+ -

عن أبي قتادة الحارث بن رِبْعِيِّ رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم : أَنَّهُ قامَ فيهم، فذكرَ لهم أَنَّ الجهادَ في سبيلِ اللهِ، والإيمانَ باللهِ أفضلُ الأعمالِ، فقامَ رَجُلٌ، فقال: يا رسولَ اللهِ، أرأيتَ إن قُتِلْتُ في سبيلِ اللهِ، تُكَفَّرُ عَنِّي خَطَايَايَ؟ فقالَ له رسولُ اللهِ صلى الله عليه وسلم : «نعم، إنْ قُتِلْتَ في سبيلِ اللهِ، وأنتَ صَابِرٌ مُحْتَسِبٌ، مُقْبِلٌ غَيْرُ مُدْبِرٍ». ثم قال رسولُ اللهِ صلى الله عليه وسلم : «كَيْفَ قُلْتَ؟» قال: أَرَأَيتَ إنْ قُتِلْتُ في سَبِيلِ اللهِ، أَتُكَفَّرُ عَنِّي خَطَايَايَ؟ فقالَ له رسولُ اللهِ صلى الله عليه وسلم : «نعم، وأنتَ صَابِرٌ مُحْتَسِبٌ، مُقْبِلٌ غَيْرُ مُدْبِرٍ، إلا الدَّيْنَ؛ فَإنَّ جِبْرِيلَ -عليه السلام- قالَ لِي ذَلِكَ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගැන අබූ කතාදා අල් හාරිස් ඉබ්නු රිබ්ඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා ඔවුන් අතර නැගී සිට සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් අල්ලාහ්ව විශ්වාස කිරීමත් ක්රියාවන් අතරින් වඩාත්ම උතුම් වන්නේ යැයි ඔවුනට මෙනෙහි කළහ. එවිට මිනිසෙකු නැගිට “අල්ලාහ්ගේ දූතයාණනි සැබැවින්ම මා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපකම් මගෙන් පහව යෑම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද? යැයි විමසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් ඔහුට: “එසේය, ඔබ පසු නොබැස පෙරට යන, කුසල් බලාපොරොත්තුවෙන් ඉවසීමෙන් සිටින තත්ත්වයේ අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ ඝාතනය කරනු ලැබුවේ නම්” යැයි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් නැවතත්: “ඔබ කුමක් ඇසුවෙහි ද?” යැයි විමසූහ. එවිට ඔහු “සැබැවින්ම මා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපයන් මගෙන් පහව යනු ඇත්ද? යන්න ගැන විමසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් ඔහුට: “එසේය, ඔබ පසු නොබැස පෙරට යන, කුසල් බලාපොරොත්තුවෙන් ඉවසීමෙන් සිටින තත්ත්වයේ අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ ඝාතනය කරනු ලැබුවේ නම්, නමුත් ණය හැරය. සැබැවින්ම ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා එය මට පැවසීය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහාබාවරුන් අතර දේශනා කරන්නට නැගී සිටියහ. එවිට අල්ලාහ්ගේ වදන උසස් කරවීම සඳහා අරගල කිරීමත් අල්ලාහ් විශ්වාස කිරීමත් ක්රියාවන් අතරින් වඩාත් උතුම් වන්නේ යැයි එතුමා ඔවුනට මතක් කළහ. එවිට මිනිසෙකු නැගිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසූහ. අල්ලාහ්ගේ වදන උසස් වීම පිණිස මා ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපකම් වලට මට සමාව දෙනු ලබන්නේ ද යන්න ගැන ඔබ අදහස් කරන්නේ කුමක්ද යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එසේය, නමුත් ඔබ අල්ලාහ්ට අවංකව ඔබට අතවන දේ විද දරා ගෙන ඉවසීමෙන් යුතුව ජිහාද් පිටියෙන් පළා නොයන තත්ත්වයක මිය යැමේ කොන්දේසිය මතය. යැයි පැවසූහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කරුණක් පහළ විය. එය ණය ගැනයි. සැබැවින්ම ජිහාද් නම් අරගලය හා ෂහාදා නම් දිවි පිදීම මිනිසා සතු වගකීම් වලදී සමාව දෙනු නොලබනු ඇත යැයි දන්වා සිටියේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර