عَن عُمَرَ بنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قال: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«لَا تُطْرُونِي كَمَا أَطْرَتِ النَّصَارَى ابْنَ مَرْيَمَ؛ فَإِنَّمَا أَنَا عَبْدُهُ، فَقُولُوا: عَبْدُ اللهِ وَرَسُولُهُ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 3445]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කිතුනුවන් මර්යම්ගේ පුතණුවන් අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළාක් මෙන් නුඹලා මා අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරන්න. සැබැවින්ම මම ඔහුගේ ගැත්තෙකු පමණි. එබැවින් නුඹලා: දේව ගැත්තා, දේව දූතයා ලෙස පවසන්න."
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري - 3445]
කිතුනුවන් ඊසා ඉබ්නු මර්යම් (අලයිහිස් සලාම්) තුමා සමග කටයුතු කළාක් මෙන් උත්තරීතර අල්ලාහ්ගේ ගුණාංග හා ඔහුගේ ශුද්ධ වූ ක්‍රියාවන් යොදා තමන් පැසසීමෙහි හා වර්ණනා කිරීමෙහි මෙන්ම සැබැවින්ම තමන්ට ගුප්ත දෑ දන්නා බව පවසමින්, අල්ලාහ් සමග තමන්ට ඇරයුම් කර සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් හා උල්ලංඝනය කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව සැබැවින්ම තමන් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූ ගැත්තෙකු බව පැහැදිළි කළ අතර තමාට දේව ගැත්තා, දේව දූතයා යනුවෙන් ආමන්ත්‍රණය කරන මෙන් ද එතුමාණෝ නියෝග කළහ.