උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

යුදෙව්වන් හා කිතුනුවන්ට අල්ලාහ්ගේ දොසක්ම වේවා! ඔවුන් ඔවුන්ගේ ශාස්තෘවරුන්ගේ සොහොන් දේවස්ථාන බවට පත් කර ගත්තෝය. -ඔවුන් සිදු කළ දැයින් ප්රවේසම් විය යුතුය- එය එසේ නොවී නම්, එතුමාගේ සොහොන් ගැබද බැහැරට ගෙන එන්නට තිබුණි. එනමුත් දේවස්ථානයක් බවට ගැනීම ගැන බිය හේතුවෙන් එසේ නොකළේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මර්යම්ගේ පුත් ගැන කිතුනුවන් අතිශයෝක්තියෙන් ප්රශංසා කළාක් මෙන් නුඹලා මා සමග අතිශයොක්තියෙන් ප්රශංසා කරමින් කටයුතු නොකරනු. සැබැවින්ම මම ගැත්තෙක්මි. එහෙයින් නුඹලා ‘අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දුතයා’ යැයි පවසනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ් හැර යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද?! යම් පින්තූරයක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම් එය සමතලා නොකර හෝ අත් හැර නොදමනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මලක්වරුන් වළාවන් අතරට පහළ වී අහසෙහි තීන්දු කරන ලද කරුණු මෙනෙහි කරයි. ෂෙයිතාන් හොරෙන් කන්දී එයට සවන් දෙයි. පසුව ඔහු එය ඉන්ද්රුජාලිකයින් වෙත දන්වා සිටියි. ඔවුන් ඒ සමගම ඔවුන් වෙතින් ද බොරු සියයක් ගොතා පවසති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
‘අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය’ යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
බොරුකාරයකු ලෙස අල්ලාහ් මත දිවුරා සිටීම සත්යවාදියෙකු ලෙස ඔහු හැර වෙනත් කෙනෙකු මත දිවුරා සිටීමට වඩා මා වෙත ප්රියමනාපය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ආසාදනය හෝ අශුභවාදය නැත. නමුත් සුභවාදය මා සතුටු කරවයි. සුභවාදය කුමක්දැයි ඔවුහු විමසුවෝය. ‘දැහැමි වචනය’ යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අබියස අපි හතක් අටක් හෝ නව දෙනෙක් සිටියෙමු. එවිට එතුමා ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්රතිඥා දිය යුතු නොවේ ද යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකුට දැඩි අවශ්යතාවක් ඇති වී, ඔහු මිනිසුන්ගෙන් එය ඉල්ලා සිටින්නේ නම් ඔහුගේ අවශ්යතාව පිරිමැසෙන්නේ නැත. කවරෙකු එය අල්ලාහ් වෙතින් ඉල්ලා සිටින්නේ ද මතුලොවෙහි හෝ මෙලොවෙහි හෝ පෝෂණය අල්ලාහ් ඔහුට ළඟා කර දෙයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්රේෂ්ඨය) නුඹ පවසා සිටි මෙය පෙර පැවතුනු පිළිවෙත් වෙති. මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ඉස්රාඊල් දරුවන් මූසාට පැවසුවාක් මෙන් මෙය පවතී.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, අල්ලාහ් හා මා අභිමත කළ පරිදි සිදු විය. යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘නුඹ අල්ලාහ්ට ආදේශ තබන්නෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් කරන ප්රකාශය ඔහුට පමණක් විය යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් උපදෙස් දෙන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
එය ගළවා දමනු. සැබැවින්ම එය ඔබට සැකය මිස වෙනත් කිසිවක් වර්ධනය නොකරයි. එය ඔබ මත තිබියදී ඔබ මිය ගියේ නම්, කිසිවිටෙක ඔබ ජය නොලබනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු සුර පබළු එල්ලන්නේ ද අල්ලාහ් ඔහුට (ඔහුගේ කාර්යය) සම්පූර්ණ කරන්නේ නැත. කවරෙකු සුර බෙල්ලන් එල්ලන්නේ ද අල්ලාහ් ඔහුට (ඔහුගේ කාර්යය) සැහැල්ලු කරන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ රුවෙයිෆඃ! ජීවිතය ඔබට දීර්ගවනු ඇතැයි පෙනේ. තම රැවුල ගෙට ගසා සකසන්නන් හෝ මාල පළදින්නන් හෝ සත්ව අසූචි හා අස්ථිවලින් පිරිසිදු කරගන්නන්හට දන්වනු. සැබැවින්ම මුහම්මද් ඉන් නිදහස් අයෙකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ් අවම ලෙස දඬුවම් ලබන නිරාවාසීන්හට: “මහපොළොවේ ඇති යමක් ඔබ සතුව තිබුණේ නම් එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. එයට ඔහු ‘එසේය’ යැයි පිළිතුරු දෙයි. ඔහු: ‘නුඹ ආදම්ගේ කොඳු ඇට පෙළෙහි සිටියදී මීට වඩා පහසු දෙයක් මම නුඹෙන් ඉල්ලා සිටියෙමි. එනම් නුඹ මට ආදේශ නොකිරීමය. නමුත් නුඹ ආදේශ කිරීම මිස එයට පිටුපෑවෙහිය.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ අගුණ බලන්නෙකු නොවූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මෙම රූපය නිර්මාණය කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනාවට ලක් කරනු ලබති. එමෙන්ම ඔබ නිර්මාණය කළ දෑට පණ දෙනු යැයි ඔවුන් පවසනු ලබති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සුනඛයෙක් හෝ රූපයක් හෝ තිබෙන නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, ලා ඉලාහ ඉල්ල්ලලාහු යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ