عَنْ حُذَيْفَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا تَقُولُوا: مَا شَاءَ اللهُ وَشَاءَ فُلَانٌ، وَلَكِنْ قُولُوا: مَا شَاءَ اللهُ ثُمَّ شَاءَ فُلَانٌ».
[صحيح بمجموع طرقه] - [رواه أبو داود والنسائي في الكبرى وأحمد] - [السنن الكبرى للنسائي: 10755]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව හුදෙයිෆා ඉබ්නු අල් යමාන් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය" යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.”
- - [السنن الكبرى للنسائي - 10755]
'මාෂා අල්ලාහ් වෂාඅ ෆුලාන්' (අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය) යැයි පැවසීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. එසේ නැතහොත් අල්ලාහ් හා මෙම පුද්ගලයාගේ අභිමතය පරිදි යැයි පැවසීම ද තහනම් කළහ. ඊට හේතුව අල්ලාහ්ගේ අභිමතය සහ ඔහුගේ කැමැත්ත නිරපේක්ෂ වන අතර කිසිවෙකු ඔහු සමඟ එහි හවුල් නොවන බැවිනි. 'වාව්' නම් නිපාත පදය යෙදීමෙන් අල්ලාහ් සමග කිසිවකු හවුල් බවට හෝ ඔහුට සමාන වන බවට හෝ හැඟීමක් ඇති කරයි. නමුත් අල්ලාහ්ගේ අභිමතය පරිදි යැයි පවසා පසුව එම තැනැත්තාගේ කැමැත්ත පරිදි යැයි පැවසිය හැක. ගැත්තාගේ අභිමතය අල්ලාහ්ගේ අභිමතය අනුගමනය කරන්නක් විය යුතු පිණිස 'වාව්' නිපාතය වෙනුවට 'සුම්ම' (පසුව) යන නිපාතය නියම කළේය. හේතුව සුම්ම (පසුව) යන නිපාතයෙන් 'ඉන් පසුව' හෝ 'ප්‍රමාදය' යන අදහස දක්වයි.