ගන්නා යුධ සම්පත්ය. එය මෙලොවෙහි යහපතය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර