1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් “කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ

عن أَبِي أُمَامَةَ إِياسِ بنِ ثَعْلَبَةَ الحَارِثِيِّ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَنِ اقْتَطَعَ حَقَّ امْرِئٍ مُسْلِمٍ بِيَمِينِهِ، فَقَدْ أَوْجَبَ اللهُ لَهُ النَّارَ، وَحَرَّمَ عَلَيْهِ الْجَنَّةَ» فَقَالَ لَهُ رَجُلٌ: وَإِنْ كَانَ شَيْئًا يَسِيرًا يَا رَسُولَ اللهِ؟ قَالَ: «وَإِنْ قَضِيبًا مِنْ أَرَاكٍ».

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ උමාමා ඉයාස් ඉබ්නු සඃලබා අල් හාරිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ

صحيح رواه مسلم صحيح مسلم - 137

විවරණය

මුස්ලිම්වරයකුගේ අයිතිය අහිමි කරනු පිණිස, දැන දැනම බොරු පවසමින් අල්ලාහ් මත දිවුරා සිටීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම එහි ප්‍රතිවිපාකය වනුයේ අපා ගින්න උරුමකර ගැනීම හා ස්වර්ගය තහනම් කර ගැනීමය. එය මහා පාපයන්ගෙන් එකකි. එවිට මිනිසෙක්, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි" දිවුරා සිටිනු ලබන දෑහි ස්වල්පයක් තිබුණේ නම්?" යැයි විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "එය අරාක් නම් ගසින් ගනු ලබන සිවාක් (දත් මදින) දැහැටියක ප්‍රමාණයෙන් වුව ද එලෙසමය" යැයි පැවසූහ.

හදීසයේ හරය

  1. අන් අයගේ අයිතින් උල්ලංඝනය කිරීම ගැන අවවාදය. සුළු ප්‍රමාණයක් වුව ද අදාළ තැනැත්තාගේ අයිතිය රැකීමට උනන්දු කිරීම. වැරදි තීන්දුවක් ලබා දෙන විනිශ්චකරුවකුගේ තීන්දුව, මිනිසෙකු සතු නොවන දේ කිරීමට ඉඩ දෙන කල්තාක් එය අනුමත නොවන්නේය.
  2. නවවි තුමා මෙසේ පවසයි: "මුස්ලිම්වරුන්ගේ අයිතීන් තහනම් කිරීම වරදකි. එම අයිතිය සුළු වුව ද විශාල වුව ද එහි වෙනසක් නැත. එය අරාක් දැහැටියක් වුව ද යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය නිසාවෙනි."
  3. නවවි තුමා මෙසේ පවසයි: "මෙම දඬුවම නියම වනුයේ මුස්ලිම්වරයකුගේ අයිතිය උල්ලංඝණය කර පාපක්ෂමාව ඉල්ලීමට පෙර මිය ගිය තැනැත්තන් හටය. කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වී, තමන් කළ ක්‍රියාව ගැන පසුතැවිලි වී, එම උරුමය නැවත අදාළ තැනැත්තාට ලබා දී, එයින් නිදහස් වී නැවතත් ඒ වෙත නො හැරෙන බවට ස්ථීරව තීරණය කළේ ද, ඔහුගෙන් එම පාපය ඉවත් වනු ඇත.
  4. කාළි තුමා මෙසේ පවසයි. මුස්ලිම්වරයා සම්බන්ධව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඔවුන් ආමන්ත්‍රණය කරනු ලබන උදවිය වන බැවින් හා ෂරීආ පිළිවෙත පිළිපදින පොදු ජනතාව වන බැවිනි. නමුත් මුස්ලිම් නොවන තැනැත්තා ඔහුට වඩා වෙනස් වුව ද එහිදී ඔහුගේ නීතිය මොහුට ද අදාළ වන්නේය."
  5. නවවි තුමා මෙසේ පවසයි. "බොරුව යනු පවතින දෑට පටහැනිව යම් දෙයක් පිළිබඳ දන්වා සිටීමය. එය උවමනාවෙන් හෝ අමතක වීමෙන් හෝ විය හැක. එය අතීතයේ සිදු වූවක් හෝ වර්තමානයේ සිදුවන්නට යන දෙයක් පිළිබඳ තොරතුරක් වුව ද එක සමානය.

අර්ථ කථන නිරීක්ෂණය

46 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية