عن عبدالله بن عباس رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال: «ما من أيام العمل الصالح فيها أحب إلى الله من هذه الأيام» يعني أيام العشر. قالوا: يا رسول الله، ولا الجهاد في سبيل الله؟ قال: «ولا الجهاد في سبيل الله، إلا رجل خرج بنفسه وماله، فلم يَرْجِعْ من ذلك بشيء»
[صحيح] - [رواه البخاري، وهذا لفظ أبي داود وغيره]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“දැහැමි ක්රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්රිය මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් (ඊටත් වඩා ප්රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝය. එතුමා: "c2">“අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කොට පිටත්ව ගොස් ඒ කිසිවක් සමග නැවත හැරී නොඑන මිනිසා හැර” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

"c2">“දැහැමි ක්රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්රිය මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දුල් හිජ්ජා මාසයේ දින දහයයි. ඔවුන්: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම (ඊටත් වඩා ප්රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටි විට එතුමා: "c2">“අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කොට පිටත්ව ගොස් ඒ කිසිවක් සමග නැවත හැරී නොඑන මිනිසා හැර” යැයි පැවසූහ. එතුමාණන්ගේ ප්රකාශයේ "c2">“දැහැමි ක්රියාවන්” යන්නෙහි සලාතය, සදකාව නොහොත් දානය, උපවාසය, දෙවියන් මෙනෙහි කිරීම, විභූතිමත් කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, දෙමව්පියන්ට උවටැන් කිරීම, ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීම, මැවීම් සමග යහපත් අයුරින් කටයුතු කිරීම හා එවැනි වෙනත් දැහැමි ක්රියාවන් ඇතුළත් වෙයි. දුල් හිජ්ජා මාසයේ ආරම්භක දින දහයේ උපවාසයේ නිරත වීම පොදුවේ යහපත් කටයුතු අතරට ඇතුළත් වන්නේය. නමුත් දසවැනි දින උත්සව දිනය වන බැවින් එදින උපවාසයේ නිරත වීම ඉන් වෙන් කොට ඇත. දුල් හිජ්ජා ආරම්භක දින දහයේ දැහැමි ක්රියාවන්වල නිරත වීමේ මහිමය මෙහි පෙන්වා දී ඇත. එමෙන්ම ක්රියාවන් අතරින් උතුම්ම ක්රියාව ජීවිත කැප කරමින් සත්යය සඳහා අරගල කිරීම යැයි ද පෙන්වා දී ඇත. සහාබාවරුන් “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම (ඊටත් වඩා ප්රිය මනාප) නොවන්නේ ද?’ යැයි විමසා සිටියේ එබැවිනි. කලාතුරකින් ඇතිවන මෙවන් තත්ත්වයක අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය හා තම සම්පත් එනම්, තම ආයුධ හා වාහනික සතුන් කැප කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන මිනිසෙකු ඒ සඳහා පිටත්ව ගොස් පසුව ඔහු ඝාතනය කරනු ලැබී; ඔහුගේ අවි ආයුධ සහ ඔහුගේ වාහනික සතුන් සතුරාන් විසින් අත්පත් කර ගනු ලැබේ. මෙහිදී ද ඔහුගේ ජීවිත හා ඔහුගේ සම්පත් පරිත්යාග කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරන බැවීන් එය එසේ අරගල කරන්නෙකුට වඩා උතුම් වන්නේය. මෙම දින දහයේ සිදු කරන ක්රියාවන් අතරින් ජිහාද් කිරීමට සිදු වූ විටෙක උතුම්ම ක්රියාව වනුයේ එයයි. එම ක්රියාව මෙම දින දහය තුළ සිදු වූ විටෙක එහි මහිමය ගුණ වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. වසරේ දින අතරින් දුල් හජ් මාසයේ දින දහයේ මහිමය.
  2. දුල් හිජ්ජා ආරම්භක දින දහයේ උපවාසයේ නිරත වීමේ සතුටු දායක වේ.
  3. ඉස්ලාමය තුළ සත්යය වෙනුවෙන් අරගල කිරීමේ අතිමහත් මහිමය.
  4. ඇතැම් කාලයන් ඇතැම් කාලවලට වඩා මහිමයට පත් කර තිබීම.
  5. ගැටලුවක් ඇති දෙයක් විමසා සිටීම ඇරයුම් කරනු ලබන්නන්ගේ විනයකි.