ප්‍රවර්ගය:

عن أبي هريرة رضي الله عنه قال: قلت: يارسول الله، "من أسعد الناس بشفاعتك؟ قال: من قال لا إله إلا الله خالصا من قلبه".
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා: අල්ලාහ්ගේ දූතයාණනි! ‘ඔබේ නිර්දේශය තුළින් වඩාත් සතුටු වන ජනයා කවුරුන්දැයි?’ මම විමසුවෙමි. එතුමා: “කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් දෙවියකු නොමැති) යැයි තම පිවිතුරු හදවතින් පවසන්නා” වේ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ නිර්දේශයෙන් බොහෝ සේ සතුටු වන ජනයා කවුරුන් දැයි ද එමගින් බොහෝ සෙයින් අනුග්රහය ලබනුයේ කවුරුන්දැයි ද? අබූ හුරෙයිරා තුමා එතුමාගෙන් විමසා සිටියේය. එවිට එතුමා ඔහුට: මෙම සාක්ෂිය පවසා සිටින්නන් යැයි දන්වා සිටියේය. එම සාක්ෂිය වනාහි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදන් රසූලුල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. මුහම්මද් තුමා අල්ලාහ්ගේ දූතයාණන් වේ) යැයි දරණ සාක්ෂියයි. එය ආදේශ කිරීමකින් හෝ මුහුණුච්චාවකින් හෝ අපිරිසිදු නොවුනු පිවිතුරු හදවතකින් විය යුතුය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු ජර්මානු ජපානු පශ්ටු
අර්ථ කථන නිරීක්ෂණය

من فوائد الحديث

  1. නිර්දේශය සනාථ කිරීම, චිත්තපාරිශුද්ධියේ අනිවාර්යභාවය, මුහුණුච්චාවේ අවමානය. සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිර්දේශය නොලැබීමට හේතු වන්නේය. අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය.
ප්‍රවර්ග
අමතර