عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «لا تجعلوا بيوتكم قبورا، ولا تجعلوا قبري عيدا، وصلوا عليّ فإن صلاتكم تبلغني حيث كنتم».
[صحيح] - [رواه أبو داود]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලාගේ නිවෙස් මිනීවළවල් බවට පත් නොකරනු. මාගේ මිනීවළ උත්සව සමරන්නක් බවට පත් නොකරනු. මා වෙත සලවාත් (ආශිර්වාද) පවසනු. සැබැවින්ම නුඹලාගේ සලවාත් පැවසීම නුඹලා සිටින පරිදිම මා වෙත දැනුම් දෙනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
අතිරේක සලාත් ඉටු කිරීම, ප්රාර්ථනා කිරීම සහ අල් කුර්ආනය පාරායනය කිරීම වැනි කටයුතුවලින් නිවැස් හිස් කර තැබීමෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළේය. එවිට ඒවා මිනීවළවල්හි ස්ථානයට පත්වනු ඇත. සැබැවින්ම මිනිවළවල් අසල සලාතය ඉටු කිරීමෙන් තහනම් කර තිබීම ඔවුන් ඉදිරියේ තීරණාත්මක කටයුත්තක් බවට පත් කළේය. ඒ අනුව ඔවුන් එලෙස ඔවුන්ගේ නිවෙස් සකසා ගැනීම ඔහු ඔවුනට තහනම් කළේය. එමෙන්ම පුරුද්දක් සේ වරින් වර එතුමාගේ සොහොන වෙත යෑම, ඒ ඉදිරියේ එක්රැස්වීම වැනි කාරණාවන්ද තහනම් කළේය. ඊට හේතුව එය ආදේශය වෙත යොමු කරන මාධ්යෑයක් වන බැවිණි. එනිසාවෙන් මහපොළොවේ කොතැනක වුව ද එතුමා වෙත සලවාත් සලාම් පැවසීම ප්ර මාණවත් වේ යැයි නියෝග කරනු ලැබ ඇත. සැබැවින්ම එහි නියමිත සීමාවට ළඟින් හෝ දුරින් සිටිය ද එතුමා වෙත ඒවා සේන්දු වන්නේය. එබැවින් එතුමාගේ මිනීවළ වෙත වරින් වර යෑමට අවශ්යතාවක් නැත.