عَنْ عَبْدِ اللَّهِ بنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَيْسَ مِنَّا مَنْ لَطَمَ الخُدُودَ، وَشَقَّ الجُيُوبَ، وَدَعَا بِدَعْوَى الجَاهِلِيَّةِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1294]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1294]
අඥාන යුගයේ මිනිසුන් කළ ක්‍රියාවන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළ අතර ඒවා වැළැක්වූහ. එමෙන්ම "ඔහු අපෙන් කෙනෙකු නොවේ" යැයි ද පවසා සිටියහ.
පළමුවැන්නා: කම්මුල්වලට පහර දෙන්නාය. විශේෂයෙන් කම්මුලට පහර දීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ බහුතරයක් එලෙස කරන බැවිනි. එසේ නොමැතිනම්, මුහුණේ ඉතිරි කොටස්වලට පහර දීම ද එම තහනම තුළට ඇතුළත් වේ.
දෙවැන්නා: හිස එහි ඇතුළත් කළ හැකි පරිදි වස්ත්‍රයේ විවර ව ඇති දෑ අධික කණස්සල්ල හේතුවෙන් ඉරා දැමීමය.
තුන්වැන්න: පූර්ව-ඉස්ලාම් යුගයේ මිනිසුන් කන්නලව් කොට ප්‍රාර්ථනා කළ දෑට උදාහරණ නම් ශාප කරගැනීම, වැළපීම, විනාශය ප්‍රාර්ථනා කිරීම හා එවැනි වෙනත් අකටයුතු වේ.