ප්‍රවර්ගය:

عن أبي هريرة رضي الله عنه مرفوعا: "قال تعالى : أنا أغنى الشركاء عن الشرك؛ من عمل عملا أشرك معي فيه غيري تركتُه وشِرْكَه".
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කළේය: “ආදේශ තබන්නන් ආදේශ තැබීමෙන් මම ස්වාධීන වෙමි. කවරෙකු මා සමග මා හැර වෙනත් කෙනෙකු හවුල් කරමින් ක්රියාවක් සිදු කළේ ද සැබැවින්ම මම ඔහු හා ඔහුගේ ආදේශය ද අතහැර දැමුවෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කීර්තිමත් හා ගෞරවණීය ඔහුගේ පරමාධිපති පිළිබඳ දන්වා සිටියි. -මෙවන් හදීස්වලට ‘අල් හදීස් අල් කුද්සී’- යනුවෙන් සඳහන් කෙරේ. කිසිවකු වෙනුවෙන් මුහුණිච්ඡාවෙන් හෝ වෙනත් යම් කටයුත්තකින් හෝ හවුල්කරුවකු ඇතුළත් වන ක්රියාවෙන් ඔහු නිදහස් වන්නේය. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔහු වෙනුවෙන් කරන පිවිතුරු දෑ හැර වෙනත් කිසිවක් පිළිගන්නේ නැති බැවිණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සියලුම ආකාරයේ ආදේශයන්ගෙන් ප්රවේසම් වීම. සැබැවින්ම එය සත්ක්රියා පිළිගනු ලැබීමෙන් වළක්වන්නකි.
  2. ආදේශ තැබීමේ සියලුම කිලිටිවලින් මිදී අල්ලාහ්ට පමණක් අවංකභාවය ඉදිරිපත් කිරීමේ අනිවාර්යයභාවය.
  3. ‘කතා කිරීම’ යන ගුණාංගයෙන් අල්ලාහ් වර්ණනා කරනු ලැබ ඇත.
  4. උත්තරීතර අල්ලාහ් සහජයෙන්ම ස්වාධීනය යන ගුණාංගය තහවුරු කිරීම.
  5. අල්ලාහ්, තමන් වෙත අවංකව ඉටු කරන ක්රියාදාමයන් මිස වෙනත් ක්රියාවක් පිළිගන්නේ නැත.
  6. අල්ලාහ්ගේ ත්යාගශීලිත්වය තහවුරු කිරීම.
ප්‍රවර්ග
අමතර