عن عائشة رضي الله عنها ، قالت: لما نُزِلَ برسول الله صلى الله عليه وسلم ، طَفِقَ يَطْرَحُ خَمِيصَةً له على وجهه، فإذا اغْتَمَّ بها كشفها فقال -وهو كذلك-: "لَعْنَةُ الله على اليهود والنصارى، اتخذوا قبور أنبيائهم مساجد -يُحَذِّرُ ما صنعوا". ولولا ذلك أُبْرِزَ قَبْرُهُ، غير أنه خَشِيَ أن يُتَّخَذَ مسجدا.
[صحيح] - [متفق عليه]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් වෙත (මරණයේ දූතයා) පහළ වූ කල්හි ඔහුගේ මුහුණ මත පේළි සළකුණු සහිත රෙදි කඩක් එළීය. එය එතුමාගේ හුස්ම හිරකළ කල්හි, එය එතුමා ඉවත් කළේය -එතුමා එසේ සිටිය දී,- ‘යුදෙව්වන් හා කිතුනුවන් මත අල්ලාහ්ගේ දොසක්ම වේවා! ඔවුන්ගේ නබිවරුන්ගේ මිණීවලවල් දේවස්ථාන බවට ගත්තෝය. ඔවුන් සිදු කළ දැයින් වැළකී සිටිය යුතු වේ.’ යැයි පැවසූහ. එතුමාගේ සොහොන් ගැබද බැහැරට ගෙන එන්නට තිබුණි. එනමුත් දේවස්ථානයක් බවට ගැනීම ගැන බිය හේතුවෙන් එසේ නොකළේය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අපට මෙසේ දන්වා සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත මරණය ළඟා වූ අවස්ථාවේ එතුමා මරණ මංචකයේ සිටියදී මෙසේ පැවසූහ: ‘යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ්ගේ දොසක්ම වේවා!” සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ මිනීවළවල් මත දේවස්ථාන ඉදි කළෝය. පසුව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය, යුදෙව්වන් හා කිතුනුවන් අතර පැවති දෑ තම ප්රජාව අතරද සිදුවී ඔවුන් තම මිනීවළ ද දේවස්ථානයක් ලෙස ඉදි කර ගැනීමෙන් වැළැක්වීම එතුමා අපේක්ෂා කළ බව නිගමනය කළාය. පසුව සැබැවින්ම එතුමාණන්ව එතුමාණන්ගේ කුටියෙන් පිටත වළ දැමීමට සහගාමීන්ව වැළක්වූයේ එතුමාගේ මිණීවල දේවස්ථානයක් බවට පත් කර ගැනීම ගැන බියෙන් ඔවුන් පසුවූ හේතුවෙන් බව ඇය පැහැදිලි කළාය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ශාස්තෘවරුන් හා ධර්මිෂ්ඨයින්ගේ මිනීවළවල් අල්ලාහ්ව නැමදීම සඳහා දේවස්ථානයක් බවට පත් කර ගැනීම වළක්වනු ලැබූ කරුණකි. ඊට හේතුව සැබැවින්ම එය දේව ආදේශය වෙත මඟ පෙන්වන්නකි.
  2. දේව දූත -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණන්ගේ දැඩි උනන්දුව, ඒකදේවවාදය කෙරෙහි එතුමා දක්වන සැලකිල්ල සහ තම මිනීවළ මහිමයට පත්වේවි යැයි බිය. ඊට හේතුව ඒවා ෂිර්ක් හෙවත් දේව ආදේශය වෙත මඟපාදන බැවිණි.
  3. යුදෙව්වන් හා කිතුනුවන් මෙන්ම ඔවුන්ගේ ක්රියාවන්ට සමාන මිණිවලවල් මත සොහොන් ඉදි කිරීම ඒවා දේවස්ථාන බවට ගැනීම වැනි ක්රියාවන්හි නිරතවන්නන්හටත් දොස් නැගීමේ අවසරය.
  4. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එතුමාගේ නිවසේදීම වළලීමේ යථාර්ථය පැහැදිලි කිරීම. සැබැවින්ම එය එමගින් අර්බුද ඇතිවීම වැළැක්වීම පිණිසය.
  5. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද මිනිසෙකි. සෙසු මිනිසුනට අත්වන මරණය, ආත්මය ඉවත්වීමේ දැඩි වේදනාව එතුමා ද අත් වින්ඳේය.
  6. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තුළ තිබූ තම ප්රජාව පිළිබඳ උනන්දුව.
  7. පොදු ලෙස දේව ප්රතික්ෂේපකයින්හට දොස් නැගීමේ අවසරය.
  8. පොදුවේ මිනීවළවල් මත සොහොන් ඉදි කිරීමේ තහනම.
  9. මෙය විද්වතුන්ගේ මිනීවළවල් සෙසු අයගෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා ඒවා මත සොහොන් තැනීම අනුමත කරන්නන්හට පිළිතුරකි.
  10. මිනීවළවල් මත සොහොන් ඉදි කිරීම යුදෙව්වන් හා කිතුනුවන්ගේ පිළිවෙත් අතර විය.
  11. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ නීති පිළිබඳ අවබෝධය පැහැදිලි කිරීම.
අමතර