عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال: قال رَسُولُ الله صلى الله عليه وسلم:
«إِنَّ اللهَ يَغَارُ، وَإِنَّ الْمُؤْمِنَ يَغَارُ، وَغَيْرَةُ اللهِ أَنْ يَأْتِيَ الْمُؤْمِنُ مَا حَرَّمَ عَلَيْهِ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2761]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. ‌එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් ‌කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2761]

විවරණය

දේවත්වය විශ්වාස කරන්නා කෝපය, ක්‍රෝධය හා පිළිකුල් කරයි. එලෙසම අල්ලාහ් ද කෝපය, ක්‍රෝධය හා පිළිකුල් කරන්නේය. අල්ලාගේ කෝපයට හේතුව, දේවත්වය විශ්වාස කළ අයට අල්ලාහ් තහනම් කළ කාමමිථ්‍යාචාරය, අනාචාරය, සොරකම, මත්පැන් පානය සහ වෙනත් දුරාචාර ක්‍රියාවන් ඔහු විසින් සිදු කිරීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

හදීසයේ හරය

  1. අල්ලාහ් තහනම් කළ දෑ උල්ලංඝනය කළ විට, ඔහුගේ කෝපයට හා ඔහුගේ දඬුවමට ලක්වීමෙන් ප්‍රවේසම් වීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (56)
අමතර