عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم كان يقول:
«الصَّلَوَاتُ الْخَمْسُ، وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ، وَرَمَضَانُ إِلَى رَمَضَانَ، مُكَفِّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتَنَبَ الْكَبَائِرَ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 233]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"පස්වාර සලාත් නැමදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා, රමළානයේ සිට රමළානය දක්වා යමෙකු මහා පාපයන්ගෙන් වැළකී සිටියේ නම්, ඒවා අතර සිදුවන දෑ (සුළු පාප) සඳහා, ඒවා ප්‍රතිකර්ම වනු ඇත."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 233]

විවරණය

දහවල් කාලයේ හා රාත්‍රි කාලයේ අනිවාර්යය කරන ලද පස්වාර සලාත් ද, සෑම සතියකම පවත්වනු ලබන ජුමුආ සලාතය ද, සෑම වසරකම රකින උපවාසය ද ඒවා අතර සිදුවන සුළු පාපකම් සඳහා ඒවා ප්‍රතිකර්ම වනු ඇත. නමුත් මහා පාපයන්ගෙන් වැළකී සිටීම කොන්දේසියක් බවට පැනවේ. කාමයේ වරදවා හැසිරීම, මත් පැන් පානය වැනි මහා පාපයන් තව්බා නොහොත් පාපොච්ඡාරණය කර සමාව අයැදීමෙන් පසුව මිස සමාව දෙනු නොලැබේ.

හදීසයේ හරය

  1. පාපකම් යනු එහි සුළු පාපකම් මෙන්ම මහා පාපකම් ද තිබේ.
  2. මහා පාපයන්ගෙන් වැළකී සිටීමේ කොන්දේසිය මත කුඩා පාපයන්ට සමාව දෙනු ලැබීම.
  3. මහා පාපයන් යනු මෙලොවහි දණ්ඩ නීති නියමවන පාපකම් හෝ මතුලොවෙහි දඬුවම හා කෝපය හිමිවන බවට අවවාද කරමින් පැමිණි ඇති දෑ හෝ එහි තරවටු කිරීම් ඇති දෑ හෝ සිදු කරන්නාට ශාපය හිමි කර දෙන දෑ හෝ වේ. උදාහරණ වශයෙන්, කාමයේ වරදවා හැසිරීම හා මත් පැන් පානය පෙන්වා දිය හැක.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර