+ -

عَن قُطْبَةَ بنِ مَالِكٍ رَضيَ اللهُ عنه قَالَ: كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الأَخْلاَقِ وَالأَعْمَالِ وَالأَهْوَاءِ».

[صحيح] - [رواه الترمذي] - [سنن الترمذي: 3591]
المزيــد ...

කුත්බා ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසමින් සිටියහ:
اللَّهمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الْأَخْلَاقِ وَالْأَعْمَالِ وَالْأَهْوَاءِ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් මුන්කරාතිල් අහ්ඃලාකි, වල් අඃමාලි, වල් අහ්වාඉ" (අහෝ දෙවිඳුනි! පිළිකුල් සහගත ගතිපැවතුම්, ක්‍රියාවන් හා ආශාවන්ගෙන් රැකවරණය මම ඔබෙන් පතමි.)

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත] - [سنن الترمذي - 3591]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රාර්ථනා අතරින් එකක් මෙය විය. (අල්ලාහුම්ම ඉන්නී අඌදු) මම සරණ පතමි රැකවරණය පතමි. (බික) ඔබෙන් පමණක් (මින් මුන්කරාති) අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ (අල් අහ්ඃලාකි) ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හා අහංකාරකම වැනි ගුණාංග. (ව) තවත් පිළිකුල් සහගත දෑ (අඃමාලි) දොස් නැගීම හා බැණ වැදීම වැනි ගුණාංග. (ව) තවද සියලු දැයින් (අල් අහ්වාඉ) සිත ආශා කරන දැයින් එනම් ෂරීආවට පටහැනි දෑ.

හදීසයේ හරය

  1. මෙම ප්‍රාර්ථනාවේ මහිමය හා වැදගත්කම.
  2. පහත් ගුණාංග, පිළිකුල් සහගත ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා උනන්දු විය යුතුයි. එමෙන්ම ආශාවන් පිළිපැදීම හා ආශාවන් තුළ වැටීමෙන් ප්‍රවේසම් විය යුතුයි.
  3. ගුණාංග, ක්‍රියාවන් හා ආශාවන් යහපත් හා අයහපත් යනුවෙන් වෙන් වී ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර