عن عمر بن الخطاب رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول: «لا تُطْروني كما أَطْرت النصارى ابنَ مريم؛ إنما أنا عبده، فقولوا: عبد الله ورسوله».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“මර්යම්ගේ පුත් ගැන කිතුනුවන් අතිශයෝක්තියෙන් ප්රශංසා කළාක් මෙන් නුඹලා මා සමග අතිශයොක්තියෙන් ප්රශංසා කරමින් කටයුතු නොකරනු. සැබැවින්ම මම ගැත්තෙක්මි. එහෙයින් නුඹලා ‘අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දුතයා’ යැයි පවසනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ ඒකීයත්ව උනන්දු කරවමින් හා පෙර සමූහයන් වැටුනු බහුදේව වාදය තුළට තම සමූහයා ද වැටෙනු ඇතැයි යන බියෙන් තමන් විෂයයෙහි අතිශයෝක්තියෙන් පැසසුම් කිරීමෙන් වැළකී සිටින මෙන් එතුමා ඔවුනට අවවාද කළේය. එතුමාව පැසසීමෙහි සීමාව ඉක්මවීම යනු අල්ලාහ්ගේ ගුණාංග හා ඔහුට පමණක් විශේෂිත වූ ඔහුගේ ක්රියාවන් ඈදා ගෙන එතුමාව වර්ණනා කිරීම වැන්නකි. එය කිතුනුවන් දේවත්වය හා දේව පුත්රූත්ත්වය පදනම් කරමින් ඊසා තුමා සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් කටයුතු කළාක් මෙනි. ඒ හේතුවෙන් ඔවුන් බහුදේවවාදයට ඇදී වැටුණෝය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. "c2">“නියත වශයෙන්ම අල්ලාහ් වනුයේ මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය ප්රතික්ෂේපක කළවුන් බවට පත් වූහ. ඉස්රාඊල් දරුවනි, මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත.” (අල් කුර්ආන් 5:7) ((සැබැවින්ම මම ගැත්තෙක්මි. එහෙයින් නුඹලා ‘අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දුතයා’ යැයි පවසනු.)) එනම් මෙතුළින් උත්තරීතර අල්ලාහ් කවර ආකාරයෙන් මා ගැන ගුණගායනා කර ඇත්තේ ද ඒ අයුරින් මගේ ගැතිභාවය හා දූතභාවය සම්බන්ධයෙන් නුඹලා මා ගුණගායනා කරනු. කිතුනුවන් සිදු කළාක් මෙන් ගැතිභාවයේ සීමාව දේවත්වය හා පරමාධිපත්යයේ ස්ථානය දක්වා ඉක්මවා කටයුතු නොකරනු. සැබැවින්ම නබිවරුන්ගේ සැබෑ ස්වරූපය ගැතිබාවය හා දූතත්වයයි. දේවත්වය යනු එය අල්ලාහ්ට පමණක් සතු කටයුත්තකි. මෙම අවවාදය තිබියදීම ඇතැම් ජනයා අල්ලාහ්ගේ දූතයාණන් අවවාද කළ දෑහි වැටී ඇත. එබැවින් ඔබ ද ඔවුන්ගෙන් කෙනෙකු වීමෙන් ප්රවේසම් වන්න.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ප්රශංසාවේ ඉහවහා යෑම හා අතිශයොක්තිය, සීමාව ඉක්මවීම හා ව්යාජ දැයකින් ප්රශංසා කිරීම යනාදිය ගැන අවවාදය. සැබැවින්ම එය බහු දේව වාදය වෙතත් ගැත්තා දේවත්වයේ ස්ථානයටත් ගෙනැවිත් දේව ගුණාංග තුළින් ඔහුව වර්ණනා කරන්නට යොමු කරනු ඇත.
  2. සැබැවින්ම කිතුනුවන්ගේ දේව ප්රතික්ෂේපය වනාහි, එයට හේතු වූයේ ජේසු තුමා සහ එතුමාගෙන් පසු සාන්තුවරයන් ඉන්පසු පැමිණි සාන්තුවරයන් ගැන ඔවුන් අතිශයෝක්තියට නැංවීම හා ජේසු තුමා අල්ලාහ්ගේ පුත්රයෙකු බව පවසා තම ව්යාජ මතයෙහි නිවැරුදි භාවය සාධක කරගනු වස් ශුද්ධ වූ පුස්තකය වෙනස් කිරීම දක්වා එය ගෙන යෑමය.
අමතර