عَنْ عُمَرَ بْنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ:
قَدِمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَبْيٌ، فَإِذَا امْرَأَةٌ مِنَ السَّبْيِ قَدْ تَحْلُبُ ثَدْيَهَا تَسْقِي، إِذَا وَجَدَتْ صَبِيًّا فِي السَّبْيِ أَخَذَتْهُ، فَأَلْصَقَتْهُ بِبَطْنِهَا وَأَرْضَعَتْهُ، فَقَالَ لَنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَتُرَوْنَ هَذِهِ طَارِحَةً وَلَدَهَا فِي النَّارِ؟» قُلْنَا: لاَ، وَهِيَ تَقْدِرُ عَلَى أَلَّا تَطْرَحَهُ، فَقَالَ: «لَلَّهُ أَرْحَمُ بِعِبَادِهِ مِنْ هَذِهِ بِوَلَدِهَا».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5999]
المزيــد ...
උමර් ඉබ්නුල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත සිරකරුවන් පැමිණියෝය. එවිට සිරකරුවන් අතර කාන්තාවක් සිටියා ය. ඇය සිරකරුවන් අතර සිටින ඇගේ දරුවා දුටු වහාම ඔහු රැගෙන ඇගේ කුසට තුරුල් කර ගනිමින් ඔහුට කිරි පොවන්නට වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: “මෙම කාන්තාව ඇගේ දරුවා නිරා ගින්නට විසි කරනු ඇතැයි ඔබ සිතන්නෙහුද?“ යැයි විමසූහ. අපි: "නැත, ඇයට ඔහුව ඉවත දැමිය නොහැක" යැයි පිළිතුරු දුනිමු. එවිට එතුමාණෝ: “ඇය මේ දරුවාට දැක් වූ ආදරයට වඩා අල්ලාහ් තම ගැත්තාට ඉතා ආදරවන්තය.“ යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5999]
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත හවාසින් සිරකරුවන් ගෙන එන ලදී. එවිට ඔවුන් අතරින් තම දරුවා සොයමින් සිටි කාන්තාවක් ද සිටියා ය. ඇය දරුවා දුටු වහාම තම තන්පිඩුවල කිරි පෙවීමට ඔහුව තුරුල් කර ගන්නට සිතුවා ය. එලෙස ඇගේ දරුවා සිරකරුවන් අතර විය. ඔහුව රැගෙන කුසට තුරුල් කර ගෙන කිරි පොවන්නට වූවා ය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: මෙම කාන්තාව ඇගේ දරුවා අපා ගින්නට විසි කරනු ඇතැයි ඔබ සිතන්නෙහුද? අපි: "ඇය කවරදාකවත් කැමැත්තෙන් ඔහුව ඉවත දමන්නේ නැත" යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “ඇය මේ දරුවාට දක්වන ආදරයට වඩා අල්ලාහ් තමන්ට අවනත වන තම ගැත්තන් හට ඉතා ආදරවන්ත ය.“ යැයි පැවසූහ.