عن حذيفة رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول:
«لَا يَدْخُلُ الْجَنَّةَ قَتَّاتٌ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6056]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මසේ වාර්තා කරන ලදී.
“කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6056]

විවරණය

මිනිසුන් අතර කලහකම් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ඔවුන් අතර ප්‍රකාශ හුවමාරු කරමින් කටයුතු කරන කෙළම් පවසන්නා, ස්වරගයට පිවිසීමට නොහැකි වෙයි. එතුළින් ඔහු දඬුවමට සුදුස්සෙකු බවට පත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

හදීසයේ හරය

  1. ඔ්පාදූප කීම මහා පාපයකි.
  2. කේළම් කීමෙන් පුද්ගලයින් අතර හා සමාජ අතර අර්බුධ හා හිංසා සිදු වන බැවින් එය තහනම් කර තිබීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර