ප්‍රවර්ගය: ප්රතිපත්තිය .

عن عمر رضي الله عنه قال: «بينما نحن جلوسٌ عند رسول الله صلى الله عليه وسلم ذات يوم إذ طَلَعَ علينا رجلٌ شديد بياض الثياب، شديد سَواد الشعر، لا يُرى عليه أثرُ السفر ولا يعرفه منَّا أحدٌ، حتى جلس إلى النَّبيِّ صلى الله عليه وسلم ، فأسنَد ركبتيْه إلى ركبتيْه، ووضع كفَّيه على فخذيْه، وقال: يا محمد أخبرْني عن الإسلام؟ فقال رسول الله صلى الله عليه وسلم : الإسلامُ أن تشهدَ أن لا إله إلا الله وأنَّ محمداً رسول الله، وتقيم الصلاة، وتُؤتيَ الزكاة، وتصومَ رمضان، وتحجَّ البيت إن استطعتَ إليه سبيلاً، قال: صدقتَ، فعَجِبْنا له يَسأله ويُصدِّقه، قال: فأخبرْني عن الإيمان؟ قال: أن تؤمنَ بالله وملائكته وكُتبه ورسُله واليوم الآخر، وتؤمن بالقدَر خيره وشرِّه، قال: صدقتَ، فأخبرْني عن الإحسان؟ قال: أن تعبدَ الله كأنَّك تراه، فإن لَم تكن تراه فإنَّه يراك، قال: فأخبرني عن الساعة؟ قال: ما المسؤول عنها بأعلمَ مِن السائل، قال: فأخبرني عن أمَاراتِها؟ قال: أنْ تلِدَ الأَمَةُ ربَّتَها، وأنْ تَرَى الحُفاةَ العُراة العَالَة رِعاءَ الشاءِ يَتَطاوَلون في البُنيان، ثمَّ انطلق فَلَبِثَ مليًّا ثم قال: يا عمر أتدري مَن السائل؟ قلتُ: الله ورسوله أعلم، قال: فإنَّه جبريلُ أتاكم يعلِّمُكم دينَكم».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: "c2">“අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ දිනක් අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු උදා විය. ගමනක සළකුණක් හෝ ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකුත් ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර; ඔහුගේ අත්දෙක ඔහුගේ කලවා දෙක මත තබා වාඩි වී මෙසේ විමසීය: ‘අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න?’ එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම යැයි පැවසූහ. පසුව ඔහු. ‘ඔබ සත්යාය ප්රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාගෙන් විමසයි. එය සත්ය ය යැයි ද පවසයි. ඔහු තවදුරටත් ‘ඊමානය ගැන තොරතුරු මට දන්වන්නැ?යි විමසා සිටියේය. එතුමා: ඔබ අල්ලාහ්, ඔහුගේ දූතයින්, ඔහුගේ ග්රන්ථ හා අවසන් දිනය විශ්වාස කිරීම හා හොද හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි. ඔහු ඔබ සත්යමය ප්රකාශ කළෙහිය. නැවතත් ‘මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමා: ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි. මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න යැයි පැවසීය. එතුමා: විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන මැනවින් දන්නාය.’ ඔහු ‘අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්න. එතුමා: වහලියක් තම ස්වාමි පුත්රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වස්ත්ර, එළුවන් බලා කියා ගන්නා උදවිය උස් ගොඩ නැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති. පසුව ඔහු හැරී ගියේය. එතුමා මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර් විමසා සිටි තැනැත්තා කවුරුන්දැයි ඔබ දන්නෙහි ද? මම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දන්නාය. යැයි පැවසුවෙමි. එතුමා “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා කිසිවකුත් නොහඳුනන රුවකින් සහාබාවරුන් අතරට පැමිණියේය. එවිට ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අබියස වාඩිවෙමින් සිටියෝය. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිසුවෙකු වාඩි වන්නාක් මෙන් ආදර්ශමත් ලෙස වාඩි වී ඉස්ලාමය පිළිබඳ විමසා සිටියේය. එවිට එතුමා ඔහුට සාක්ෂියේ ප්රකාශ දෙක පිළිගැනීම, පස් වතාවක් සලාත් සුරක්ෂිත ව ඉටු කිරීම, සකාතය සුදුසු අය වෙත පිරිනැමීම, සැබෑ චේතනාවෙන් යුතුව රමළාන් මාසයේ උපවාසයේ යෙදීම හැකියාව ඇත්තන් හජ් වන්දනාව අනිවාර්යයෙන් ඉටු කිරීම යන කරුණු ඇතුළත් මෙම වගකීම් ගැන පිළිතුරු වශයෙන් දන්වා සිටියහ. පසු ව ඔහු එය සත්ය බව පවසා සිටියේය. තමන් මතු කළ දෑ නොදන්නා බව පෙන්වමින්, පසු ව ඔහුම එය සත්යය බව පවසා සිටීම ගැන සහගාමීහු පුදුමයට පත් වූහ. පසුව ඔහු එතුමාගෙන් ඊමානය ගැන විමසා සිටියේය. එවිට එතුමා සැබැවින්ම අල්ලාහ් මැවුම්කරුය; පෝෂකයාය; අඩුපාඩුවලින් පිවිතුරු වූ පූර්ණ ගුණාංගවලින් යුක්තය. සැබැවින්ම අල්ලාහ් මැවූ මලක්වරුන් ගෞරවනීය ඔහුගේ ගැත්තන්ය. ඔවුන් කිසිවිටෙක ඔහුට පිටුපාන්නේ නැත. ඔහුගේ නියෝගය අනුව ක්රියා කරනු ඇත. එමෙන්ම අල්ලාහ් වෙතින් පැමිණි දහම් දූතවරුන් මත පහළ කරන ලද පුස්තක පිළිබඳ විශ්වාස විශ්වාස කළ යුතුය. රසූල්වරුන් අල්ලාහ් ගැන හා ඔහුගේ දහම ගැන ප්ර්චාරය කරන්නන්ය. සැබැවින්ම මිනිසා මිය ගිය පසු ව යළි අවදි කරනු ලබති යනුවෙන් පවසා සිටියහ. අනතුරුව ඔහු ඉහ්සාන් පිළිබඳ එතුමාගෙන් විමසා සිටියේය. එවිට එතුමා සැබැවින්ම ඉහ්සාන් යනු අල්ලාහ්ව තමන් ඉදිරියේ දකිනවාක් මෙන් ඔහුට නැමදුම් කිරීමය. එම නැමදුම්හි ඔහු පෙනෙන්නට නොවූව ද ඔහු ගැන බියෙන් ඔහුට නැමදුම් කළ යුතුය. සැබැවින්ම ඔහු නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. යැයි පවසා සිටියහ. පසුව සැබැවින්ම අවසන් හෝරාව පිළිබඳ කිසිදු මැවීමක් නොදන්නා බව ද අවසන් හෝරාවේ සළකුන අතරින් වහලුන්ගේ සංඛ්යාකව හා ඔවුන්ගේ දරුවන් වැඩි වීමත් දරුවන් තම මව්වරුන්ට අධික ලෙස හිංසා කිරීමත්. වහලියන් සමග කටයුතු කරන අයුරින් ඔවුන් සමග කටයුතු කරනු ඇති බවත් සැබැවින්ම අවසන් කාලයේදී එළුවන් රැකබලා ගන්නා දුගී දුප්පතුන්හට මෙලොව පහසුකම් ඇතිවන බවත් ගොඩනැගිලි අලංකරණය හා ඉදි කිරීම යනාදියෙහි එකිනෙකා අතර උදම් අනන බවත් එතුමා පැහැදිලි කර සිටියහ. පසුව "c2">“මොහු ජිබ්රීල්ය. නුඹලාගේ දහම නුඹලාට ඉගැන්වීම සඳහා නුඹලා වෙත පැමිණ ඇත.” යන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කියමනට අනුව මේ සෑම ප්රශ්නයක්ම හා පිළිතුරක්ම මෙම පිවිතුරු දහම ජිබිරීල් අලයිහිස් සලාම් තුමාගෙන් හැදෑරීම සඳහා විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ යහපත් ගුණාංග පිළිබඳ පැහැදිලි කිරීම. සැබැවින්ම එතුමා තම සහගාමීන් සමග වාඩි වූහ. ඔවුන් ද එතුමා වෙත ළංවී වාඩි වූවෝය. එතුමා වෙන්ව ගියේ නැත. ඔවුනට වඩා ඉහළින් එතුමාව සැලකුවේ ද නැත.
  2. මහිමයලත් උදවිය වෙත පිවිසීමේදී පිරිසිදුකම, වස්ත්රය හා ස්වරූපය පිළිවෙලට සකසා ගැනීම. සැබැවින්ම ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා ජනයා ඉදිරියේ ගුරුවරයකු ලෙස පැමිණියේ එවන් තත්ත්වයක හා එවන් නිලයකය.
  3. සැබැවින්ම මලක්වරුන් (අලයිහිමුස් සලාම්) වනාහි, ඔවුන්ගේ ස්වරූපය හැරනේනට වෙනත් ස්වරූපවලින් ද වෙස් වළාගත හැකිය.
  4. අසන තැනැත්තාට කරුණාව දැක්වීම සහ නිහතමානී වීම, එනිසා බාධාවකින් තොරව හා බියකින් තොරව ප්රශ්නය අසන්නට ඔහුට හැකි වනු ඇත.
  5. දැනුම සෙවීම සඳහා ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉදිරියේ විනයානුකූලව වාඩිවී ක්රියා කළ අයුරින් ගුරුවරයකු සමග කටයුතු කළ යුතු විනය.
  6. ‘අහෝ මුහම්මද්’ යනුවෙන් වාක්යය හසුරුවීමේ අවසරය පෙන්වා දෙයි. මෙම ප්රකාශය ගැමි අරාබිවරුන්ගේ කතා ශෛලයයි. එමගින් ඔහු ගැමි අරාබිවරයකු මෙන් වාක්යය හසුරුවේය. එසේ නොවේ නම් උසස් ගතිගුණවලින් හැඳුණු නගරවාසීහු මෙවැනි ආකාරයෙන් දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අමතන්නේ නැත.
  7. ඉස්ලාම්, ඊමාන් හා ඉහ්සාන් අතර පවතින වෙනස්කම් පැහැදිලි කිරීම.
  8. සැබැවින්ම විශ්වාසය වනාහි, ගුප්ත දෑ විශ්වාස කිරීමේ සමස්තය මූලික විශ්වාසයන් හයක් මත පදනම්ව පවතී.
  9. සැබැවින්ම ඉස්ලාමයේ වගකීම් පහකි. ඊමානයේ මූලිකාංග හයකි.
  10. ඉස්ලාම් හා ඊමාන් එකට පවසන විට ඉස්ලාමය බාහිර කරුණු මත පදනම්ව හා ඊමානය අභ්යසන්තර කරුණු මත පදනම්ව විස්තර කර ඇත්තාහ.
  11. ඉහ්සාන්හි උසස් නිලය පැහැදිලි කිරීම.
  12. විමසන්නාගේ මූලික හරය නොදැනුවත්කමයි. සැබැවින්ම නොදැනුවත්කම ප්රශ්න අසන්නට පොළඹවයි.
  13. ඉස්ලාමය ගැන පැහැදිලි කිරීමේදී ප්රිතිපත්තිමය ප්රකාශ දෙකින් ආරම්භ කර ඇති අතරම ඊමානය පැහැදිලි කිරීමේදී අල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීමෙන් ආරම්භ කර ඇති බැවින් වඩාත් වැදගත් දැයින් ආරම්භ කර පසුව ඉන්පසු වැදගත් දෑ පැවසීම.
  14. ශ්රාවකයා දැනගනු පිණිස විමසන්නා නොදන්නා දෙයක් දැනුමැත්තා විසින් විමසා සිටීම.
  15. නොදන්නා දෙයක් වෙනුවෙන් විමසනු ලබන්නා දක්වන ප්රකාශය වශයෙන් ‘අල්ලාහු අඃලම්’- මැනවින් දන්නා අල්ලාහ්ය යැයි පැවසීම.
  16. අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ගේ දැනුම තුළ පවතින්නකි.
  17. අවසන් හෝරාවේ සළකුණු කිහිපයක් විස්තර කිරීම.