عن جُبَير بن مُطْعِم رضي الله عنه أنه سمع النبي صلى الله عليه وسلم يقول:
«لَا يَدْخُلُ الْجَنَّةَ قَاطِعُ رَحِمٍ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2556]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජුබෙයිර් ඉබ්නු මුත්ඉම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2556]

විවරණය

කවරෙකු තම ඥාතීන් සතු අයිතිවාසිකම් ඔවුන්ගෙන් උල්ලංඝණය කරන්නේද, හෝ ඔවුනට දුෂ්ඨකම් කර හිංසා ඇති කරන්නේ ද ස්වර්ගයට පිවිසීමට ඔවුන් සුදුසුකම් නොලබනු ඇත.

හදීසයේ හරය

  1. ඥාතී සම්බන්ධකම් බිඳ දැමීම මහත් පාපයකි.
  2. ඥාතී සම්බන්ධතාවය සම්ප්‍රදායට අනුව වන අතර එය ස්ථාන, වේලාවන් සහ පුද්ගලයින් අනුව වෙනස් වේ.
  3. ඥාතී සම්බන්ධකම් පැවැත්වීම, නිතර හමුවීම්, දන් දීම, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීම, රෝගීන් බැහැදැකීම, යහපත අණ කිරීම, අයහපතින් ඔවුන් වැළැක්වීම හා එවන් වෙනත් කරුණුවලින් සිදු වනු ඇත.
  4. වඩාත් සමීපතයින් අතර ඥාතී සම්බන්ධකම් බිඳ වැටෙන සෑම විටෙකම, එය පාපයෙන් වඩාත් දරුණු තත්ත්වයට පත් වනු ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (66)
අමතර