عن حذيفة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «لا يدخل الجنة قَتَّات».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මිනිසුන් අතර අර්බුධ ඇති කිරීමේ අරමුණින් කට කතා පතුරුවා - කේළාම් කියන්නාට දැඩි අවවාදයක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙහි දන්වා ඇත. ඔහු ද ආරම්භක වශයෙන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. නමුත් ඔහුගේ පාපයේ ප්රමාණයට දඬුවම ඔහු පසු කර ගිය පසු පිවිසෙනු ඇත. කේළාම් කියන්නා යනු ඇනුම්පද කියමින් කටකතා පතුරුවන්නාය. මෙම හදීසයට අනුව ඔහුගේ එම ක්රියාව මහා පාපයන් අතරින් එකක් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු ජර්මානු ජපානු
අර්ථ කථන නිරීක්ෂණය

ප්‍රතිලාභ

  1. කේළාම් කීමෙහි නපුරු බලපෑම් හා නපුරු ප්රතිඵල ඇති බැවින් එය ද මහා පාපයන් අතරින් එකකි.
  2. සැබැවින්ම මෙම ෂරීආ පිළිවෙත මුස්ලිම්වරුන් අතර ලෙන්ගතුකම ඇති කරන සියලුම කරුණු මත ගොඩ නැගී ඇත්තකි.
අමතර