عن أبي هريرة رضي الله عنه مرفوعاً: "لا عَدْوَى ولا طِيَرَة ولا هَامَةَ ولا صَفَرَ" أخرجاه.
زاد مسلم "ولا نَوْءَ ولا غُولَ".
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසයේ අසුභවාදය ද නැත.” මෙය බුහාරි හා මුස්ලිම් විසින් දන්වා ඇති අතර මුස්ලිම් විසින් මීට අමතරව “චන්ද්රයාගේ පිහිටීමේ කොටස්වල අශුභවාදය නැත. හොල්මන් ද නැත.” යැයි පවසා ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
කිසිදු සාක්ෂියක් මත පදනම් නොවූ බොහෝ මිථ්යාවන් හා වැරදි විශ්වාසයන්ගෙන් අඥාන යුගය පිරී තිබිණ. ඉස්ලාමය මෙම මිථ්යාවන්ගෙන් එය පිළිපදින්නන් මුදවා ගන්නට අපේක්ෂා කළේය. හදීසයේ සඳහන් කරනු ලැබූ කරුණුවලදී දේවත්වයට ආදේශ කරන්නන්ගේ ප්රතිපත්තීන් හෙළා දුටුවේය. පක්ෂීන් පදනම් කරගත් අසුභවාදය වැනි ඒවායින් ඇතැම් දෑ මුලුමණින්ම නැති වී ගිය අතර තවත් සමහරක් ඒවා තමන්ට බලපාන්නේ නැති බව විශ්වාස කළේය. සැබැවින්ම ඊට හේතුව අල්ලාහ්ගෙන් තොරව වෙනත් යහපත් දෑ එය ලබා නොදෙන බැවින් හා ඔහුගෙන් මිස නපුරක් වැළැක්වීමට එයට නොහැකි බැවිණි.