عَنْ عُبَيْدِ اللَّهِ بْنِ مِحْصَنٍ الْأَنْصَارِيِّ رَضيَ اللهُ عنهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَنْ أَصْبَحَ مِنْكُمْ مُعَافى فِي جَسَدِهِ، آمِنًا فِي سِرْبِهِ، عِنْدَهُ قُوتُ يَوْمِهِ، فَكَأَنَّمَا حِيزَتْ لَهُ الدُّنْيَا».

[حسن] - [رواه الترمذي وابن ماجه] - [سنن ابن ماجه: 4141]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයිදුල්ලාහ් ඉබ්නු මිහ්සන් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."

[حسن] - [رواه الترمذي وابن ماجه] - [سنن ابن ماجه - 4141]

විවරණය

අහෝ මුස්ලිම්වරුනි! ඔබ අතරින් කවරෙකු හෝ ඔහුගේ ශරීරයේ ලෙඩ රෝගවලින් තොර ව නීරෝගීව හා ඔහුගේ පවුල තුළ, ඔහුගේ දරුවන් තුළ, ඔහු යන එන මාර්ගයේ කිසිදු බියකින් තොරව ආරක්ෂිතව ඔහු අවදි වී, ඔහු සතුව දෛනික අනුමත ආහාරවේල ලබා ඇත්තේ ද එය ඔහුට මොලොව මුළුමණින්ම ඒකරාශී කර දෙනු ලැබුවාක් මෙනි.

හදීසයේ හරය

  1. නිරෝගීකම, ආරක්ෂාව හා පෝෂණය යනාදී අත්‍යවශ්‍ය කරුණු සඳහා මිනිසාගේ අවශ්‍යතාව පැහැදිලි කිරීම.
  2. උත්තරීතර අල්ලාහ් තමන්ට ලබා දුන් මෙම ආශිර්වාදය සඳහා ඔහුට ප්‍රශංසා කිරීම ගැත්තා සතු වගකීමකි.
  3. මෙලොව ජීවිතයේ සෑහීමට පත්ව සරල ලෙස ජීවත් වීමට දිරිගැන්වීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (41)
අමතර