عن أبي موسى الأشعري رضي الله عنه مرفوعاً: «إن الله ليُمْلِي للظالم، فإذا أخذه لم يُفْلِتْهُ»، ثم قرأ: (وكذلك أخذ ربك إذا أخذ القرى وهي ظالمة إن أخذه أليم شديد).
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකරුට කල් දෙන්නේය. නමුත් ඔහුව ග්රහණය කළ විට ඔහුව අතහැර නොදමන්නේමය.” පසුව සූරා හූද් හි 102 වැනි පාඨය පාරායනය කළහ. “ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය ඔහු ග්රහණය කළ විට නුඹගේ පරමාධිපතිගේ ග්රහණය එලෙසම වන්නේය. නියත වශයෙන්ම ඔහුගේ ග්රහණය දැඩි වේදනා සහගතය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකරුට කල් දෙන බවත් ඔහු ඔහුටම අපරාධ කර ගන්නට ඉඩ හරින බවත් අවසානයේ ඔහුව ග්රහණය කරන විට ඔහුට හිමි දඬුවම පූර්ණව ලැබෙන තුරු ඔහුව අතහැර නොදමන බවත් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා, පසු ව “ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය ඔහු ග්රහණය කළ විට නුඹගේ පරමාධිපතිගේ ග්රහණය එලෙසමය. නියත වශයෙන්ම ඔහුගේ ග්රහණය දැඩි වේදනා සහගතය.” යන අල් කුර්ආන් 11:102 වන වැකිය පාරායනය කළහ.