+ -

عن عَبْدِ اللهِ بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صلى الله عليه وسلم يَقُولُ:
«‌مَنْ ‌جَاءَ ‌مِنْكُمُ ‌الْجُمُعَةَ فَلْيَغْتَسِلْ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 894]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 894]

විවරණය

ජුමුආ සලාතය සඳහා පැමිණෙන උදවිය අඹු සැමි ඇසුර හේතුවෙන් ස්නානය කරන්නාක් මෙන් ස්නානය කර ගැනීම සතුටු දායක ක්‍රියාවක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහතික කළහ.

හදීසයේ හරය

  1. ජුමුආ දින ස්නානය කිරීම සහතික කිරීම. සැබැවින්ම එය සිකුරාදා දිනයේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාට සුන්නාවකි. සලාතය සඳහා පියනගන අවස්ථාවේ එය වඩාත් උචිත වේ.
  2. පිරිසිදුකම හා සුවඳ විළවුන් ගැල්වීම සඳහා උනන්දු කරවීම. සැබැවින්ම එය මුස්ලිම්වරයකුගේ ගුණාංගයකි, සිරිතකි. එම කරුණ වඩාත් සහතික වනුයේ ජනයා හමුවන මොහොතේ හා ඔවුන් සමග වාඩිවන මොහොතේ ය. විශේෂයෙන්ම ජුමුආ දින හා සමූහ සලාත් ඉටු කරන අවස්ථාවේ එය පිළිපැදිය යුතු වේ.
  3. හදීසයේ මේ ගැන ආමන්ත්‍රණය කර ඇත්තේ ජුමුආ අනිවාර්යය වන අයටය. එය ඔවුන් ඒ සඳහා සහභාගී වන බැවිනි.
  4. ජුමුආ සඳහා සහභාගී වන්නන් පිරිසිදු වීම සතුටු දායකය. එබැවින් ඔහු ඔහුගේ ශරීරයේ ඇති දුර්ගන්ධය ඉවත් වන තරමට ස්නානය කර සුවද විළවුන් ගල්වා ගනු ඇත. වුළූ පමණක් ගත්ත ද එය ඔහුට ප්‍රමාණවත් වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية Kinyarwanda الرومانية المجرية الموري Malagasy Oromo Kannada الولوف الأوكرانية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර