عن أبي هريرة رضي الله عنه مرفوعاً: «إنَّ الله لا ينْظُرُ إِلى أجْسَامِكُمْ، ولا إِلى صُوَرِكمْ، وَلَكن ينْظُرُ إلى قُلُوبِكمْ وأعمالكم».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ හැඩරූ දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්රියාවන් දෙස බලයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
නුඹලාගේ ශරීරය හා නුඹලාගේ හැඩරුව සඳහා සැබැවින්ම අල්ලාහ් නුඹලාට කුසල් හෝ ප්රතිඵල පිරිනමන්නේ නැත. එමගින් ශුද්ධ වූ අල්ලාහ්ට සමීප වීමට මගක් නුඹලාට නොලැබෙනු ඇත. නමුත් ප්රතිඵල හිමිවනුයේ නුඹලාගේ සිත් තුළ ඇති අවංකභාවය හා සත්යබව සඳහා හා නුඹලා ක්රියා කරන දැහැමි ක්රියාවන්ට අනුවය.