නබි වදන් ලැයිස්තුව

කවරෙකු හජ් වන්දනාව ඉටු කර (එම කාලය තුළ තම බිරිය සමග) කාමයේ නොහැසිරී, පාපකම්හි නොවැටී සිටියේ ද ඔහුගේ මව ඔහු ප්රසූත කළ දිනය මෙන් ඔහු නැවත හැරෙනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“ආහාර ඉදිරියේ සලාතය නැත. එමෙන්ම මල හා මූත්රා කිසිවකු දරන්නේ නම් ඔහුට ද සලාතය නැත.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටියදී ‘ඔබ නිහඬවනු’ යැයි ඔබ ඔබේ මිතුරාට පැවසූ විට සැබැවින්ම ඔබ එය නිෂ්ඵල කර ගත්තේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පැවත එන කරුණු පහකි.: ලිංග චර්ම ඡේදනය, ලිංගාශ්රිත රෝම කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
උඩු රැවුල කපා, යටි රැවුල වැවෙන්නට හරින්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු මා මේ වුළූ ධෝවනය කරන පරිදි වුළූ ධෝවනය කර; පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර; ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට ඔහුට සමාව දෙනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ අල්ලාහ්! මාගේ මිනීවල නැමදුම් ලබන ස්මාරකයක් බවට පත් නොකරනු මැනව! තම නබිවරුන්ගේ මිනීවළවල් දේවස්ථාන ලෙස ගත් ජනයා කෙරෙහි අල්ලාහ්ගේ උදහස දැඩි විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. එහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම් ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට; ඒ සඳහා ඉකාමත් කියනු ලැබ; පසුව මිනිසෙකුට නියෝග කොට ඔහු ජනයාට සලාතය මෙහෙයවා; පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිසක් වෙත ගමන් කර; ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවකු හෝ කිල්ලට හසු වූ විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පමරාධිපතිට තෘප්තිය ඇති කරන්නකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මහා පාපයන්ගෙන් වැළකී සිටින විට, පස්වේල සලාතයත්, ජුමුආ වෙන් ජුමුආවටත්, රමළානයෙන් රමළානයටත් ඒවා අතර සිදුවන දෑ සඳහා ඒවා ප්රතිකර්මයන් වනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු කද්ර් රාත්රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්රියේ නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මියගිය ඇත්තන්හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ශීඝ්රයෙන් ගිය අය වෙති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ රැකවරණය තුළ වෙයි. ඔහුගේ රැකවරණයේ පවතින කිසිවක් ගැන අල්ලාහ් ඔබෙන් ප්රශ්න නොකළ යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සදකා නොහොත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි. අල්ලාහ් ගැත්තාට සමාව දීම තුළින් ගෞරවය මිස වෙනකක් වැඩි වන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද කීර්තිමත් අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
‘ආදම්ගේ පුතණුවනි, නුඹ වියදම් කරනු. නුඹ මත වියදම් කරනු ලැබේ.’ යැයි උත්තරීතර අල්ලාහ් පැවසීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සෑම සලාතයකටම පසුව සලාම් පවසන අවස්ථාවේ එතුමා මෙසේ පවසන්නට වූහ.“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන් ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දැහැමි ක්රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්රිය මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ ක්රියාව නිෂ්ඵල වේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු වුළූ ගෙන එම ධෝවනය ඔහු නිසි ලෙස සිදු කළේ ද ඔහුගේ ශරීරයෙන් ඔහුගේ පාපකම් ඉවත්ව යයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මූත්රා කිරීමෙන් පසු නුඹලා පිරිසිදු කර ගන්න. සැබැවින්ම මිණීවල තුළ පොදු වූ දඬුවම වනුයේ ඒ ගැනය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා මිනීවළවල් ඉදිරියේ සලාත් ඉටු නොකරනු. ඒ මත වාඩිවී නොසිටිනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසෙකු හෝ මිය ගිය විට හෝ ඔහුගේ මිනිවළ මත දේවස්ථාන ඉදි කළෝය. එහි එම පින්තූරු නිර්මාණය කළෝය. අල්ලාහ් අබියස වඩාත් නපුරුම ජනයා ඔවුහුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නළලත් සමග තම නාසය, අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු දෙස තම අතින් පෙන්වා ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි. වස්ත්රය හෝ කෙස් හෝ අප එකතු නොකළ යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී,වආෆිනී, වහ්දිනී, වර්සුක්නී යනුවෙන් පවසන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සලාතයෙන් හැරුණු විට තුන් වරක් අල්ලාහ්ගෙන් සමාව අයැද: ‘අල්ලාහුම්ම අන්තස්-සලාම් වමින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්’ යා අල්ලාහ් ඔබ ශාන්තය. ශාන්තභාවය ඔබෙන් වන්නකි. කීර්තියෙන් හා ත්යාගශීලී භාවයෙන් යුක්ත ඔබ උත්කෘෂ්ඨ විය.’
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ නැගිට සිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අන්ධ මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණෙනි! මාව මස්ජිදය වෙත කැටුවාගෙන යන්නට කිසිදු මෙහෙකරුවකු නැත. යැයි පවසා තම නිවසේ සලාතය ඉටු කිරීමට අවසරය ඉල්ලා සිටියේය. එවිට එතුමා ඔහුට අවසරය දුන්හ. පසුව ඔහු හැරුණු විට නැවත ඔහුව අමතා: ‘සලාතයේ ඇරයුම ඔබට ඇසෙන්නේද? යැයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුනි. එතුමා: ‘එසේනම් පිළිතුරු දෙනු.’ යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සලාතය මෙහෙයවන ඉමාම් යම් තත්ත්වයක සිටියදී ඔබ අතරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, සලාතය මෙහෙයවන ඉමාම් සිදු කරන දේ මෙන්ම ඔහු ද සිදු කළ යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු ගිවිසගත් අයකු මරා දැමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්රාණය නොකරන්නේමය. සැබැවින්ම එහි ගන්ධය වසර හතළිහක දුරකින් දකිනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අනිවාර්යය කටයුතු මත පමණක් සීමා වීම.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පිරිසිදුකම දේව විශ්වාසයේ අඩකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මුඅද්දින් (සලාතය සඳහා ඇරයුම් කරන්නා) 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට ඔබ අතරින් කවරෙකු 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය." ‍
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රමළාන්හි උම්රා ඉටු කිරීම හජ් ඉටු කිරීමට සම වන්නේය. - නැතහොත් මා සමග හජ් ඉටු කිරීමට... (සම වන්නේය)
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සෑම රමළාන් මාසයකම දින දහයක් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියහ. එතුමාගේ ජීවිතය අත්පත් කරගනු ලැබූ වසරේදී එතුමා දින විස්සක් ඉඃතිකාෆ්හි යෙදුණහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
(කාන්තාවනි!) නුඹලාට වඩාත් උතුම් ජිහාදය වනුයේ පිළිගනු ලබන හජ් වන්දනාවය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දියත් කළ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කරනු ලැබ තිබීම දකින්නට ලැබිණ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ වදන, එය උසස්භාවයට පත්වනු පිණිස කවරෙකු අරගල කරන්නේ ද ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නෙකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ සලාතයට ඇරයුම් කරන මුඅද්දින්ට සවන් දුන් විට ඔහු පවසන දෑම ඔබද පවසන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හම් මේස් සපත්තු කුට්ටම ගලවන්නට නැවී අත දිගු කළෙමි. එවිට එතුමා ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ තිබියදී පැළඳ ඇත්තෙමි යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ් (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසා සිටි බව වාර්තා කළාය. ‘සැබැවින්ම මම ඔසප් තත්ත්වයට පත් වී, පිරිසිදු තත්ත්වය නොලබමි. එබැවින්ම මම සලාතය අතහරින්නද? යැයි විමසුවාය. එතුමා: ‘එපා, සැබැවින්ම එය දහඩියයි. නමුත් ඔබ ඔසප් තත්ත්වයට පත්වන දිනවල ප්රමාණයට සලාතය අතහැර පසුව ස්නානය කොට සලාතය ඉටු කරන්න යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“නුඹලාගේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“ඔබ අතුරින් කිසිවකු වුළු ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය පිරිසිදු කළ යුතුය. ඔබ අතුරින් කිසිවකු (තම අවශ්යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්යාවක් භාවිත කරත්වා! ඔබ අතරින් කිසිවකු තම නින්දෙන් අවදි වූ විට තම දෙඅත් භාජනයට දැමීමට පෙර සෝදා ගනිත්වා! හේතුව සැබැවින්ම රාත්රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ අතුරින් කිසිවෙකු නොදන්නා බැවිනි.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉන්පසු රකආත් දෙකක් ද ජුමුආ සලාතයට පසු රකආත් දෙකක් ද මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක් ද ඉෂා සලාතයට පසු රකආත් දෙකක් ද අල්ලාහ්ගේ දූතයාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රාත්රියෙන් අවදි වූ විට මිස්වාක් දැහැටියෙන් තම මුඛය මදින්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සලාතයේදී යමක් තමන්ට දැනුනු බව අනුමාන කරන මිනිසෙක් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණිලි කර සිටියේය. එවිට එතුමා: හඬක් ඇසෙන තෙක් හෝ වාතයක් දැනෙන තෙක් හෝ හැරී නොයා යුතු යැයි පවසා සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සලාතය ඉටු කිරීම සඳහා ඇරයුම් කරනු ලැබ, රාත්රී භෝජනය ද ගෙනැවිත් ඇති විටෙක රාත්රී භෝජනයෙන් ආරම්භ කරන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“මම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන් සමග සිටියෙමි. එවිට එතුමා මූත්රා කළහ. වූළු ධෝවනය කළහ. එතුමාගේ පා ආවරණ දෙක මත (ජලයෙන්) පිරිමැද්දාහ.“
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“ඔබ මලපහ කිරීමට පැමිණෙන්නේ නම්, මලපහ කරන විට දී හෝ මූත්රා කරන විට දී හෝ කිබ්ලා දිසාවට මුහුණ නොපානු. තවද එයට පසුපස නොපානු. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හැරෙනු.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“කෙනෙකු මූත්රා කරන විට දී දකුණතින් තම ලිංගය ඇල්ලිය නොයුතුය. වැසිකිළි ගිය පසු තම දකුණතින් සේදිය නොයුතුය. (පානය කරන) භාජනය තුළ හුස්ම නොගත යුතුය.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්-තුමාණෝ සුබ්හු සලාතයෙන් පසු ව හිරු උදා වන තෙක් ද අසර් සලාතයෙන් පසු ව හිරු අවරට යන තෙක් ද සලාතය ඉටු කිරීමෙන් වැළැක් වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝ බිය විය යුතු නොවේ ද?”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණෝ සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් එසවූහ.“
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල් කුර්ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: “අහෝ අල්ලාහ්! සැබැවින්ම මිනීවලෙහි ඇති වේදනාවෙන්ද අපා ගින්නේ වේදනාවෙන්ද ජීවිතයේ මෙන්ම මරණයේ අර්බුධයෙන්ද මසීහුද් දජ්ජාල්ගේ අර්බුධයෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි” යැයි ප්රාර්ථනා කරන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ මව හා මාගේ පියා ඔබට කැප කරමි. (සලාතයේ) තක්බීරය හා කුර්ආන් සද්ගායනාව අතර ඔබේ නිහඬතාවයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද? යැයි විමසා සිටියේය. එවිට එතුමා ‘මම මෙසේ පවසමි.’ අහෝ, අහෝ දෙවියනි, සුදු වස්ත්රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි, මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම බාහු දෙක දිගු නොකළ යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාගේ පාවහන් යුවල පැළඳ සලාත් ඉටු කරන්නෙකු ලෙස සිටියෙහු ද? යැයි මම අනස් ඉබ්නු මාලික් තුමාගෙන් විමසුවෙමි. එතුමා: එසේය යැයි පිළිතුරු දුන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ කිසිවෙකුගේ භාජනයක සුනඛයා පානය කළ විට, එය සත් වතාවක් සෝදා හරින්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ අල්ලාහ්! පුරුෂ ෂෙයිතානුන්ගෙන් හා ස්ත්රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු උත්තරීතර අල්ලාහ්ගෙන් සැබෑ ලෙසින්ම දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද ඔහුව දිවි පිදූවන්ගේ නිලයන්ට ඔහු ළඟා කරවනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
(හජ් වන්දනාකරුවන් වන) ඔවුන්ගේ අවසන් ගිවිසුම දේව නිවස (තවාෆ් කිරීමත්) සමග විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසුනට නියෝග කළේය. නමුත් ඔසප් තත්වයේ පසු වන කාන්තාවට සහන සලසන ලදී.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙනුවෙන් ජනාබත් ස්නානය සඳහා මම ජලය ගෙනැවිත් තැබුවෙමි. එතුමාගේ දකුණතින් එතුමාගේ වම් අතට දෙවතාවක් හෝ තුන්වතාවක් හෝ වක් කොට පසුව තම ලිංගේන්ද්රිය සෝදා ගත්හ. පසුව තම අත පොළොවේ ඇතුල්ලුවේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ජනාබත් තත්ත්වයෙන් (මිදීම සඳහා) ස්නානය කරන විට එතුමාගේ අත් දෙක සෝදා හැර පසුව සලාතය සඳහා වුළූ ගන්නාක් මෙන් වුළූ ගෙන පසුව ස්නානය කරන්නකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ මිනීවල උත්සව සමරන්නට නොගන්න. නුඹලාගේ නිවාස මිනීවලවල් බවට පත් කර නොගන්න. නුඹලා මට සලවාත් පවසන්න. සැබැවින්ම නුඹලාගේ සලාම් පැවසීම නුඹලා කොතැනක සිටිය ද මා හට දන්වනු ලබනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මම ශ්රාවය (ශුක්රාණු) අධික ලෙස හට ගැනෙන පුද්ගලයකු වූයෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දුවගේ ස්ථානය මා වෙත පවතින බැවින් ඒ ගැන අසන්නට මම ලැජ්ජා වූයෙමි. පසුව මම අල් මික්දාද් ඉබ්නු අල් අස්වද්ට (ඒ ගැන විමසන මෙන්) නියෝග කළෙමි. හෙතෙම එතුමාගෙන් විමසූ විට එතුමා: (එවැන්නෙකු) ‘ඔහුගේ ලිංගේන්ද්රිය සෝදා වුළු ධෝවනය කර ගනියි’ යැයි පැවසීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
‘අල්ලාහ් වෙත වඩාත් ප්රිය මනාප ක්රියාව කුමක් දැ?’යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසුවෙමි. එතුමා: ‘සලාතය නියමිත වේලාවේ ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. ‘ඉන්පසු කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා: ‘දෙමව්පියන්ට උපකාර උවටැන් කිරීම’ යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් “අහෝ දෙවියනි වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් කෙනා “අහෝ දෙවියනි රැස් කර තබා ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කරවන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. කවරෙකු තම පවුලේ යහපත් කටයුත්තක් සඳහා යුද වදින්නෙකු පසුබස්සන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මම අම්ර් බින් අබිල් හසන් තුමා ව මුණ ගැසුණෙමි. එතුමා අබ්දුල්ලාහ් බින් සෙයිද් තුමාණන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරු පිළිබඳ ව විමසූවේය. පසු ව කුඩා ජල බඳුනක් ගෙන්වා ගෙන අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ දන්නෙහි ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී මම එතුමා වෙත පැමිණියෙමි.” හෙතෙම තවදුරටත්: “මිස්වාක් දැහැටියේ එක් කොණක් එතුමාගේ දිව මත විය. මිස්වාක් දැහැටිය කටේ තිබියදී එතුමා වමනය කරන්නාක් මෙන් අඃ අඃ යැයි පැවසීය.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබේ අත් දෙකින් මෙසේ සිදු කිරීම ඔබට ප්රමාණවත් වන්නේය’ යැයි පවසා පසුව තමන්ගේ අත් දෙක පොළව මත එක් වරක් ගසා, පසුව වම් අතින් දකුණත ද එතුමාගේ අත් දෙකෙහි මතු පිට ද එතුමාගේ මුහුණ ද පිරිමැද්දාහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් නොසිටි අල්ලාහ් විසින් එවූ කිසිදු නබිවරයකු නොවීය. අනතුරුව ඔවුන්ගෙන් පසු බොහෝ කඩකිරීම් සිදුවිය. ඔවුන් සිදු නොකරන දෑ ඔවුහු පවසති. ඔවුනට නියෝග නොකරන ලද දෑ ඔවුහු සිදු කරති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනේ නිරත වන්නට තම පය තැබූ අවස්ථාවක මිනිසකු එතුමාගෙන් මෙසේ විමසා සිටියේය. ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් වන්නේ කුමක් ද? එතුමා: “අපරාධකාරී පාලකයකු ඉදිරියේ සත්යය කතා කිරීම” යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සලාතය ඉටු කිරීමටත්, සකාත් නිකුත් කිරීමටත්, සෑම මුස්ලිම්වරයකුටම උපදෙස් දීමටත් මම අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රතිඥා දුනිමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්රිය කරමි. අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම “අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.” (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබ මමට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම අත් නොහරින්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
විළුඹුවලට නිරා ගින්නෙන් වූ විනාශය අත්වේවා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉෂා සලාතය ඝණාන්ධකාරයේ (ප්රමාද කොට) ඉටු කළහ. එවිට උමර් තුමා පිටතට පැමිණ ‘අහෝ! අල්ලාහ්ගේ දූතයාණනි, සලාතය! කාන්තාවන් හා දරුවන් නින්දට ගොස් ඇත.’ යැයි පැවසීය. පසුව තම හිසෙන් ජල බිංදු වැටෙන තත්ත්වයේ එතුමා පිටතට පැමිණ මෙසේ පැවසීය. “මාගේ සමූහයාට අසීරු කාර්යයක් නොවී නම් මෙම සලාතය මෙම වේලාවේ ඉටු කරන්නට මම ඔවුනට නියෝග කරමි.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ආදම්ගේ දරුවාගේ සෑම ක්රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන්ය. ඒ සඳහා ප්රතිඵල මමම පිරිනමමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ තෘප්තිය තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද මම ඔබෙන් පතමි. ඔබට ප්රශංසා කිරීම මට ගණනය කළ නොහැක්කේය. ඔබව ඔබ ප්රශංසා කළ පරිදිම ඔබ වන්නෙහිය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
වඩාත් උතුම් වනුයේ කවර සලාතයක් දැයි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- විමසන ලදී. එතුමා, “කූනූතය දිගු සලාතය“ යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම නිවසට පිවිසුනු විට කවර කරුණකින් ආරම්භ කරන්නෙකු ලෙස සිටියේද? (යැයි විමසන ලදී) ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවාය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
එම මිනිසා වනාහි ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්රා කොට ඇත. එසේ නැතිනම් ඔහුගේ කනෙහි යැයි ප්රකාශ වී ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පැවත එන ධර්මතා අතරින් කරුණු දහයක් ඇත. උඩු රැවුල කොට කිරීම, යටි රැවුල වැවෙන්නට හැරීම, දත් මැදීම, නාසයට ජලය යවා පිරිසිදු කිරීම, නියපොතු කැපීම, දහඩිය රැඳෙන ස්ථාන සෝදා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, ලිංගෙන්ද්රීය රෝම බෑම, මළ මූත්රා කළ පසු ජලයෙන් පිරිසිදු කිරීම.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් සෑම ගැටයක් මතම ෂෙයිතාන් ගසනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට එමගින් අල්ලාහ් ඔබව තරාතිරමක් උසස් කිරීමෙන් හා එමගින් පාපයක් ඔබෙන් මකා දැමීමෙන් මිස ඔබ සුජූද් නොකරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙනත් මාසවල පරිශ්රමයෙන් කටයුතු නොකරන දෑ රමළාන් මාසයේ පරිශ්රමයෙන් යුතුව කටයුතු කළහ. වෙනත් දිනවල පරිශ්රමයෙන් කටයුතු නොකරන දෑ එහි අවසාන දින දහයේ පරිශ්රමයෙන් යුතුව කටයුතු කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් වෙනුවෙන් අපි එතුමාගේ මිස්වාක් දැහැටිය හා ජලය සූදානම් කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ් එතුමාණන්ව අවදි කිරීමට අභිමත කළ වේලාවෙහි එතුමාණන්ව අවදි කරවයි. පසුව එතුමාණන් දත් පිරිසිදු කර, වුළූ ධෝවනය කර, සලාත් ඉටු කරයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තෙකුගේ දෙපා දූවිලිවලින් තැවරීම වනාහි (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කුහුඹුවා සපා කෑමෙන් ඇතිවන වේදනාව මෙන් මිස ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නකු මරණයේ වේදනාව අත් නොවිඳිනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සිසිල් අවස්ථාවන් දෙකෙහි කවරෙකු සලාත් ඉටු කරන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසිය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපකම් මගෙන් පහව යෑම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කළේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජුමුආ දිනයේ ඊට පෙර හෝ ඊට පසු දිනක් උපවාසයේ නිරතවීමෙන් තොරව නුඹලා කිසිවකු උපවාසයේ නිරත නොවිය යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අපි දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමයේ ආහාරයෙන් එක් සාඃ එකක ප්රමාණයක් ද රට ඉඳියෙන් එක් සාඃ එකක ප්රමාණයක් ද තිරුඟු වලින් එක් සාඃ එකක ප්රමාණයක් ද කේජු වලින් එක් සාඃ එකක ප්රමාණයක් ද මිදි වලින් එක් සාඃ එකක ප්රමාණයක් ද (zසකාතුල් ෆිත්රා වශයෙන්) ලබා දෙන්නන් ලෙස සිටියෙමු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අපි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සහර් කළෙමු. පසුව එතුමා සලාතය සඳහා නැගී සිටියහ. අනස් තුමා මෙසේ පවසයි. මම සෙයිද් තුමාගෙන්: අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැයි විමසුවෙමි. එතුමා: ආයාත් පනහක ප්රමාණයක් යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
(මක්කාහ්) ජයග්රනහණයෙන් පසු ව හිජ්රතයක් (නික්ම යෑමක්) නොමැත. එනමුත් ජිහාදය හා චේතනාව ඇත. නුඹලා පලවා හරිනු ලබන්නෙහු නම් එවිට නුඹලාද පලවා හරිනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රමළාන් මාසයේ අවසන් දින දහයේ එතුමාව අල්ලාහ් මරණයට පත් කරන තෙක්ම ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිට නැමදුම් කරන්නෙකු වූහ. එතුමාගෙන් පසුව එතුමාගේ බිරියන් ඉඃතිකාෆ් සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබලා සහර් කරනු. හේතුව සැබැවින්ම සහර් කිරීමේදී අභිවෘද්ධිය ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ගමනේදී උපවාසයේ නිරත වීම සම්බන්ධයෙන් මිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසා සිටියේය. “එවිට එතුමා ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ යැයි පවසා සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කළින් ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පුරුෂයා හා කාන්තාව කෙරෙහි ද නිදහස් පුද්ගලයා හා වහලා කෙරෙහි ද සදකතුල් ෆිත්ර -එසේ නැතහොත් රමළානයේ- නිකුත් කිරීම අනිවාර්යය කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන කාන්තාවකට දහවලක් හා රාත්රියක් ගමන් කරන දුරක් ඇය සමග ලේ ඥාතියෙකු නොමැතිව ඇය ගමන් කිරීම අනුමත වන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අඹුව සමග ඇසුරු කිරීම හේතුවෙන් ජුනුබ් තත්ත්වයට පත් ව සිටිය දී එතුමාණන්ට ෆජ්ර් (අලුයම) උදා වන්නට විය. පසු ව එතුමා ස්නානය කර උපවාසයේ නිරත වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“ෆිත්ර් (ඊදුල් ෆිත්ර්) හා නහ්ර් (ඊදුල් අල්හා) යන දෙදින උපවාසයේ නිරත වීමෙන් ද සිදුරක් නොමැති තනි අඳුමක් තුළට වී, පසුපස බිමතමා අතින් කෙණ්ඩය වෙළා වාඩි වීමෙන් ද සුබ්හ් හා අසර් සලාතයන්ට පසු සලාත් ඉටු කිරීමෙන් ද අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“කවරෙකු උපවාසයේ නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු ඔහුගේ උපවාසය පූර්ණ කරත්වා! සැබැවින්ම එසේ ඔහුට ආහාර හා ජලය සපයා දී ඇත්තේ අල්ලාහ්ය.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මෙම දින දෙක, එනම් නුඹලාගේ උපවාසයෙන් නුඹලා අවසන් කර ගන්නා (ඊදුල් ෆිත්ර්) දින හා නුඹලාගේ සත්ව කැපයෙන් නුඹලා අනුභව කරන (ඊදුල් අල්හා) දින යන දෙදින උපවාසයේ නිරත වීම අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක කල ලබ්බයික්. ඉන්නල් හම්ද වන්නිඃමත ලක වල් මුල්කු ලාෂරීක ලක්.” යන්නයි. තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සැබැවින්ම සියලු ප්රශංසා ද භාග්යයන් ද පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ මිතුරා වූ අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දී ඇත්තේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා කද්ර් රාත්රිය අවසන් (දින) දහයේ ඔත්තේ දිනයන්හි සොයත්වා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලාගේ සිහිනය මා ද දුටුවෙමි. එය අවසන් භාගයේ හත්වැනි දින වනු ඇතැයි හැඟේ. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු එය සොයන්නේ ද අවසන් භාගයේ හත්වැනි දින එය සොයත්වා.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රාත්රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට බැස යන විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රන් අවුන්ස පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද ඔටුදෙනුන් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද (රට ඉඳි) අවුසුක් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම අඥාන යුගයේ එක් රාත්රියක හරම් දේවස්ථානයේ ඉඃතිකාෆ් සිටීමට භාරයක් වූයෙමි” යැයි පැවසීය. එතුමා ‘ඔබේ භාරය ඉටු කරන්න.’ යනුවෙන් එතුමා පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා පුණ්ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සාමුහික ව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසිපස් ගුණයකින් අධික වෙයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද නිදහස් අයකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්වා -එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිත්වා.- එමෙන්ම තම නිවසේ රැඳී සිටිත්වා.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්රවේශ වූ විට, රාත්රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. පරිශ්රමයෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔහු අපා ගින්නෙහිය. එබැවින් ඔවුහු ඔහු බලන්නට ගියෝය. එවිට ඔහු වංචනික ලෙස සොරකම් කළ කළු ඉරි සහිත සළුවක් දුටුවෝය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පස් වාර සලාත්වලට උපමාව ඔබ අතරින් කිසිවකු හෝ සෑම දිනකම පස් වාරයක් එහි ස්නානය කරන තම දොරටුව අසළින් අධික ලෙස ගලා යන ගංගාවක උපමාව මෙනි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සලාතයේදී අපි කතා කරමින් සිටියෙමු. පුද්ගලයකු තම මිතුරා සලාතයේදී ඔහු අසළින් සිටියදී ඔහු සමග කතා කරයි. මෙසේ, “නුඹලා බැතිමතුන් ලෙසින් අල්ලාහ් වෙනුවෙන් නැගී සිටිනු” යන පාඨය පහළ වන තුරුම විය. පසුව නිහඬතාව රකින මෙන් අප අණ කරනු ලැබුවෙමු. එමෙන්ම කතා කිරීමට ද අප තහනම් කරනු ලැබුවෙමු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ රුකූඃහි හා එතුමාගේ සුජූද්හි “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් අධිකව පවසන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමයේ සූර්යග්රහණයක් ඇති විය. එවිට එතුමා සලාතය සඳහා එක්රැස් වෙන්නැයි කැඳවන කැඳවුම් කරුවකු එවීය. පසුව ඔවුහු එක්රැස් වූහ. එතුමා ඉදිරියට ගොස් තක්බීර් පවසා රකආත් දෙකක් තුළ රුකූඋ හතරක් හා සුජූද් හතරදක් සහිතව සලාත් ඉටු කළෝය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රාත්රිය ආරම්භයේ එහි මධ්යයේ මෙන්ම එහි අවසානයේ යන රාත්රියේ සෑම කොටසකම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විත්ර් ඉටු කර ඇත. එතුමාගේ විත්ර් සලාතය සහර් වේලාවේ අවසන් විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් අතර වෙන් කරන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැයි සැබැවින්ම අල්ලාහ් අපට උගන්වා ඇත. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද? එවිට එතුමා නුඹලා “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.” යනුවෙන් පවසනු යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල් කුර්ආනයේ ආරම්භක පරිච්ඡේදය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු ජනාබත් හෙවත් (අඹුසැමි ඇසුරෙන්) අනිවාර්යය වන ස්නානය ජුම්ආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූ අයකු මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නගන්නේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූ අයකු මෙන් වන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතු වේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු වුළූ ධෝවනය කර; එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර; පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව සිට එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත. කවරෙකු ගල් කැට ස්පර්ශ කරන්නේ ද සැබැවින්ම ඔහු නාස්ති කර ගත්තේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු යම් කටයුත්තක දී අපගේ දේවස්ථාන හෝ අපගේ වෙළඳපොළවල් අසලින් ගමන් ගන්නේ ද ඔහු සමග හීයක් වී නම් මුස්ලිම්වරුන් අතරින් කිසිවකුට ඉන් කිසිදු හානියක් සිදු වීමෙන් ඔහු එය රඳවා ගත යුතුයි. එසේ නැතහොත් එහි උල ඔහුගේ අතින් අල්ලා වසා ගත යුතුයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ ජනයිනි, නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට සැසදෙන්නේ ද ඔහු පෙර කළ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පිවිතුරු ඉපැයීමකින් ඉඳි ගෙඩියක තරම් වටිනාකමක් ඇති යමක් පරිත්යාග කළේ නම්, -අල්ලාහ් පිවිතුරු දෑ මිස පිළිගන්නේ නැත.- එවිට සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දකුණතින් එය පිළි ගනියි. පසුව එහි හිමියාට එය වර්ධනය කර දෙයි. එය ඔබ අතරින් යමෙකු අශ්ව පැටවකු කන්දක් මෙන් තරමට වැඩෙන තෙක් හදාවඩා ගන්නාක් මෙනි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ තරුණ ප්රජාවනි, නුඹලා අතරින් කවරෙකුට හෝ විවාහ දිවිය සඳහා ශක්තිය ඇත්තේ ද ඔහු විවාහ කර ගත යුතු වේ. සැබැවින්ම එය බැල්මට වඩාත් ආරක්ෂාවක් වන අතරම ලිංගේන්ද්රියට ද වඩාත් ආරක්ෂාවක් වන්නේය. කවරෙකුට හැකියාව නොමැත්තේ ද ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ඔහුට කාමය කප්පාදු කිරීමකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා අතරින් කිසිවකු හෝ ජනයාට සලාතය මෙහෙය වන විට, ඔහු සැහැල්ලු කරත්වා. ඊට හේතුව ඔවුන් අතර දුර්වලයින් රෝගීන් අවශ්යතා ඇත්තන් සිටින බැවිණි. නුඹලා අතරින් කවරෙකු හෝ තනිව සලාතය ඉටු කළ විට ඔහු අභිමත කරන පරිදි දීර්ග කරත්වා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් උපදෙස් දෙන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සෑම මසකම දින තුනක උපවාසයේ නිරත වීම සම්පූර්ණ වසරක් උපවාසයේ නිරත වීමකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම ඉමාම් වරයකු (සලාතය මෙහෙයවන්නෙකු) පත් කරනු ලබනුයේ ඔහුව අනුගමනය කිරීම සඳහාය. එබැවින් ඔහුට විරුද්ධව වෙනස්ව කටයුතු නොකරනු. ඔහු තක්බීර් පැවසු විට නුඹලා ද තක්බීර් පවසනු. ඔහු රුකූඃ කළ විට නුඹලා ද රුකූඃ කරනු. ඔහු ‘සමිඅල්ලාහු ලිමන් හමිදහ්’ යැයි පැවසූ විට, නුඹලා රබ්බනා වලකල් හම්දු යැයි පවසනු. ඔහු සුජූද් කළ විට නුඹලාද සුජූද් කරනු. ඔහු වාඩි වී සලාතය කළ විට නුඹලා සියලු දෙනාද වාඩි වී සලාත් ඉටු කරනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අපගේ උපවාසය හා ආගම් ලත් සෙසු ජනයාගේ උපවාසය අතර වෙනස ‘සහර්’ (නම් අළුයම්) කාලයේ ආහාර ගැනීමය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් පරිත්යාගශීලී අයකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
එළැඹෙන වසර තෙක් මා සිටියේ නම් සැබැවින්ම මම නව වැනි දින ද උපවාසය රකිමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර්යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනයත්...
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සෑම අනිවාර්යය සලාතයකට පසුවම, පසුවට ඇති දෑ ඒවා පවසන්නාට හෝ ඒවා සිදු කරන්නාට හෝ අලාභයක් ඇති නොවෙයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්රතිඵලය මෙන් සමාන ප්රතිඵලයක් මොහුට ද හිමි වන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මුඅද්දින් (සලාතය සඳහා කැඳවන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු ‘අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීක ලහූ වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු රළියිතු බිල්ලාහි රබ්බන් වබිමුහම්මදින් රසූලන් වබිල් ඉස්ලාමි දීනන් යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මදීනාව ‘ඊර්’ හා ‘සව්ර්’ දක්වා අතර වන කොටස ශූද්ධ භූමියයි. කවරෙකු එහි කිලිටක් කළේ ද එසේ නැතහොත් කිලිටක් වෙත පැමිණියේ ද ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය අත් වේවා. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ අල්ලාහ් පිළිගන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු දුනු ශිල්පය දැන, පසු ව එය අතහැර දමන්නේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය. එසේ නැතහොත් සැබැවින්ම ඔහු පිටුපෑවේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
(අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන්) යුද්ධ කිරීමේ අධිෂ්ඨානයක් නොමැතිව, යුද්ධය සම්බන්ධයෙන් තමන් කතා නොකර කවරෙකු මිය ගියේ ද ඔහු කුහකත්වයේ කොටසක් මත මියැදුණේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රන් හෝ රිදී සතු අයකු ඒ සඳහා වූ වගකීම ඔහු ඉන් ඉටු නොකරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබ පසුව නිරා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත හා ඔහුගේ පිට ස්ත්රික්ක කරනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රට ඉඳි කැබැල්ලක් හෝ දන් දී අපා ගින්නෙන් ආරක්ෂා වන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අරෆා දිනයේ අපා ගින්නෙන් ගැත්තන් අධික ලෙසින් අල්ලාහ් නිදහස් කිරීමට වඩා වෙනත් දිනයක් නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
එය වනාහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෑද අනුමතය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජලය කුල්ලතෙයින් ප්රමාණයෙන් වී නම් එය කිලිටි උසුලන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු රන් හා රිදී භාජනයක පානය කළේ ද සැබැවින්ම ඔහුගේ කුසෙහි හඬ නැගෙනුයේ අපායේ ගින්නය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ සමූහයාට ඉතා දුෂ්කර කාර්යයක් නොවේ නම් වුළු ධෝවනය කරන සෑම අවස්ථාවකම මිස්වාක් (දැහැටි කූරු) භාවිතයෙන් කට පිරිසිදු කරන්නැයි මම ඔවුනට නියෝග කර සිටිමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු වූළූ ධෝවනය කරත්වා. නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්රි කාලය ගත කරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළූ ගත්හ. කට කළත්වා සෝදා හැරියහ. පසුව නාසය සූරා පිරිසිදු කළහ. පසුව එතුමාගේ මුහුණ තුන් වරක් ද එතුමාගේ දකුණත තුන් වරක් ද අනෙක ද තුන්වරක් ද සෝදා හැරියහ. එතුමාගේ අතෙහි ඉතිරි දැයින් නොවන (වෙනත්) ජලය උපයෝගි කර ගනිමින් එතුමාගේ හිස පිරිමැද්දාහ. එතුමාගේ පාද දෙක පිරිසිදු වන තෙක් සෝදා හැරියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය සිදු කළහ. එතුමාගේ නළලින් ආරම්භ කොට ජටාව මත පිරිමැද්දාහ. එමෙන්ම මේස් සපත්තු මත ද පිරි මැද්දාහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය කළ විටක එතුමාගේ වැළිමිට දෙක වටේ ජලය යන්නට සළස්වා සෝදා හරින්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකුට වුළූ ධෝවනය නොමැත්තේ ද ඔහුට සලාතය නොමැත. කවරෙකු එහිදී උත්තරීතර අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකළේ ද ඔහුට වුළූ නොමැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ නැවත හැරීගොස් ඔබේ (වුළූ) ධෝවනය අලංකාරව සිදු කරනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්රමාණයකින් (වුළු) ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවර මුස්ලිම්වරයකු හෝ වේවා වුළූ ධෝවනය කර; එම වුළූ ධෝවනය අලංකාරව ඉටු කර; පසුව නැගිට රකආත් දෙකක්, තම හදවත හා තම මුහුණ ඉදිරිපත් කරමින් ඉටු කරන්නේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) එතුමාගේ මේ සපත්තු දෙක මතුපිටින් පිරිමදිනු මම දැක ඇත්තෙමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවෙකු හෝ වුළූ ගෙන තම මේස් සපත්තු දෙක පැළඳ ඇත්නම්, ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමදිත්වා. ඒ දෙක පැළඳ සලාත් කරත්වා. අනිවාර්යය ස්නානය හේතුවකින් මිස ඔහු කැමතිනම් ඒ දෙක නොගළවත්වා.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ බිරියකට සිප, වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ දෙදෙනා මෙම ප්රදේශයේ උදවිය වූයෙහු නම්, මම ඔබ දෙපළට දඬුවම් කර ඇත්තෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ ඔබ දෙපළ හඬ නගන්නෙහුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ ජනයිනි! ඔබ පැලවර්ග දෙකක් අනුභව කරන්නෙහුය. ඒ දෙක පිළිකුල් සහගත ලෙස මිස මම නොදකිමි. එනම්, ලූනු හා සුදු ලූනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු වන්නේද ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට ඔහුගේ රෝම හෝ ඔහුගේ නියපොතු කිසිවක් උල්හිය්යා ලබා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පිරිසිදු වූවායින් පසු ඇති වන රත්බොර වර්ණය හෝ රත්කහ වර්ණය ගැන අපි ගණන් නොගෙන සිටියෙමු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබේ ඔසප් තත්ත්වය ඔබව හසුකර ඇති කාල ප්රමාණයේ (සලාත් හා උපවාසයේ නිරත වීමෙන්) ඔබ වැළකී සිටිනු. පසුව ස්නානය කරනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: “ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රමළානය පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබ, නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂයිතානුන්ට විලංගු දමනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ආෂූරා දිනයේ උපවාසයේ නිරත වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ක්‍රියාවන් හයකි. මිනිසුන් සිව් දෙනෙකි. එසේ නම්, අනිවාර්යය කරන කරුණු දෙක, සමානයට සමානය, යහපතට ඒ හා සමාන දස ගුණය හා යහපතට හත්සීය ගුණය වේ
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යම් භූමියක මිය යන්නට යම් ගැත්තෙකුට අල්ලාහ් තීන්දු කළ විට, ඒ වෙත යාමට අවශ්‍යතාවක් ඔහුට ඇති කරන්නේය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සෑම සලාතයකදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ දෝවනය කර ඇත්තාහ
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙවාරයක් බැගින් වුළූ ගත්හ
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසියම් කෙනෙකු තම කුසෙහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විට, හඬක් අසෙන තෙක් හෝ ගන්ධයක් දැනෙන තෙක් හෝ සුජූද් කරන තැනින් ඔහු ඉවත්ව නොයා යුතුය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සෑම මුස්ලිම්වරයකු කෙරෙහිම පැවරෙන වගකීම වනුයේ සෑම දින හතක් තුළම එක් දිනයක ස්නානය කිරීමය. එහි දී ඔහුගේ හිස හා ඔහුගේ ශරීරය ඔහු සෝදා හරියි
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජල‍ෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අදාන් පවසන මුඅද්දින් වරයාට ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබත් පවසන්න. පසුව මා වෙත (සලවාත්) ආශිර්වාද පවසන්න
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් ඉදි කළේ ද ඔහු වෙනුවෙන් ඒ හා සමාන දෙයක් ස්වර් ග උයනේ ඉදි කරනු ඇත
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැ??
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ ජනයිනි! මම මෙය නිර්මාණය කළේ නුඹලා මා පිළිපදිනු පිණිසය. මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි විමසීය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා'
عربي ඉංග්‍රීසි ප්‍රංශ
(නියම කරන ලද) අනිවාර්යය සෑම සලාතයකටම පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසන්නෙකු වූහ
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි
عربي ඉංග්‍රීසි ප්‍රංශ
එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන් මක්කාවට පැමිණි කල්හි දේව ආදේශකයෝ ‘නියත වශයෙන්ම මදීනාවෙහි උණ වැළඳුනු එමෙන්ම එය ඔවුන් දුර්වලතාවයට පත් කළ පිරිසක් නුඹලා වෙත පැමිණෙයි.’ යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ වට තුන ඉක්මණින් ගමන් කරන්න යැයි ද (හජරුල් අස්වද් හා රුක්නුල් යමානි හෙවත්) ප්රධාන ස්ථාන දෙක අතර (සාමාන්ය අයුරින්) ගමන් කරන්නැයි ඔවුනට අණ කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“දිනක් මම හෆ්සාගේ නිවසට ගොඩ වූයෙමි. එවිට නබිතුමාණෝ සිරියා දේශයට මුහුණලාමින් ද කඃබා දෙසට පසුපසලාමින් ද තම (කැසිකිළි) අවශ්යලතාව ඉටු කරනු දුටුවෙමි”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම එතුමා හජරුල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ ප්රයෝජනයක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැක. නබි-සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි’ යැයි පැවසුවේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සමුදීමේ අවසන් හජ් වන්දනා අවස්ථාවේ නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණන් ඔටු මත නැග තවාෆ් කළහ. එතුමාණන් රුක්න් හෙවත් (ගල පිහිටි) ප්රධාන ස්ථානය සැරයටියෙන් ස්පර්ශ කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රුක්නුල් යමාන් නම් ප්රධාන ස්ථාන දෙක අතර මිස කඃබාවේ වෙනත් තැනක් නබි-සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- ස්පර්ශ කරනු මම දැක නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් වැසිකිළියට පිවිසුණහ. එවිට මම ද මා මෙන් වූ දරුවකු ද කුඩා ජල බඳුනක් ද හමින් නිම කරන ලද කුඩා ජල උරයක් ද උසුලාගෙන සිටියෙමි. පසුව එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ ජනයිනි, ඔබ තැන්පත්කම රකිත්වා හේතුව සැබැවින්ම යහපත ඉක්මන්කමින් සිදු නොවන්නකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ගැමි අරාබි ජාතිකයෙකු පැමිණ මස්ජිදයේ එක් කොනක මූත්ර කළේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
‘ඔබතුමා කිබ්ලා නොවන දිශාවට හැරී සලාතය ඉටු කරනු දුටුවෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා ‘සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ සිදු කරනු දැක නැත්නම් මම ද එය සිදු නොකරමි. යැයි පැවසුවේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“මම ජනාබත් තත්ත්වයේ පසුවීමි. එහෙයින්, මා පිරිසිදුකමින් තොර ව සිටියදී ඔබ සමග අසුන් ගන්නට මම අකමැති වූයෙමි.’ එවිට නබි තුමාණෝ: “සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නොවන්නේය”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර බෙදීම් ඇති කරනු ඇත”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ලුහර් සලාතය ඔවුනට මෙහෙය වූහ. මුල් රකආත් දෙකින් පසු ව නැගිට සිටියහ. වාඩි නොවූහ. ජනයා ද එතුමාණන් සමගම නැගිට සිටියහ. අවසානයේ සලාතය නිමා විය. එතුමාණන් සලාම් පැවසීම ජනයා බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත් එතුමාණෝ වාඩි වී සිටිමින්ම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඉටු කළහ. පසු ව සලාම් පැවසූහ.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“මම බූරු දෙනක් මත වාඩි වී ඉදිරියට පැමිණියෙමි. -එකල මම වැඩිවියට පත්වන්නට සමීප වයසක පසුවූයෙමි.- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මිනාහි කිසිදු තිරයකින් තොර ව ජනයාට සලාතය මෙහෙයවමින් සිටියහ.“
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යම් මුස්ලිම් හෝ මුමින්වරෙයකු වුඵ දෝවනය කළේ නම් ඔහුගේ / අැයගේ පාප කර්මයන් සියල්ල ඔහුගේ ශරීරයේ අවසාන ජල බිංදුව තිබෙන පව් කමා කරනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දානයෙන් උතුම් වනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ, නවාතැනක සෙවණ සැලසීම, අල්ලාහ්ගේ මාර්ගයේ සේවය කරන්නා සඳහා පිරිනමන ප්රදානය හා අල්ලාහ්ගේ මාර්ගයේ ශක්තිමත් ඔටුවකු බිහි කළ හැකි ඔටු දෙනක් පිරිනැමීම.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ස්වල්පයක් ක්රියා කොට බොහෝමයක් ප්රතිලාභ ලැබීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීම සම්බන්ධයෙන් මම ඔබලාට වඩා අධික උනන්දුවක් දරමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉල්ලා සිටීමෙහි බලපෑම් නොකරන්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතුරින් කිසිවකු මගෙන් කිසිවක් (බලින්) නොඉල්ලන්න.එවිට මගෙන් ඉල්ලා සිටි යමක් ඔහුට නිකුත් කරනු ලැබෙයි. නමුත් එය මම පිළිකුල් කරමි. එහෙයින් මා පිරිනැමූ දෑහි (පමණක්) අභිවෘද්ධිය ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ණය හැර අනෙකුත් සියලු දෑට අල්ලාහ් ෂහීද්වරයාට පාපක්ෂමාව දෙනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය පිරිනමන අතයි. පහළ අත යනු එය ඉල්ලා සිටින අතයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අළුයම විත්ර් (ඉටු කිරීම) සඳහා යුහුසුළු වන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත් වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින් නබි තුමා පැවසූහ වාර්ථාකරැ ඡාබිර් රළියල්ලාහු අන්හු මූලාශ්රය මුස්ලිම්
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ඔටු කිරි දොවන ප්රමාණයට (වුවත්) සටන් වදින්නේද ඔහුට ස්වර්ගය අනිවාර්යය විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
තණ මල්ලට කිරි නැවත යොමුවන තෙක් අල්ලාහ්ට බියෙන් ඇඬූ මිනිසා නිරා ගින්නට ඇතුළු නොවෙයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හැර. ඔහු නැවත මෙලොවට පැමිණ දස වාරයක් ඝාතනය කරනු ලැබීමට ප්රිය කරයි. එය ඔහු එහි මහිමය දැක ඇති බැවිනි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරමින් හා ඔහුගේ පොරොන්දුව තහවුරු කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ යෙදවීමට අශ්වයකු රදවා ගන්නේ ද සැබැවින්ම උගේ කුස පිරෙන අහර, උගේ පානය, උගේ මළ හා උගේ මූත්රා යනාදිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාදියේ පවතී.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ අන්සාර්වරුනි! නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක, පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු මා සමග ඉඃතිකාෆ් සිටින්නේද ඔහු අවසන් දින දහයේ ඉඃතිකාෆ්හි සිටිත්වා! හේතුව සැබැවින්ම මට එම රාත්රිය පෙන්වන ලදී. පසුව එය මට අමතක කරන ලදී. එහි උදෑසන ජලය හා වැලි මත මා සුජූද් කරනු දුටුවෙමි. එහෙයින් නුඹලා අවසන් දින දහයේ එය සොයාගනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලාට අවාකාශය දුන් අල්ලාහ්ගේ අවකාශයන් පිළිපැදීම නුඹලා වෙත පැවරුණු වගකීමකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දැඩි උෂ්ණත්වයක් පැවති රමළාන් මාසයක අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සමග පිටත්ව ගියෙමු. අප අතරින් ඇතැමුන් දැඩි උෂ්ණත්වය හේතුවෙන් තම අත තම හිස මත තබන තරම් විය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබ්දුල්ලා ඉබ්නු රවාහා තුමා හැර උපවාසයේ නිරතව සිටින වෙන කිසිවකු අප අතර නොවීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යුද්ධය යනු උපායකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
اللهم اغفر لحينا وميتنا، وصغيرنا وكبيرنا، وذكرنا وأنثانا، وشاهدنا وغائبنا، اللهم من أحييته منا فأحيه على الإسلام، ومن توفيته منا فتوفه على الإيمان، اللهم لا تحرمنا أجره، ولا تفتنا بعده අල්ලාහුම්මග්ෆිරි ලිහය්යිනා වමය්යිතිනා වසගීරිනා වකබීරිනා වදකරිනා වඋන්සානා වෂාහිදිනා වගාඉබිනා. අල්ලාහුම්ම මන් අහ්යය්තහූ ෆඅහ්යිහී අලල් ඉස්ලාම්. වමන් තවෆ්ෆය්තහූ මින්නා ෆතවෆ්ෆහූ අලල් ඊමාන්. අල්ලාහුම් ලා තහ්රිම්නා අජ්රහූ වලා තෆ්තිනා බඃදහූ. තේරුම: අහෝ අල්ලාහ්! අප අතර ජීවතුන් අතර සිටින්නන්ටත් අප අතර මියගිය ඇත්තන්ටත්, අපගේ කුඩා දරුවන්ටත්, අපගේ වැඩිහිටියන්ටත් අපගේ කාන්තාවන්ටත්, අප ඉදිරියේ සිටින්නන්ටත් අප ඉදිරියේ නොවන්නන්ටත් සමාව දෙනු මැනව. අහෝ අල්ලාහ්! ඔබ අප අතුරින් කවරෙකු ජීවත් කරවන්නේද ඔහුව ඉස්ලාමය මතම ජීවත් කරවනු මැනව. තවද ඔබ අප අතුරින් කවරෙකු මරණයට පත් කරන්නේද ඔහුව දේව විශ්වාසය මත මරණයට පත් කරනු මැනව. අහෝ අල්ලාහ්! ඔහු සම්බන්ධයෙන් වූ කුසල් අපට තහනම් නොකරනු මැනව. ඔහුගෙන් පසුව අපව පරීක්ෂාවට ලක් නොකරනු මැනව.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතුරින් කිසිවකු සලාතය ඉටු කරමින් සිටිය දී අඩ නින්ද ඇති වූ විට ඔහුගෙන් නින්ද පහව යන තෙක් නිදාගනිත්වා.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සලාත් ඉටු කරන්නෙකු වීමි. එතුමාගේ සලාතය මධ්යස්ථ විය. එමෙන්ම එතුමාගේ දේශනාව ද මධ්යස්ථ විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතුරින් කෙනෙකු දිරිමත්ව සලාතය ඉටු කරනු වස්, ඔහු විඩාවට පත් වී විට නිදා ගනිත්වා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මසුරා හා දානපතියාට උපමාව පපු පෙදසේ සිට ඉහළ පපු පෙදෙස දක්වා යකඩින් වූ පළිහ දෙකක් සතු මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව මෙනි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉවත් වනු, ඔබට හැකියාව ඇති දෑ ඔබ පිළිපදිනු. එහෙයින් අල්ලාහ් මත දිවුරා සිටිමි. නුඹලා විඩාවට පත්වන තෙක් අල්ලාහ් විඩාවට පත් නොවෙයි. ඔහු වෙත දහමෙහි වඩාත් ප්රියමනාප වනුයේ එය ඉටු කරන්නා එහි අඛණ්ඩව රැඳී සිටීමය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජන ජීවිතයේ ඔවුනට වඩා උතුම් වනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ යොදවන්නට තම අශ්වයාගේ නාස්ලනුව අල්ලාගෙන සිටින මිනිසාය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යුද සේනාවක් හෝ පිරිසක් සටන් වැද (සතුරා විසින් දමා ගිය) යුද සම්පත් රැගෙන සුරක්ෂිතව පැමිණෙන්නේ ද ඔවුන්ගේ ප්රතිඵලවලින් තුනෙන් දෙකක් පෙරාතුවම ලබනු මිස නැත. එමෙන්ම යුද සේනාවක් හෝ පිරිසක් කිසිවක් නොලබා අනතුරකට පත් වන්නේ නම් ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට පූර්ණව පිරිනමනු ලබනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ මාර්ගයේ දිනක් කවරෙකු උපවාස ශීලයේ නිරත වන්නේ ද අහස හා මහපොළොව අතර මෙන් වූ අගලක් ඔහු අතර හා නිරා ගින්න අතර අල්ලාහ් තබනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු මියගිය ඇත්තෙකු නාවා, එහි ඇති අඩුවක් සඟවන්නේ ද අල්ලාහ් ඔහුට හතළිස් වාරයක් සමාව දෙනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු යුද නොවැදුනේද එසේ නැතිනම් යුද භටයකු සූදානම් නොකරන්නේ ද එසේත් නැතිනම් යුධ භටයාට පසුව ඔහුගේ පවුල සම්බන්ධයෙන් යහපත සළසා නොදෙනේනේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට පෙර ඔහුට කම්පනයක් (අභාග්යයක්) අල්ලාහ් ඇති කරයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ් හමුවීමට ප්රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජලය පිරිසිදුයි. කිසිදු වස්තුවක් එය කිලිටි නොකරයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ ද ස්නානය කරන්නට වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම ජලය කිලිටි නොවන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම ඌ අපිරිසිදු සතෙකු නොවේ. ඌ නුඹලා සමග සැරිසරන්නන් හා සැරිසරන්නියන් අතුරින් වේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සහගාමීහූ, එතුමාගේ කාලයේ, තම හිස් (නිදිමත හේතුවෙන්) පහත්වන තරමට ඉෂා (සලාතය) බලාපොරොත්තුවෙන් සිටින්නන් වූහ. පසුව ඔවුන් සලාතය ඉටු කළහ. නමුත් ඔවුහු වුළූ කරන්නන් ලෙස නොසිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු තම ලිංගය ස්පර්ශ කළේද ඔහු වුළූ ධෝවනය කරත්වා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන් ගින්නේ හිමිකරු මිස, ගින්නෙන් දඬුවම් කිරීමට කිසිවකුට අවශ්ය නොවන්නේය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දිවිපිදූවන්ගේ බිරියන්ගේ ගෞරවය රැඳීසිටින්නන් හට ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටිය දී දණිස් සිටුවා පාද උදරයට තුරුල් කර ගනිමින් පසුපස පැත්තෙන් වාඩිවීමෙන් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
චී,චී,එය විසිකරනු.සැබැවින්ම අපි සකාත් දෑ අනුභව නොකළ යුතු බව ඔබ නොදන්නෙහි ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාසයේ දින තුනක් බැගින් උපවාසයේ ඔබ නිරත වන විට දහ තුන, දහ හතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සලාතය සඳහා ඇරයුම් කරනු ලබන විට ෂෙය්තාන් පසුපස හැරී පළා යනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අදාන් පවසන්නෝ ජනයා අතර බෙලි දිගුව ඇත්තෝ වෙති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සමුගැනීමේ හජ් වන්දනාවෙහි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග මා ද හජ් කරනු ලැබීය. මාගේ වයස අවුරුදු හතක් විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔටු පිට මත හජ් වන්දනා ඉටු කළහ. එතුමාගේ පොදි එහි විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජාහිලිය්යත් හෙවත් අඥාන යුගයේ උක්කාල්, මජින්නා හා දුල් මජාස් වැනි වෙළඳපොළවල් තිබිණ. හජ් කාලයේ ව්යාපාර කිරීම පාපයක් බව ඇතමුන් සිතූහ. එවිට ‘ඔබගේ පරමාධිපතිගේ භාග්යය සෙවීම ඔබ කෙරෙහි වරදක් නැත‘ යන අල් කුර්ආන් වැකිය පහළ විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්රදේශයෙන් පිටත් ව ගියහ.“
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ෂජරා මාර්ගය ඔස්සේ පිටත් වන්නෙකු ලෙසත් මඃරස් මාර්ගය ඔස්සේ ඇතුළු වන්නෙකු ලෙසත් සිටියහ. එතුමා මක්කාවට පිවිසුනු විට ඉහළ සනිය්යාවෙන් ඇතුළු වූ අතර පහළ සනිය්යාවෙන් පිටත් වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
තමත්තුඃ ක්රමයට හජ් ඉටු කිරීම පිළිබඳ ව මම ඉබ්නු අබ්බාස් තුමාගෙන් විමසා සිටියෙමි. එවිට ඒ අනුව ඉටු කරන්නැයි එතුමා මට නියෝග කළේය. තවද (එහි ලබා දිය යුතු) සත්ව කැපය පිළිබඳ විමසුවෙමි. එවිට එතුමා එහි ඔටුවෙක් හෝ ගවයෙක් හෝ එළුවෙක් හෝ කැපයක් වශයෙන් පිහිටිය යුතුය. නැතහොත් කැපය හවුල්වීමකින් හෝ විය යුතු යැයි පැවසූහ. එය ජනයා පිළිකුල් කළාක් මෙන් විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
තමන් වෙනුවෙන් දඬයම් නොකළා වූ එම දඬයම සඳහා උදව් නොකළා වූ දඬයමකින් ඉහ්රාම් ඇඳගත් කෙනෙකු අනුභව කිරීම.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ උමර්! සැබැවින්ම මිනිසාගේ බාප්පා (හෝ මහප්පා) ඔහුගේ පියා මෙන් යැයි ඔබට නොහැඟුණෙහිද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්රාණය පරිත්යාග කරවුන් පස්දෙටනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් ලෙඩා සාගරෙයේ ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යුද්ධයෙන් හැරී නැවත පැමිණීම යුද වදින්නාක් මෙනි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අම්ර් ඉබ්නු අබසා තුමා ඉස්ලාමය වැළඳ ගැනීමේ කතාව හා නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාට සලාතය හා වුළු දෝවනය ඉගැන්වීම.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“සලාතය ඉටු කරන්නා ඉදිරියේ හරහට ගමන් කරන්නා තමන් ට අත්වන පාපය කුමක් දැ?යි දැන ගන්නේ නම් එසේ ඉදිරියේ හරහ ට ගමන් කරනවා ට වඩා රැඳී සිටිම ඔහුට හතළිස් වාරයක් යහපත් වනු ඇත.“
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“මිනිසුන්ගෙන් තමන් ආවරණය කරන යම් වස්තුවක් ඉදිරියේ ඔබ අතුරින් කෙනෙකු සලාතය ඉටු කරන විටක, ඒ අතරින් කෙනෙකු හරහට යෑමට සිතුවේ නම් ඔහු ව වැළැක්විය යුතුය. එයට ඔහු පිටුපෑවේ නම් ඔහු සමග සටන් වැදිය යුතුය. සැබැවින්ම ඔහු ෂෙයිතානුවෙකි.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“නියත වශයෙන්ම හිරු හා සඳු අල්ලාහ්ගේ සංඥා අතුරින් වූ සංඥා දෙකකි. ඒ දෙකින් අල්ලාහ් ඔහුගේ ගැත්තන් බිය ගන්වයි. ජනයා අතුරින් කිසිවකුගේ මරණය වෙනුවෙන් හෝ ඔහුගේ ජීවිතය වෙනුවෙන් හෝ ඒ දෙක ග්රහණයට ලක් නොවෙයි. ඉන් යමක් නුඹලා දුටුවෙහු නම් එය නුඹලාගෙන් ඉවත් වන තුරු නුඹලා සලාතය ඉටු කොට අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරනු.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබලා භූමිය ජය ලබනු ඇත. අල්ලාහ් ඔබලාට ප්රමාණවත්ය. (යුද තත්ත්වයක් නොපැවතුනද) විනෝදයට හී විසි කිරීමට නුඹලා කිසිවකු දුර්වල නොවිය යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මාගේ සමූහයාගේ වන්දනා ගමන යනු අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඒක්වරක් නබි තුමා වෙත මිනිසෙකු පැමිණ දිග නාසයක් තිබෙන්නාවු නාස් කඹයක් සහිත වු ගැහැණු ඔටුෙ වක් අල්ලාහ්ගේ මාර්ගයේ මා පරිත්යාග කරන්නෙමි යැයි පැවසූහ.ඒවිට නබි තුමා ඔහු දෙස බලා පරලොවේ දී දිග නාසයක් සහිත වු ඔටුවන්( 700) ඔබට පිරිනමනු ලැබේ.යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ