عن عبد الله بن مسعود رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: "هلك المُتَنَطِّعون -قالها ثلاثا-".
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“අතිශයෝක්තියෙන් කටයුතු කරන්නෝ විනාශ වූවෝය. - මෙය තුන්වරක් එතුමා පැවසූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම කටයුතුවලදී ගැඹුරින් කටයුතු කිරීම හා එහි අතිශයෝක්තිය විනාශයට හේතුවක් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැහැදිලි කර සිටියේය. එතුමාණන් ඉන් අදහස් කළේ එහි තහනමයි. ඒ අතරින් පිළිකුල් වන තරමට ඉන් ඉවත් වන තරමට නැමදුම්හි තමන්ව කැප කිරීම ද ඉන් එකකි. එමෙන්ම කතාවේ අතිශයෝක්තිය හා එහි ගැඹරට යාම ද එලෙසමය. වරදකාරී කතාවේ දරුණුතම ස්වරූපය මෙන්ම ඉන් වැළකී සිටිය යුතු උච්චතම අවස්ථාව වනුයේ: දේව ආදේශය වෙත රැගෙන යන සීමාවේ තරමට දැහැමියන් ගරුබුහුමන් කිරීමෙහි ඉක්මවා යෑමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සියලුම කටයුතුවලදී අතිශයෝක්තියෙන් වැළකී සිටීමට උනන්දු කරවීම. විශේෂයෙන් නැමදුම්වල හා දැහැමියන් අගය කිරීමෙහි ප්රවේසම් විය යුතුයි.
  2. තම ප්රීජාවේ ජයග්ර්හණය සඳහා එතුමාගේ දැඩි උනන්දුව හා ප්රේචාරය කිරීමෙහි එතුමාගේ කැපවීම.
  3. සියලුම කටයුතුවලදී අතිශයෝක්තිය තහනම් කිරීම.
  4. වැදගත් කටයුතු සනාථ කිරීම සතුටුදායකය.
  5. සෑම දෙයකම මධ්යස්ථව කටයුතු කිරීමට උනන්දු කරවීම.
  6. ඉස්ලාමයේ පවතින කරුණාව හා එහි සැහැල්ලුභාවය.
අමතර