عن عائشة رضي الله عنها قالت: قال النبي صلى الله عليه وسلم:
«لَا تَسُبُّوا الْأَمْوَاتَ، فَإِنَّهُمْ قَدْ أَفْضَوْا إِلَى مَا قَدَّمُوا».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 1393]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී:
“මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري - 1393]
මිය ගිය ඇත්තන්ට දොස් නැගීම, ඔවුන්ගේ මාන්‍යය කෙළසෙන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කරයි. සැබැවින්ම එය දුෂ්චරිත අතරින්ය. ඔවුන් ඉදිරිපත් කළ ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ ක්‍රියා වෙත ඔවුන් ළඟා වී ඇත. එමෙන්ම නගන දොස් ඔවුන් වෙත ළඟා වන්නේ ද නැත. සැබැවින්ම එමගින් වේදනා විඳිනුයේ ජීවතුන් අතර සිටින්නෝ වෙති.