1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ප්රතිපත්තිය

නබි වදනක් අහෝ අබූ හුරෙයිරා!" යැයි පවසා, මට එතුමාණන්ගේ පාවහන් යුගලය පිරිනමා, "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්න

عَن أبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ:
كُنَّا قُعُودًا حَوْلَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، مَعَنَا أَبُو بَكْرٍ، وَعُمَرُ فِي نَفَرٍ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ بَيْنِ أَظْهُرِنَا، فَأَبْطَأَ عَلَيْنَا، وَخَشِينَا أَنْ يُقْتَطَعَ دُونَنَا، وَفَزِعْنَا، فَقُمْنَا، فَكُنْتُ أَوَّلَ مَنْ فَزِعَ، فَخَرَجْتُ أَبْتَغِي رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَتَيْتُ حَائِطًا لِلْأَنْصَارِ لِبَنِي النَّجَّارِ، فَدُرْتُ بِهِ هَلْ أَجِدُ لَهُ بَابًا؟ فَلَمْ أَجِدْ، فَإِذَا رَبِيعٌ يَدْخُلُ فِي جَوْفِ حَائِطٍ مِنْ بِئْرٍ خَارِجَةٍ - وَالرَّبِيعُ الْجَدْوَلُ - فَاحْتَفَزْتُ، فَدَخَلْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: «أَبُو هُرَيْرَةَ» فَقُلْتُ: نَعَمْ يَا رَسُولَ اللهِ، قَالَ: «مَا شَأْنُكَ؟» قُلْتُ: كُنْتَ بَيْنَ أَظْهُرِنَا، فَقُمْتَ فَأَبْطَأْتَ عَلَيْنَا، فَخَشِينَا أَنْ تُقْتَطَعَ دُونَنَا، فَفَزِعْنَا، فَكُنْتُ أَوَّلَ مَنْ فَزِعَ، فَأَتَيْتُ هَذَا الْحَائِطَ، فَاحْتَفَزْتُ كَمَا يَحْتَفِزُ الثَّعْلَبُ، وَهَؤُلَاءِ النَّاسُ وَرَائِي، فَقَالَ: «يَا أَبَا هُرَيْرَةَ» وَأَعْطَانِي نَعْلَيْهِ، قَالَ: «اذْهَبْ بِنَعْلَيَّ هَاتَيْنِ، فَمَنْ لَقِيتَ مِنْ وَرَاءِ هَذَا الْحَائِطَ يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ، فَبَشِّرْهُ بِالْجَنَّةِ»، فَكَانَ أَوَّلَ مَنْ لَقِيتُ عُمَرُ، فَقَالَ: مَا هَاتَانِ النَّعْلَانِ يَا أَبَا هُرَيْرَةَ؟ فَقُلْتُ: هَاتَانِ نَعْلَا رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، بَعَثَنِي بِهِمَا مَنْ لَقِيتُ يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ، بَشَّرْتُهُ بِالْجَنَّةِ، فَضَرَبَ عُمَرُ بِيَدِهِ بَيْنَ ثَدْيَيَّ فَخَرَرْتُ لِاسْتِي، فَقَالَ: ارْجِعْ يَا أَبَا هُرَيْرَةَ، فَرَجَعْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَجْهَشْتُ بُكَاءً، وَرَكِبَنِي عُمَرُ، فَإِذَا هُوَ عَلَى أَثَرِي، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا لَكَ يَا أَبَا هُرَيْرَةَ؟» قُلْتُ: لَقِيتُ عُمَرَ، فَأَخْبَرْتُهُ بِالَّذِي بَعَثْتَنِي بِهِ، فَضَرَبَ بَيْنَ ثَدْيَيَّ ضَرْبَةً خَرَرْتُ لِاسْتِي، قَالَ: ارْجِعْ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا عُمَرُ، مَا حَمَلَكَ عَلَى مَا فَعَلْتَ؟» قَالَ: يَا رَسُولَ اللهِ، بِأَبِي أَنْتَ، وَأُمِّي، أَبَعَثْتَ أَبَا هُرَيْرَةَ بِنَعْلَيْكَ، مَنْ لَقِيَ يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ بَشَّرَهُ بِالْجَنَّةِ؟ قَالَ: «نَعَمْ»، قَالَ: فَلَا تَفْعَلْ، فَإِنِّي أَخْشَى أَنْ يَتَّكِلَ النَّاسُ عَلَيْهَا، فَخَلِّهِمْ يَعْمَلُونَ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «فَخَلِّهِمْ».

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වටා වාඩි වී සිටියෙමු. අප සමග එක් පිරිසක අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) ද වූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් අප අතරින් නැගිට, අපෙන් දුරස්ව ගියහ. අප නැතිව, එතුමාට යම් හානියක් සිදුවේදෝයි අපි බියවීමු. තිගැස්සී නැගිට සිටියෙමු. එසේ තිගැස්සුනු අය අතරින් පළමුවැන්නා මා විය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සොයමින් මම පිටත් වූයෙමි. නජ්ජාර් ගෝත්‍රයට අයත් අන්සාරිවරයකු සතු වතුයාය දක්වා පැමිණියෙමි. එයට දොරක් තිබේදැයි එය වටා ගොස් බැලුවෙමි. නමුත් මට කිසිවක් ලැබුණේ නැත. පිටත ඇති ලිඳකින් බිත්තිය මැදින් ගලා යන දියපහරක් විය. මම එහි රිංගා අල්ලාහ්ගේ දූතයාණන් වෙතට පිවිසුණෙමි. එවිට එතුමාණෝ: "අබූ හුරෙයිරාදැ?"යි විමසූහ. මම, "අල්ලාහ්ගේ දූතයාණනි, එසේය", යැයි පිළිතුරු දුන්නෙමි. "ඔබේ කාරණාව කුමක්දැ?"යි එතුමාණෝ විමසූහ. "ඔබ අප අතර සිටියෙහිය. පසුව නැගිට අපෙන් දුරස්ව ගියහ. අප නොමැතිව ඔබට යමක් සිදු කරනු ලබනු ඇතැයි අපි බිය වීමු. අපි තිගැස්සුණෙමු. එසේ තිගැස්සී ගිය අය අතරින් පළමුවැන්නා මම වූයෙමි. පසුව මම මේ බිත්තිය වෙත පැමිණියෙමි. නරියකු රිංගා යන්නාක් මෙන් මම ද රිංගා මෙහි ඇතුළු වූයෙමි. මට පසුපසින් ජනයා ද සිටිති" යැයි පැවසුවෙමි. "අහෝ අබූ හුරෙයිරා!" යැයි පවසා, මට එතුමාණන්ගේ පාවහන් යුගලය පිරිනමා, "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්න." යැයි පැවසුහ. මා හමු වූ පළමුවැන්නා උමර් තුමා විය. එවිට එතුමා: "අහෝ අබූ හුරෙයිරා! මේ පාවහන් යුගල කුමක් දැ?"යි විමසා සිටියේය. එවිට මම: "මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් යුගලයයි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහු' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු මා හමු වූයේ නම්, ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා එතුමාණෝ මා එවූහ." යැයි පැවසුවෙමි. මාගේ පපු දෙක අතරට උමර් තුමා එතුමාගේ දෑතින් පහරක් දුන්හ. මම පසු පස්සට ඇඳ වැටුණෙමි. පසුව එතුමා: "අහෝ අබූ හුරෙයිරා! ඔබ නැවත හැරී යනු" යැයි පැවසීය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත හැරී ගියෙමි. මම හඬා වැළපුණෙමි. උමර් තුමා මා මෙහෙය වූහ. මම ද එහි සළකුණු සමගම සිටියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ අබූ හුරයිරා ඔබට කුමක් සිදුවී ද?" යැයි විමසූහ. මම: "මා උමර්ව හමුවී ඔබ මා කවර කරුණක් සඳහා එවා සිටියේ ද ඒ ගැන මම එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා මාගේ පපු දෙක අතරට පහරක් දුන්හ. මාගේ පසු පැත්තට මම ඇද වැටුණෙමි. එවිට එතුමා මට: "හැරී යන්න"යි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ, අහෝ උමර්, ඔබ කළ දෑ සඳහා ඔබව පෙළඹවූයේ කුමක් ද?" එතුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔහු හමු වූයේ නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා ඔබේ පාවහන් දෙක සමග ඔබ අබූ හුරෙයිරාව එව්වෙහි ද?" යැයි විමසුහ. එතුමාණෝ, "එසේය" යැයි පැවසූහ. එවිට උමර් තුමා, "ඔබ තුමාණන් එසේ නොකරන්න. මිනිසුන් හුදෙක් ඒ මතම රැඳී සිටිනු ඇතැයි මම බියවීමි. ඔවුන්ට ක්‍රියා කරන්නට ඔවුන් අත්හරින්න." යැයි පැවසුහ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "එසේ නම් ඔවුන් අත්හැර දමන්න."

صحيح رواه مسلم صحيح مسلم - 31

විවරණය

අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) අතුළුව සහාබාවරුන් පිරිසක් අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වාඩි වී සිටියහ. පසුව එතුමාණෝ නැගිට ඔවුන් අතරින් සෙමින් යන්නට වූහ. සතුරන්ගෙන් යම් කරදරයක් එතුමාණන්ට සිදුවේදෝයි අපි බියවීමු. සහාබාවරු තිගැස්සී නැගිට සිටියෝය. එසේ තිගැස්සුනු අය අතරින් පළමුවැන්නා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විය. අවසානයේ හෙතෙම නජ්ජාර් ගෝත්‍රයට අයත් අන්සාරිවරයකු සතු වත්තකට පැමිණ, එය වටා යමින් එහි විවෘතව ඇති දොරක් තිබේදැයි සොයා බැලුව ද ඔහුට කිසිවක් ලැබුණේ නැත. නමුත් පිටත ඇති ලිඳකින් බිත්තිය මැදින් දියපහරක් ගලා යන විවරයක් හෙතෙම දුටුවේය. පසුව ඔහුගේ ඇඟ පොඩි කරවාගෙන එහි පිවිසීය. ඔහු එහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දුටුවේය. එවිට එතුමාණෝ: "අබූ හුරෙයිරාදැ?"යි විමසූහ. ඔහු, "එසේය" යැයි පැවසීය. "ඔබේ කාරණාව කුමක්දැ?"යි එතුමාණෝ විමසූහ. අබූ හුරෙයිරා තුමා, "ඔබ අප අතර සිටියෙහිය. පසුව නැගිට අපෙන් දුරස්ව ගියහ. අප නොමැතිව ඔබට යමක් සිදු කරනු ලබනු ඇතැයි අපි බිය වීමු. අපි තිගැස්සුණෙමු. එසේ තිගැස්සී ගිය අය අතරින් පළමුවැන්නා මම වූයෙමි. පසුව මම මේ බිත්තිය අසළට පැමිණියෙමි. නරියකු රිංගා යන්නාක් මෙන් මම ද රිංගා මෙහි ඇතුළු වූයෙමි. මට පසුපසින් ඒ ජනයා ද සිටිති" යැයි පැවසුවේය. ඔහු සත්‍යවාදියෙකු යැයි සහතික වනු පිණිස සළකුණක් හා සංකේතයක් ලෙස එතුමාණන්ගේ පාවහන් යුගලය ඔහුට පිරිනමා, මෙසේ පැවසූහ: "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, "ලා ඉලාහ ඉල්ල්ලලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම්, ඔහු තුළ මෙම ගුණාංග වී නම්, ඔහුට ස්වර්ගය හිමි බව ශුභාරංචි දන්වන්න." මා හමු වූ පළමුවැන්නා උමර් තුමා විය. එවිට එතුමා, "අහෝ අබූ හුරෙයිරා මේ පාවහන් යුගල කුමක් දැ?"යි විමසා සිටියේය. එවිට මම: "මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් යුගලයයි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහු' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු මා හමු වූයේ නම්, ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා එතුමාණෝ මා එවූහ." යැයි හෙතෙම පවසා සිටියේ ය. එවිට උමර් තුමා මාගේ පපුවට එතුමාගේ අතින් පහරක් දුන්හ. මම පසු පස්සට ඇඳ වැටුණෙමි. පසුව එතුමා: "අහෝ අබූ හුරෙයිරා, ඔබ නැවත හැරී යනු" යැයි පැවසීය. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අඬන්නට සූදානම්, වෙනස් වූ මුහුණකින් යුතුව බියෙන් හැරී ගියෙමි. උමර් තුමා ද මා ලුහුබදිමින් මා පසුපසින් ඇවිදගෙන ආවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ අබූ හුරයිරා! ඔබට කුමක් සිදුවී ද?" යැයි විමසූහ. මම: "මා උමර්ව හමුවී ඔබ මා කවර කරුණක් සඳහා එවා සිටියේ ද ඒ ගැන මම එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා මට පහරක් දුන්හ. මාගේ පසු පැත්තට මම ඇද වැටුණෙමි. පසුව එතුමා මට: "හැරී යන්න"යි පැවසූහ යැයි කීවෙමි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "අහෝ උමර්! ඔබ කළ දෑ සඳහා ඔබව පෙළඹවූයේ කුමක් ද?" උමර් තුමා, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔහු හමු වූයේ නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා ඔබේ පාවහන් දෙක සමග ඔබ අබූ හුරෙයිරාව එව්වෙහි ද?" යැයි විමසීය. එතුමාණෝ, "එසේය" යැයි පැවසූහ. එවිට උමර් තුමා, "ඔබ තුමාණන් එසේ නොකරන්න. මිනිසුන් ක්‍රියාවන් නොකර හුදෙක් එම ප්‍රකාශය මත පමණක් රැඳී සිටිනු ඇතැයි මම බියවීමි. එබැවින් ඔවුන් ක්‍රියා කරන්නට අත්හරින්න." යැයි පැවසුහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "එසේ නම් ඔවුන් අත්හැර දමන්න."

හදීසයේ හරය

  1. සහාබාවරු අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි තබා ඇති දැඩි ආදරය, සෑම කරදරයකින්ම එතුමාණන්ව ආරක්ෂා කළ යුතු යැයි ඔවුන් තුළ තිබූ දැඩි අපේක්ෂාව.
  2. සතුටුදායක පුවත් දන්වා සිටීම ආගමානුගත කරන ලැබූවකි.
  3. දේව විශ්වාසය යනු ප්‍රකාශ, ක්‍රියා හා ප්‍රතිපත්ති මත ගොඩ නැගුණකි.
  4. අල් කාළි ඉයාල් සහ තවත් කිහිප දෙනෙකු පවසා සිටිනුයේ: උමර් (රළියල්ලාහු අන්හු) තුමා සිදු කළ ක්‍රියාව හා ඔහුව නැවත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත හරවා යැවීම එතුමාණන්ට සිදු කළ පිටුපෑමක් හෝ එතුමාණන්ගේ නියෝගය හෙළා දැකීමක් හෝ නොවේ. එසේ නම්, අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන්ව කවර කරුණක් සමග එව්වේ ද එය ප්‍රජාවේ හදවත් පිවිතුරු කරන්නක් නො වන්නට තිබුණි. ඔවුන්ට එය ශූභාරංචියක් නොවන්නට තිබුණි. උමර් (රළියල්ලාහු අන්හු) තුමා එසේ එය වසන් කිරීම දුටුවේ ඔවුනට එය වඩාත් දැහැමි හා ඔවුන් ඒ මත පමණක් රැඳී නො සිටීමට වඩාත් යෝග්‍යය බවය. තවද සැබැවින්ම මෙම ශුභාරංචිය ප්‍රමාද කිරීම ඔවුන් යහපත් කටයුතුවල අඛණ්ඩව නිරත වන්නට වඩාත් උචිත ක්‍රියාවක් වන බවය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට එතුමා එය ඉදිරිපත් කළ කල්හි එතුමාණන් එය නිවැරදි කර ගත්හ.
  5. නවවි තුමා මෙසේ පවසයි, "සැබැවින්ම නායකයකු හෝ ප්‍රධානියෙකු හෝ පොදුවේ යම් කරුණක් දැක, ඔහුගේ අනුගාමකයින් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් එහි දකින්නේ නම්, අනුගමනය කරනු ලබන්නා එය දකිනු පිණිස අනුගමනය කරන්නා එය ඔහුට ඉදිරිපත් කළ යුතු බව මෙම හදීසයෙන් ගම්‍ය වේ. අනුගාමිකයා පැවසූ දෑ නිවැරදි බව ඔහුට හැඟී ගිය විට ඒ වෙත ඔහු යොමු විය යුතුයි. එසේ නොවන්නේ නම් අනුගාමිකයා විසින් ඉදිරිපත් කළ එම සැක සහිත කරුණට පිළිතුරු දෙමින් ඔහුට පැහැදිලි කළ යුතුය."
  6. මහජන අවශ්‍යතා සඳහා හෝ දූෂනයට ඇති බිය නිසා හෝ අවශ්‍ය නොවන ඇතැම් කරුණු පතුරුවා හැරීමෙන් වැළකී සිටීමේ අවසරය.
  7. ඒක දේවත්වය විශ්වාස කරන වාසීන් හට මෙය ශුභාරංචියකි. කවරෙකු හදවතින්ම අවංක ලෙස 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි සාක්ෂි දරමින් මිය ගියේ ද ඔහුට ස්වර්ගය හිමි වන්නේය.
  8. උමර් රළියල්ලාහු අන්හු තුමාගේ ශක්තිය, එතුමාණන්ගේ ප්‍රඥාව හා එතුමාණන් තුළ තිබූ ගැඹුරු අවබෝධය.
  9. නවවි තුමා මෙසේ පවසයි. "අවසරයකින් තොරව වෙනත් කිසිවකුට අයිති තැනකට පිවිසීමේ අනුමැතිය. එය ඔවුන් දෙදෙනා අතර ඇති ආදරය හෝ වෙනත් කරුණු මත පදනම්ව ඔහු එය පිළිගන්නා බව දැනගත් අවස්ථාවකදී ය."

අර්ථ කථන නිරීක්ෂණය

40 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
KN ಕನ್ನಡ الكانادا
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية