නබි වදන් ලැයිස්තුව
“අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත
عربي
الإنجليزية
الأوردية
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි
عربي
الإنجليزية
الأوردية
දික්ර් හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩාත් උතුම් වන්නේ "ලා ඉලාහ ඉල්ලල්ලාහ්"ය. දුආ හෙවත් ප්‍රාර්ථනා අතරින් වඩාත් උතුම් වන්නේ "අල් හම්දු ලිල්ලාහ්"ය
عربي
الإنجليزية
الأوردية
“ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”
عربي
الإنجليزية
الأوردية
“අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වදන් හතරකි. ඒවායින් කවර දෙයක් ගෙන ආරම්භ කළ ද ඔබට කිසිදු හානියක් සිදු නොවන්නේය. එවානම්: සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, සහ අල්ලාහු අක්බර්.”
عربي
الإنجليزية
الأوردية
“දිවට පහසු, තුළාවෙහි බරැති, මහා කාරුණිකයාණන්හට ප්‍රිය මනාප වදන් දෙකකි
عربي
الإنجليزية
الأوردية
යම් ස්ථානයකට ගොඩ බැස "අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා ඛලක්" යනුවෙන් කවරෙකු පවසා සිටියේ ද එම ස්ථානයෙන් ඔහු නැවත ගමන් කරන තෙක් ඔහුට කිසිදු හානියක් සිදු වන්නේ නැත
عربي
الإنجليزية
الأوردية
සැබවින්ම සුබ්හානල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර් -අල්ලාහ් සුවිශුද්ධය; සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය; අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත; අල්ලාහ් අති ශ්රේෂ්ඨය.- යනුවෙන් මා පවසා සිටීම හිරු කවර තැනකට උදාවන්නේ ද එයට වඩා මා වෙත ඉතා ප්‍රියමනාපය.”
عربي
الإنجليزية
الأوردية
“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”
عربي
الإنجليزية
الأوردية
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව
عربي
الإنجليزية
الأوردية
අහෝ අබ්බාස්! අල්ලාහ්ගේ දූතයාගේ මහප්පාණනි! මෙලොව සහ පරලොව සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ
عربي
الإنجليزية
الأوردية
“මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ:
يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ
"යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික”
عربي
الإنجليزية
الأوردية
ඔබට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.
عربي
الإنجليزية
الأوردية
ඔබ අතුරින් කෙනෙකු, “සැබැවින්ම මම පැතුවෙමි. නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය“ යැයි පවසා ඉක්මන් නොවන තාක්කල් පිළිතුරු දෙනු ලබනු ඇත.
عربي
الإنجليزية
الأوردية
පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය
عربي
الإنجليزية
الأوردية
කවරෙකු “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසන්නේ ද -එනම් ඔහු තම නිවසින් බැහැර වන විට- ඔබට මඟ පෙන්වනු ලැබීය. ඔබට ප්රමාණත් විය. ඔබට ආරක්ෂාව ලැබීය යැයි ඔහුට පවසනු ලැබේ. ෂෙයිතාන් ඔහුගෙන් ඉවතට විසිරී ගියේය.
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.”
عربي
الإنجليزية
الأوردية
“මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි
عربي
الإنجليزية
الأوردية
“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’
عربي
الإنجليزية
الأوردية
“තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”
عربي
الإنجليزية
الأوردية
“අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම දිනකට හැත්තෑ වාරයකට අධික ලෙස අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමි. පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වෙමි.
عربي
الإنجليزية
الأوردية
“කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ ඔහු මා කෙරෙහි සලවාත් නො පවසා සිටියේ ද ඔහු මසුරු පුද්ගලයෙකි.”
عربي
الإنجليزية
الأوردية
“කවරෙකු යම් ආහාරයක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා කුව්වා’ (මා හට කිසිදු බලයක් හෝ හැකියාවක් හෝ නොතිබියදී මෙම ආහාරය පිරිනමා මා පෝෂණය කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා) යැයි පවසා සිටියේ ද පෙර කළ ඔහුගේ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ
عربي
الإنجليزية
الأوردية
“අදාන් හා ඉකාමත් අතර අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කරනු නො ලැබේ
عربي
الإنجليزية
الأوردية
“අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී, අල්ලදී හුව ඉස්මතු අම්රී
عربي
الإنجليزية
الأوردية
رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي وَجَهْلِي وَهَزْلِي، وَكُلُّ ذَلِكَ عِنْدِي، اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ පාපයන්ටත් මා උවමනාවෙන් කළ දෑටත් මාගේ අනුවනකමටත් මාගේ උපහාසයටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවියනි! මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්‍රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්‍රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)
عربي
الإنجليزية
الأوردية
අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි
عربي
الإنجليزية
الأوردية
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ
عربي
الإنجليزية
الأوردية
اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ
(අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)
عربي
الإنجليزية
الأوردية
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ، وَغَلَبَةِ الْعَدُوِّ، وَشَمَاتَةِ الْأَعْدَاءِ
අහෝ දෙවිඳුනි! ණය බරින් ද, සතුරා ඉක්මවා යාමෙන් ද, සතුරන් සතුටු වීමෙන් ද සැබැවින්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි
عربي
الإنجليزية
الأوردية
اللهُمَّ بِكَ أَصْبَحْنَا، وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ
යනුවෙන් පවසන්නෙකු වූහ. තේරුම: අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්රාර්ථනා අතරින් එතුමා අධිකව කළ ප්‍රාර්ථනාව වූයේ, رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) යන්නයි
عربي
الإنجليزية
الأوردية
ප්‍රධාන ඉස්තිග්ෆාරය
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම නිදියහන ගත් විට එතුමාගේ දෙඅත් මත පිඹ ආරක්ෂාව පතන සූරාවන් දෙක පාරායනය කොට ඒ දෙකින් එතුමාගේ ශරීරය පිරිමදින්නෙකු වූහ.
عربي
الإنجليزية
الأوردية
අල්හම්දු ලිල්ලා හිල්ලදී අත්අමනා වසකානා වකෆානා වආවානා, ෆකම් මිම්මන් ලා කාෆිය ලහූ වලා මුඃවියි.
අපට ආහාර පාන ලබා දී, අප සෑහීමට පත් කොට, අපට නවාතැනක් ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්රශංසා. සෑහීමට තරම් ප්රමාණයක් නැති, නවාතැන් ගන්නට තැනක් නැති කොපමණ දෙනෙක් සිටත් ද?
عربي
الإنجليزية
الأوردية
කිසිදු සැකයකින් තොරව පිළිගනු ලබන ප්රාර්ථනා තුනක් ඇත. අපරාධයට ලක් වූ අයගේ ප්රාර්ථනාව.
عربي
الإنجليزية
الأوردية
“ اللهُمَّ اهْدِنِي وَسَدِّدْنِي (අහෝ දෙවියනි! මට මග පෙන්වන්න. මට ඍජු මග ආශිර්වාද කරන්න)" යනුවෙන් පවසන්න. මඟ පෙන්වීම ඉල්ලා සිටින විට, ඔබ ගමන් කළ යුතු දිශාව ගැන සිතන්න, ඍජු මඟ ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ගැන සිතන්න
عربي
الإنجليزية
الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රාර්ථනා කරන්නෙකු වූහ. “අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි වල් ජුනූනි වල් ජුසාමි වසය්යිඉල් අස්කාමි.” (අහෝ දෙවියනි, කුෂ්ට රෝග, මානසික රෝග, ළාඳුරු රෝග හා අනෙකුත් දරුණු රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.)
عربي
الإنجليزية
الأوردية
ඔබ දෙපළ ඉල්ලා සිටින දෑට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියහ. "එසේ නම් ඔබ දෙපළ ඔබ දෙපළගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න. තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. සේවකයකුට වඩා එය ඔබ දෙපළට උතුම් වේ." යැයි පැවසූහ
عربي
الإنجليزية
الأوردية
“ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්‍රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්‍රකාශ කර සිටියේය
عربي
الإنجليزية
الأوردية
කවරෙකු بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (තම නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥානීය) යැයි තුන් වරක් පවසා සිටියේ ද ඔහුට උදෑසන කාලය දක්වා හදිසි අනතුරු සිදු වන්නේම නැත
عربي
الإنجليزية
الأوردية
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’
عربي
الإنجليزية
الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මට ප්රාර්ථනාවක් කියා දෙන්නැයි මම පැවසුවෙමි. එතුමා: අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ෂර්රි සම්ඊ, වමින් ෂර්රි බසරී, වමින් ෂර්රි ලිසානී, වමින් ෂර්රි කල්බී, වමින් ෂර් මනිය්යී’ යනුවෙන් පවසනු.
عربي
الإنجليزية
الأوردية
“සෑම අනිවාර්යය සලාතයකට පසුවම, මේවා පවසන්නාට හෝ මේවා සිදු කරන්නාට හෝ අලාභයක් ඇති නොවෙයි. එනම් තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම, තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම හා තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීමය
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم
(හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ
عربي
الإنجليزية
الأوردية
اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.
عربي
الإنجليزية
الأوردية
සුළඟ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් වූවකි. එය ආශිර්වාදය ගෙන එයි. එමෙන්ම දඬුවමද ගෙන එයි. එහෙයින් ඔබ එය දුටුවෙහු නම්, එයට නොබනිනු. එහි යහපත අල්ලාහ්ගෙන් ඉල්ලනු. එහි නපුරින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
عربي
الإنجليزية
الأوردية
ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය
عربي
الإنجليزية
الأوردية
ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය
عربي
الإنجليزية
الأوردية
එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න
عربي
الإنجليزية
الأوردية
කවරෙකු දිනකට සිය වාරයක්,
لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
"ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්
عربي
الإنجليزية
الإندونيسية
යා දල් ජලාලි වල් ඉක්රාම් යන පද භාවිතය අධිකව පිළිපදින්න.
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම රාත්රියේ හෝරාවක් ඇත. මෙලොව හා මතුලොව කරුණක් පිළිබඳ යහපතක් මිනිසෙකු අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, එය(එම හෝරාව)ට සමාන්තරව පිහිටියේ නම් එය ඔහුට පිරිනමනු මිස නැත. එය මුලු රාත්රියේම වේ.
عربي
الإنجليزية
الأوردية
සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ ද?
عربي
الإنجليزية
الأوردية
අහෝ අල්ලාහ්, ඔබ මට උර දෙන්නාය. තවද ඔබ මගේ උදව් කරුය. මම හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම ළඟා වනුයේ ද ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.
عربي
الإنجليزية
الأوردية
දෙපිරිසක ගේ ප්රාර්ථනාවන් දෙවිදුන් වන අල්ලාහ් ප්රාතික්ෂේප නොකරයි කෙනෙකු අසාන් හා ඉකාමත් අතර උසුරන ප්රාර්ර්ථනාවද තවද යුද්ධ වාතාවරණයේ උසුරන ප්රාර්ථනාව ද අල්ලාහ් පිලිගනී යැයි නබි තුමා පැවසූහ වාර්තාකරැ සහ්ල් බින් සහ්ද් රලියල්ලාහු අන්හු
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම අලි -රළියල්ලලාහු අන්හු- තුමා, නැග යන්නට සත්වයකු ගෙන ආහ. එතුමාගේ පාදය එම වාහනයේ තැබූ කල්හි බිස්මිල්ලාහ් යැයි පැවසූහ.
عربي
الإنجليزية
الأوردية
اللَّهمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الْأَخْلَاقِ وَالْأَعْمَالِ وَالْأَهْوَاءِ
"අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් මුන්කරාතිල් අහ්ඃලාකි, වල් අඃමාලි, වල් අහ්වාඉ"
(අහෝ දෙවිඳුනි! පිළිකුල් සහගත ගතිපැවතුම්, ක්‍රියාවන් හා ආශාවන්ගෙන් රැකවරණය මම ඔබෙන් පතමි.)
عربي
الإنجليزية
الأوردية
අහෝ අල්ලාහ්, ඔවුන්ගේ බලපෑම් ඉදිරියේ සැබැවින්ම අපි ඔබව පත් කරමු. ඔවුන්ගේ අනතුරුවලින් අපි ඔබෙන් ආරක්ෂාව පතමු.
عربي
الإنجليزية
الأوردية
අල් බාකියාතුස් සාලිහාත් හෙවත් ශේෂව පවතින යහකම් යනු ලා ඉලාහ ඉල්ලල්ලාහු, සුබ්හානල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්හම්දු ලිල්ලාහ්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යන යහ වදන්ය.
عربي
الإنجليزية
الأوردية
اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ وَالْجُبْنِ وَالْبُخْلِ وَالْهَرَمِ وَعَذَابِ الْقَبْرِ، اللهُمَّ آتِ نَفْسِي تَقْوَاهَا، وَزَكِّهَا أَنْتَ خَيْرُ مَنْ زَكَّاهَا، أَنْتَ وَلِيُّهَا وَمَوْلَاهَا، اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ، وَمِنْ قَلْبٍ لَا يَخْشَعُ، وَمِنْ نَفْسٍ لَا تَشْبَعُ، وَمِنْ دَعْوَةٍ لَا يُسْتَجَابُ لَهَا
"අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් අජ්සි, වල් කසලි, වල් ජුබ්නි, වල් බුහ්ලි, වල් හරමි, වඅදාබිල් කබ්රි. අල්ලාහුම්ම ආති නෆ්සී තක්වාහා, වසක්කිහා අන්ත හඃය්රුන් මන් සක්කාහා, අන්ත වලිය්යුහා වමව්ලාහා, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ඉල්මින් ලා යන්ෆඋ. වමින් කල්බින් ලා යහඃෂඋ. වමින් නෆ්සින් ලා තෂ්බඋ. වමින් දඃවතින් ලා යුස්තජාබු ලහා."
(අහෝ දෙවිඳුනි! නොහැකියාව, මැලිකම, බියගුලුකම, මසුරුකම, වයෝවෘද්ධකම හා කබ්ර්හි වේදනාව යනාදියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. අහෝ දෙවිඳුනි,! මාගේ ආත්මයට එහි දේව හැඟීම පිරිනමනු මැනව! එය පිවිතුරු කරනු මැනව. පිවිතුරු කරන්නන්ගෙන් ඔබ අති ශ්‍රේෂ්ඨය. ඔබ එහි භාරකරුය. එහි හිමිකරුය. අහෝ දෙවිඳුනි! ප්‍රයෝජනවත් නොවන දැනුමෙන් ද බිය නොවන හදවතින් ද කුස නොපිරෙන මනසින්ද පිළිගනු නොලබන පැතුමෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.)
عربي
الإنجليزية
الأوردية
ඔබ මෙසේ පවසන්න: "අල්ලාහුම්මක්ෆිනී බි හලාලික අන් හරාමික, වඅග්නිනී බිෆළ්ලික අම්මන් සිවාක්" තේරුම: අහෝ දෙවිඳාණනි! ඔබ විසින් තහනම් කළ දැයින් වැළකී ඔබ නිත්‍යානුකූල කළ දැයින් මා සෑහීමට පත් කරනු මැනව. ඔබේ භාග්‍යය තුළින් ඔබෙන් තොර අන් අයගෙන් මා අවශ්‍යතා රහිත අයකු බවට පත් කරනු මැනව
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්රියෙන් තුනෙන් පංගුවක් ගෙවී ගිය විට, නැගී සිට “අහෝ ජනයිනි, ඔබ අල්ලාහ්ව මෙනෙහි කරනු“ යැයි පවසන්නෙකු වූහ.
عربي
الإنجليزية
الأوردية
අපි නගින විට තක්බීර් පැවසුවෙමු. තවද අපි බසින විට තස්බීහ් පැවසුවෙමු.
عربي
الإنجليزية
الأوردية
لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්රේෂ්ඨය) යැයි කවරෙකු පවසන්නේද ඔහුගේ පරමාධිපති ඔහුව සනාථ කරමින් මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්රේෂ්ඨය. යැයි පවසයි.
عربي
الإنجليزية
الأوردية
අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව.
عربي
الإنجليزية
الأوردية
اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ».
"අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්"
(තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")
عربي
الإنجليزية
الأوردية
‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා’ (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම පතමි.)
عربي
الإنجليزية
الأوردية
කවරෙකු "සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි" (සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරමි) යනුවෙන් පවසා සිටියේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ රට ඉඳි ගසක් හිටවනු ලැබේ
عربي
الإنجليزية
الأوردية
අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
عربي
الإنجليزية
الأوردية
පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො දමන ආකාරයේ යම් ප්‍රාර්ථනාවක් කරන මුස්ලිම්වරයකුට ආකාර තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත. එනම්, එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුට කල් ඇතිව ඉක්මන් කරනු ලැබේ. එක්කො මතුලොවෙහි එය ඔහු වෙනුවෙන් රැස්කර තබයි. එක්කො ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරයි. ඔවුහු: "එසේ නම් අපි වැඩි කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ "අල්ලාහ් ඉතා උතුම්ය" යැයි පැවසුහ
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)
عربي
الإنجليزية
الأوردية
“සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ජීවමානය, ත්‍යාගශීලීය. ඔහුගේ ගැත්තෙක් ඔහු වෙත තම අත් දෙක ඔසවන විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට ලැජ්ජා වන්නේය.”
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම මම ඔබ හැර දමා ගිය පසු පද හතරක් තුන් වරක් ප්‍රකාශ කර සිටියෙමි. අද දිනයේ ඔබ පවසා සිටි දෑ සමග එය කිරා බැලුවේ නම්, ඒවා බරින් වැඩිය
عربي
الإنجليزية
الأوردية
යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රාර්ථනා අතරින් ‘අල්-ජවාමිඃ’ හෙවත් සමූහයක් වශයෙන් කරන ප්‍රාර්ථනාවන් ප්රිය කරන්නෙකු වූහ. ඒ හැර සෙසු දෑ එතුමාණෝ අතහැර දැමූහ
عربي
الإنجليزية
الأوردية
“නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට
اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ
‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු
عربي
الإنجليزية
الأوردية
ඔබ අතරින් කිසිවකු හෝ ‘අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට සමාව දෙනු මැනව. ඔබ අභිමත කළේ නම් මට කරුණා කරනු මැනව. ඔබ අභිමත කළේ නම් මට පෝෂණය කරනු මැනව!' යැයි නොපැවසිය යුතුයි. ඔහු පතන පැතුමෙහි ස්ථීරව සිටිත්වා! සබැවින්ම අල්ලාහ් තමන් කැමති පරිදි කටයුතු කරයි. එය පිළිකුල් කරන්නෙකු නැත.”
عربي
الإنجليزية
الأوردية
“කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නො පැවසුවේ ද ඔහු අවමානයට පත් වේවා!” රමළාන් මාසය ඔහු වෙත ප්‍රවේශ වී, පසුව ඔහු වෙනුවෙන් ඔහු පාපක්ෂමාව අයැද සිටීමට පෙර එය අවසන් වී ගියේ ද එවැනි තැනැත්තාටත් විනාශය අත් වේවා! තමන් හට වයෝවෘද්ධ දෙමාපියන් හිද, ඔවුන් දෙදෙනා ඔහුව ස්වර්ගය වෙත ප්‍රවේශ නොකරන අය ද අවමානයට පත් වේවා!
عربي
الإنجليزية
الأوردية
“සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්රියා කරවයි.”
عربي
الإنجليزية
الأوردية
එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න
عربي
الإنجليزية
الإندونيسية
කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබිහුම්මදින් රසූලා" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය."
තේරුම: (අල්ලාහ් පරමාධිපති ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් ධර්ම දූතයා ලෙසත් මම පිළිගත්තෙමි.)
عربي
الإنجليزية
الإندونيسية
උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති
عربي
الإنجليزية
الإندونيسية