عن أبي هريرة قال: قال رسول الله صلى الله عليه وسلم:
«حَقٌّ عَلَى كُلِّ مُسْلِمٍ أَنْ يَغْتَسِلَ فِي كُلِّ سَبْعَةِ أَيَّامٍ يَوْمًا، يَغْسِلُ فِيهِ رَأْسَهُ وَجَسَدَهُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 897]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"සෑම මුස්ලිම්වරයකු කෙරෙහිම පැවරෙන වගකීම වනුයේ සෑම දින හතක් තුළම එක් දිනයක ස්නානය කිරීමය. එහි දී ඔහුගේ හිස හා ඔහුගේ ශරීරය ඔහු සෝදා හරියි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 897]

විවරණය

සතියේ සෑම දින හතකින්ම එක් දිනක් ස්නානය කිරීම වැඩිහිටි බුද්ධිමත් සෑම මුස්ලිම්වරයකු කෙරෙහිම ඉතා වැදගත් වගකීමක් බව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එදින පිරිසිදුවීමේ අපේක්ෂාවෙන් ඔහුගේ හිස ඇතුළුව ශරීරයම ඔහු සෝදා හරියි. ඇතැම් වාර් තාවල සඳහන් කරුණු අනුව එම දින අතරින් වඩාත් උතුම් වනුයේ ජුමුආ දිනයේ ස්නානය කිරීමය. උදාහරණ වශයෙන් බ්‍රහස්පතින්දා දින ස්නානය කර තිබුණ ද, ජුමුආ සලාතයට පෙර ස්නානය කිරීම වඩාත් වැදගත් සතුටුදායක කරුණක් වන්නේය. ස්නානය කිරීම අනිවාර් යය බව පෙන්වා දෙන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ ප්‍රකාශය මෙසේය. "ජනයා තම වෘතීන්වල නිරත වෙති. ජුමුආ සලාතය සඳහා යන විට ඔවුන්ගේ එම තත්ත්වයෙන්ම යති. එබැවින් ඔවුනට මෙසේ පවසන ලදී. "ඔබලා ස්නානය කරන්නෙහු නම්" (මූලාශ්‍රය: බුහාරි) එතුමා සතු තවත් වාර්තාවක: "ඔවුනට දුර් ගන්ධය ඇත." එනම් දහඩිය ගඳ හා වෙනත් ගන්ධ. ඒ සමගම නුඹලා ස්නානය කර ගන්නෙහු නම්! යැයි පවසන ලදී. ඔවුන් හැර වෙත් අය සම්බන්ධයෙන් ගත් කළ එය ද වඩාත් වැදගත් කරුණක් වේ.

හදීසයේ හරය

  1. පිරිසිදුකම හා පිවිතුරුකම පිළිබඳ ඉස්ලාමය දක්වන සැළකිලිමත්කම හා වැදගත්කම
  2. ජුමුආ දිනයේ සලාතය සඳහා ස්නානය කිරීම වඩාත් වැදගත් සතුටුදායක කරුණක් වන්නේය.
  3. ශරීරය ගැන සඳහන් කිරීමත් සමගම හිස සඳහන් කිරීමෙන් මුළු ශරීරයම ආරවණය කර ඇත. එසේ ඒ ගැන සඳහන් කර ඇත්තේ එය වඩාත් වැදගත් බැවිනි.
  4. ජනයා අපහසුතාවයට පත්වන අයුරින් යම් දුර්ගන්ධයක් තමන් තුළින් හමන විට, එවැනි සෑම කෙනෙකුම ස්නානය කර ගැනීම අනිවාර්යය වේ.
  5. ජුමුආ දිනය මහිමයෙන් පිරුණු බැවින්, එදින ස්නානය කිරීම වඩාත් උචිත වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (57)
අමතර