عن عائشة أم المؤمنين وعبد الله بن عباس رضي الله عنهما قالا:
لَمَّا نَزَلَ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ طَفِقَ يَطْرَحُ خَمِيصَةً لَهُ عَلَى وَجْهِهِ، فَإِذَا اغْتَمَّ بِهَا كَشَفَهَا عَنْ وَجْهِهِ، فَقَالَ وَهُوَ كَذَلِكَ: «لَعْنَةُ اللَّهِ عَلَى اليَهُودِ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ» يُحَذِّرُ مَا صَنَعُوا.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 435]
المزيــد ...

ආඉෂා තුමිය හා අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් වෙත (මරණයේ දූතයා) පහළ වූ කල්හි එතුමාණන්ගේ මුහුණ මත ඉරි සහිත රෙදි කඩක් එළීය. එය එතුමාණන්ගේ හුස්ම හිරකළ කල්හි, එතුමාණෝ තම මුහුණින් එය ඉවත් කර ගත්හ. -එතුමාණන් එසේ සිටිය දී,- යුදෙව්වන් හා කිතුනුවන් මත අල්ලාහ්ගේ දොසක්ම වේවා! ඔවුහු ඔවුන්ගේ නබිවරුන්ගේ මිණීවලවල් දේවස්ථාන බවට ගත්තෝය. යැයි පවසා ඔවුන් සිදු කළ දෑ ගැන අවවාද කරමින් සිටියහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 435]

විවරණය

ආඉෂා රළියල්ලාහු අන්හා තුමිය අපට මෙසේ දන්වා සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණෝ තම මුහුණ මත රෙදි කැබැල්ලක් එළීය. මරණයේ වේදනාව හේතුවෙන් හුස්ම ගැනීමට එතුමාණන්ට අපහසු වූ විට තම මුහුණින් එය ඉවත් කර ගත්හ. එම බරපතල අවස්ථාවේ එතුමාණෝ "යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කරත්වා! ඔහුගේ කරුණාවෙන් ඔවුන් දුරස් වූවෝය. එය ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් දේවස්ථාන බවට පත් කර ගත් බැවිනි." යැයි පැවසූහ. එය බරපතල කරුණක් නොවී නම්, එම තත්ත්වයේ එතුමාණන් ඒ ගැන පවසන්නට නොවීය. ඒ අනුව, එවැනි ක්‍රියාවන්ට සමාන දැයින් තම ප්‍රජාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. එය යුදෙව් හා කිතුනුවන්ගේ ක්‍රියාවලිය විය. එමෙන්ම එය අල්ලාහ්ට ආදේශ කිරීම වෙත යොමු කරන පහත් ක්‍රියාවක් විය.

හදීසයේ හරය

  1. නබිවරුන්ගේ හා දැහැමියන්ගේ සොහොන් අල්ලාහ්ට නැමදුම් කිරීම සඳහා දේවස්ථාන බවට පත් කර ගැනීමේ තහනම. හේතුව සැබැවින්ම එය දේව ආදේශය වෙත යොමු කරන මාධ්‍යයක් වන බැවිනි.
  2. අල්ලාහ්ගේ දූතයාණන්ගේ දැඩි උනන්දුව, ඒකදේවවාදය කෙරෙහි එතුමාණන් දැක්වූ සැලකිල්ල සහ සොහොන් වන්දනාව කෙරෙහි ඇති බිය; මක්නිසාද යත් එය බහුදේවවාදයට මග පාදන කරුණක් වන බැවිනි.
  3. යුදෙව්වන් හා කිතුනුවන් මිනීවලවල් මත ගොඩනැගිලි ඉඳි කොට, ඒවා දේවස්ථාන බවට පත් කර ගැනීම හේතුවෙන් ඔවුන්ට හා ඒ හා සමාන ක්‍රියාවන්හි නිරත වන්නන්හට දොස් නැගීමේ අවසරය.
  4. මිනීවලවල් මත සොහොන් තැනීම යුදෙව් හා කිතුනුවන්ගේ පිළිවෙතයි. ඔවුනට සමානව කටයුතු කිරීම මෙම හදීසයේ තහනම් කර ඇත.
  5. මිනී වලවල් සලාත් ඉටු කරන දේවස්ථාන ලෙස ගැනීමත් ඒ මත දේවස්ථානයක් ඉදි නොකළ ද එය නැමදුම් කරන දිශාවක් බවට පත් කර ගැනීමත් තහනම් වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (59)
අමතර