عن عائشة رضي الله عنها مرفوعاً: «لا تسبوا الأموات؛ فإنهم قد أفضوا إلى ما قدموا».
[صحيح] - [رواه البخاري]
المزيــد ...
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මියගිය ඇත්තන්හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ශීඝ්රයෙන් ගිය අය වෙති.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
මිය ගිය ඇත්තන්හට දොස් නැගීම හා ඔවුන්ගේ මාන්ය විෂයෙහි නොමනා ලෙස කතා කිරීම තහනම් කර ඇති බවට මෙම හදීසය පෙන්වා දෙයි. සැබැවින්ම මෙය නපුරු ගුණාංගයකි. එසේ තහනම් කිරීමේ යථාර්ථය හදීසයේ ඉතිරි කොටසෙහි ‘සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ශීඝ්රයෙන් ගිය අය වෙති’ යනුවෙන් සඳහන්ව ඇත. එනම් ඔවුන් ඉදිරිපත් කළ දැහැමි හෝ නපුරු ක්රියාවන් වෙත ඔවුන් සේන්දු වී හමාරය. නගන දොස් ඔවුන් වෙත ළඟා වන්නේ නැත. සැබැවින්ම එය ජීවත්ව සිටින්නන් වේදනාවට පත් කිරීම පමණි.