عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال: قال رَسُولُ الله صلى الله عليه وسلم:
«إِنَّ اللهَ يَغَارُ، وَإِنَّ الْمُؤْمِنَ يَغَارُ، وَغَيْرَةُ اللهِ أَنْ يَأْتِيَ الْمُؤْمِنُ مَا حَرَّمَ عَلَيْهِ».
المزيد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය."