عن عبد الله بن مسعود رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: "مَنْ مات وهو يدعُو مِنْ دون الله نِدًّا دخَل النَّار".
[صحيح] - [رواه البخاري]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු අල්ලාහ් හැර යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූ කටයුත්තක් ඔහු හැර වෙනත් කෙනෙකුට යොමු කර; එහි නියැලී සිටියදීම කවරෙකු මිය යන්නේ ද සැබැවින්ම ඔහුගේ නවාතැන නිරය වන බව මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපට දන්වා සිටියි.