عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «أقْرَبُ ما يَكون العبد مِنْ رَبِّهِ وهو ساجد، فَأَكْثروا الدُّعاء».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරන්නෙකු ලෙස සිටින විටදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්රාර්ථනා කරන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරන්නෙකු ලෙස සිටින විටදීය.” ඊට හේතුව සැබැවින්ම මිනිසා සුජූද් කරන විට ඔහුගේ ගෞරවණීය ශරීරය පාද තබන ස්ථානයන්හි තබයි. එමෙන්ම ඔහුගේ ශරීරයේ ඇති ඉහළ කොටස ඔහුගේ ශරීරයේ ඇති පහළම කොටසේ පාද තබන තැන තබයි. සැබැවින්ම ඔහුගේ මුහුණ යනු ඔහුගේ ශරීරය ඇති ඉහළම කොටසයි. ඔහුගේ පාද දෙක යනු ඔහුගේ ශරීරයේ ඇති පහළම කොටසයි. අල්ලාහ්ට යටහපත් පහත්ව නිහතමානීව ඔහු ඒ දෙකම එකට තබයි. එබැවින් ඔහු සුජූද් කරන තත්ත්වයේ ඔහුගේ පරමාධිපතිට ඔහු වඩාත් සමීපයෙන් සිටී. සුජූද් තත්ත්වයේ සිටියදී අධික ලෙස ප්රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇත. එහිදී ඔහුගේ ඉරියව්වන් ප්රකාශයන් අල්ලාහ්ට යටහත්ව එකට එකතු වෙයි. මිනිසා තම සුජූද්හි ‘සුබ්හාන රබ්බියල් අඃලා’ -උත්තරීතර මාගේ පරමාධිපති සුවිශුද්ධය- යැයි පවසනුයේ එබැවිනි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගුණයෙහි හා ඔහුගේ ස්වභාවයෙහි අති උත්තරීතර යැයි ද සැබැවින්ම මිනිසා අල්ලාහ්ගේ කීර්තිය සමග සසදා බලන කල ඉතා පහත් යැයි ද එය පෙන්වා දෙයි.