عن عبد الله بن عُمر وأبي هريرة رضي الله عنهما أنهما سمعا رسول الله صلى الله عليه وسلم، يقول على أعواد منبره:
«لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ وَدْعِهِمُ الْجُمُعَاتِ أَوْ لَيَخْتِمَنَّ اللهُ عَلَى قُلُوبِهِمْ، ثُمَّ لَيَكُونُنَّ مِنَ الْغَافِلِينَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 865]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම වෙදිකාව මත සිට ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් සහ අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුම්) යන උතුමන්ලා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මිනිසුන් සිකුරාදා දින නැමදුම නොසළකා හැරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ඇත. පසුව ඔවුන් නොසලකා හරින ලද පුද්ගලයින් අතරට පත්වනු ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 865]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මින්බර් වේදිකාව මත සිට මෙසේ අවවාද කළහ. "කවරෙකු ජුමුආ සලාතය කිසිදු හේතුවකින් තොරව නොසැලකිලිමත්කමින් හා මැලිකමින් අත් හරින්නේ ද මඟ හරින්නේ ද එවන් අයට එතුමාණෝ අවවාද කළේය. එසේ ඔවුන් සිදු කළේ නම් ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබයි. ඒවා ආවරණය කරයි. සත්‍යය පිළිපැදීම වළක්වාලමින් ඒ මත තිරයක් ඇති කරයි. පසුව ඔවුන් යහපත් හේතු කාරණා නොසලකා හරින පුද්ගලයින් බවට පත්වන අතරම නැමදුම් කටයුතුවලින් හුදෙකලා වන තත්ත්වයට පත්වනු ඇත.