عَنْ عَبْدِ اللهِ بنِ مَسْعُودٍ رضي الله عنه قال:
قَالَ النَّبِيُّ صلى الله عليه وسلم كَلِمَةً وَقُلْتُ أُخْرَى، قَالَ النَّبِيُّ صلى الله عليه وسلم: «مَنْ مَاتَ وَهُوَ يَدْعُو مِنْ دُونِ اللهِ نِدًّا دَخَلَ النَّارَ» وَقُلْتُ أَنَا: مَنْ مَاتَ وَهُوَ لَا يَدْعُو لِلهِ نِدًّا دَخَلَ الْجَنَّةَ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 4497]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක් ප්‍රකාශයක් පැවසූහ. තවත් කරුණක් මම ද පැවසුවෙමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‌මෙසේ පැවසූහ. “කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.” එවිට මම මෙසේ පැවසුවෙමි: "කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතබන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 4497]

විවරණය

'අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර ථනා කිරීම, උදව් පැතීම වැනි අල්ලාහ් වෙනුවෙන් විය යුතු කරුණක් වෙනත් කෙනෙකුට යොමු කර පසුව ඔහු ඒ අයුරින්ම මිය ගියේ නම් සැබැවින්ම ඔහු අපා වාසීන් අතරින් වනු ඇත.' යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අපට දන්වා සිටයහ. ඊට අමතරව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා 'කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතැබූ තත්ත්වයේ මිය ගියේ ද සැබැවින්ම ඔහුගේ නවාතැන ස්වර්ගය වේ' යැයි පැවසීය.

හදීසයේ හරය

  1. ප්‍රාර්ථනාව නැමදුමකි. එය උත්තරීතර අල්ලාහ් වෙත හැර වෙනත් කිසිවෙකු වෙත යොමු නොකළ යුතුය.
  2. ඒක දේව වාදයේ මහිමය. කවරෙකු ඒ මත පදනම් ව මිය ගියේ ද ඔහු කළ ඇතැම් පාපකම් සඳහා ඔහුට දඬුවම් දෙනු ලැබුව ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත.
  3. ආදේශ කිරීමේ බරපතලකම. කවරෙකු ඒ මත පදනම් ව මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසෙනු ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (57)
අමතර