عن عائشة رضي الله عنها عن النبي صلى الله عليه وسلم قال: «مَنْ ظَلَم قِيدَ شِبْرٍ مِن الأرْضِ؛ طُوِّقَهُ مِن سَبْعِ أَرَضِين».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු භූමියෙන් වියතක තරම් ප්රමාණයක් පැහැරගෙන අපරාධ කළේ ද මහපොළෝ හතකින් ඔහුට තලනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

පුද්ගලයකුගේ සම්පත් පුත්ගලයකුට තහනම් වේ. කිසිවකුට උරුම වූ දෙයක් ඔහුගේ කැමැත්ත මත මිස ගැනීම කිසිවකුටත් නිත්යානුකූල නොවන්නේය. එය දැඩි ලෙස සිදුවනුයේ ඉඩම්වල සිදුවන අරාධවලය. දිගු කලක් තිස්සේ එය අපරාධකාරී ලෙස අත්පත් කර ගෙන සිටින බැවිනි. එබැවින් මහපොළොවෙන් ලොකු හෝ කුඩා හෝ ප්රමාණයක් ඩැහැ ගනිමින් කිසියම් අපරාධයක් කළ තැනැත්තා ඔහුගේ ගෙල හිරවන පරිදි දිගුවන පරිදි දැඩි දඬුවම් සහිතව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙන බව දන්වා සිටියහ. පසුව ඔහු පැහැරගත් භූමිය හා ඊට යටින් පවතින අහස් හතක් දක්වා වූ භූමි ප්රදේශය ඔහුව තලනු ඇත. එය ඔහු තම මිතුරාගේ භූමිය අපරාධකාරී ලෙස අල්ලා ගැනීම හේතුවෙන් ඔහුට පිරිනමනු ලබන ප්රතිවිපාකයක් ලෙසිනි. කිසිවකුට අයිතියක් හෝ ආධිපත්යයක් හෝ නොමැති පොදු භූමි පරිහරනය කිරීමේදී මෙම අවවාදය එතුළට ඇතුළත් වන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය