عن عبد الله بن عمر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم : «مَنْ تَعَاظَمَ في نَفْسِهِ، واخْتَال في مِشْيَتِهِ، لَقيَ اللهَ وهُوَ عليهِ غَضْبَانُ».
[صحيح] - [رواه أحمد والحاكم]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර්-රළියල්ලාහු අන්හුමා-තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තමන් තුළ අහංකාරය පාමින්, තම ගමන් ලීලාවෙහි උඩඟුවෙන් ගමන් කරන්නේද, ඔහු වෙත දැඩි කෝපයෙන් සිටින තත්ත්වයේ ඔහු අල්ලාහ්ව හමුවනු ඇත.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත.

විවරණය

උඩඟුව හා අහංකාරයේ පහත්භාවය මෙම හදීසය දන්වා සිටියි. මෙම උඩඟුව හා අහංකාරය තම චරිතයන්හි ඉස්මතු වේ. එවිට ඔහු එහි අහංකාරයෙන් ක්රියා කරනු ඇත. තමන් අදින ඇඳුමෙහි, තම කතාවෙහි හා සියලු කරුණුවලදී එය ඉස්මතු වනු ඇත. අහංකාරයේ මෙවන් තත්ත්වයක් තිබී කවරෙකු සෙසු අය ගරුබුහුමන් ලැබීමට වඩා තමන් ගරුබුහුමන් ලැබීමට සුදුස්සකු යැයි සිතන්නේ ද එවිට සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ව මුණ ගැසෙන විට ඔහු කෙරෙහි කෝප වූවකු සේ ඔහු අල්ලාහ්ව මුණ ගැසෙනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර