عن أبي الدرداء رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ رَدَّ عَنْ عِرْضِ أَخِيهِ رَدَّ اللَّهُ عَنْ وَجْهِهِ النَّارَ يَوْمَ الْقِيَامَةِ».
[صحيح] - [رواه الترمذي وأحمد]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තම සහෝදරයාගේ මාන්යය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
තම සහෝදර මුස්ලිම්වරයාගේ මාන්යය කෙළසීම වළක්වන්නාගේ මහිමය. සභාවක සභිකයකු විසින් සහෝදරයෙකු ගැන කේළම් පවසන විට ඔබේ සහෝදර මුස්ලිම්වරයාව ඉන් ආරක්ෂා කිරීමත් කේළාම් කියන්නා නිහඬ කිරීමත් එම ක්රියාව පිළිකුල් කිරීමත් ඔබට අනිවාර්යය වේ. ඔබ එය අතහැරියේ නම් ඔබේ සහෝදර මුස්ලිම්වරයා අවමානයට පත් කළාක් මෙන් සැළකේ. ඔහු ගැන කේළම් කීමෙහි එම අදහස පෙන්වා දෙන සාධක අතරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ; අස්මා බින්ත් යසීද් විසින් වාර්තා කළ හදීසය පිහිටා ඇත. එනම්: “කවරෙකු කේළම් කීම හේතුවෙන් තම සහෝදරයාගේ මාංශ ගැළවීමෙන් ඉවත් වන්නේ ද ඔහුව අපා ගින්නෙන් නිදහස් කිරීම අල්ලාහ් මත පැවරෙන යුතුකමක් බවට පත් වනු ඇත.” මෙය ඉමාම් අහ්මද් විසින් වාර්තා කර ඇති අතර ඉමාම් අල්බානී තුමා මෙය පූර්ව සාධක සහිත හදීසයක් බව සඳහන් කර ඇත.