උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

සැබැවින්ම මලක්වරුන් වළාවන් අතරට පහළ වී අහසෙහි තීන්දු කරන ලද කරුණු මෙනෙහි කරයි. ෂෙයිතාන් හොරෙන් කන්දී එයට සවන් දෙයි. පසුව ඔහු එය ඉන්ද්රුජාලිකයින් වෙත දන්වා සිටියි. ඔවුන් ඒ සමගම ඔවුන් වෙතින් ද බොරු සියයක් ගොතා පවසති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අතිශයෝක්තියෙන් ප්රවේසම් වන්න. සැබැවින්ම ඔබට පෙර සිටියවුන් විනාශ කර දැමුවේ අතිශයෝක්තියයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසයේ අසුභවාදය ද නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කම්මුල්වලට පහර දී සාක්කු ඉරා ගෙන අඥාන යුගයේ ප්රාර්ථනාවෙන් ප්රාර්ථනා කළ අය අප අතරින් නොවන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
තම පියා නොවන (බව දැන සිටියදී ඔහු නොවන) කෙනෙකුට (ඔහුගේ පීතෘත්තවය සම්බන්ධයෙන්) වාද කරන මිනිසා දේවත්වය ප්රතික්ෂේප කළ අයකු මිස නැත. තමන්ට අයිති නොමැති දෙයක් සම්බන්ධයෙන් කවරෙකු වාද කළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවන්නේය. අපා ගින්නෙන් යුත් ඔහුගේ නවාතැන ඔහු වෙන් කර ගනිත්වා! කවරෙකු මිනිසෙකුට දේව ප්රතික්ෂේපය සම්බන්ධ කරමින් වාද කළේ නම් හෝ අල්ලාහ්ගේ සතුරා යැයි පවසා සිටියේ නම් හෝ ඔහු ද එසේ නොවන තත්ත්වයේ සිටියදී (වාද කළ) ඔහු ඒ වෙතටම යොමු වනවා මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ