නබි වදන් ලැයිස්තුව
“මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ දන්නෙහි ද?
عربي
الإنجليزية
الأوردية
කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ.
عربي
الإنجليزية
الأوردية
මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.
عربي
الإنجليزية
الأوردية
යම් භූමියක මිය යන්නට යම් ගැත්තෙකුට අල්ලාහ් තීන්දු කළ විට, ඒ වෙත යාමට අවශ්‍යතාවක් ඔහුට ඇති කරන්නේය
عربي
الإنجليزية
الأوردية
මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්‍රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්‍රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා
عربي
الإنجليزية
الأوردية
ඔබ යමක් (අපවිත්‍රතාවයක්) දුටු කල්හි ඇයව තුන්වරක් හෝ පස්වරක් හෝ ඊටත් වඩා වැඩි වාර ගණනක් ජලය හා මසන් කොළ භාවිතා කර සෝදා හරින්න. එහි අවසානයට කපුරු - කපුරු ස්වල්පයක්- යොදන්න. ඔබ අවසන් කළේ නම් මට දැනුම් දෙන්න." ඇය මෙසේ පැවසුවාය: "අපි අවසන් කළ කල්හි එතුමාණන්ට දැනුම් දුන්නෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ සළුව අප වෙත දමා එය ඇයට පළන්දන්නැයි පවසා සිටියේය
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරුණු හතක් අපට නියම කළ අතර තවත් කරුණු හතකින් අප වැළැක්වූහ
عربي
الإنجليزية
الأوردية
ජනාසා (මිය ගිය දේහයේ) කටයුතු ඉක්මන් කරන්න. එය යහපත් එකක් නම් ඔබ ඉදිරිපත් කිරීම හොඳය. ඒ හැර වෙනත් දෙයක් වී නම් ඔබේ කරවලින් එය ඉවත තබන නපුරකි
عربي
الإنجليزية
الأوردية
අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීම අපට තහනම් කර ඇති අතර, එය අපට නිර්දේශ කර නැත
عربي
الإنجليزية
الأوردية
اللهم اغفر لحينا وميتنا، وصغيرنا وكبيرنا، وذكرنا وأنثانا، وشاهدنا وغائبنا، اللهم من أحييته منا فأحيه على الإسلام، ومن توفيته منا فتوفه على الإيمان، اللهم لا تحرمنا أجره، ولا تفتنا بعده
අල්ලාහුම්මග්ෆිරි ලිහය්යිනා වමය්යිතිනා වසගීරිනා වකබීරිනා වදකරිනා වඋන්සානා වෂාහිදිනා වගාඉබිනා. අල්ලාහුම්ම මන් අහ්යය්තහූ ෆඅහ්යිහී අලල් ඉස්ලාම්. වමන් තවෆ්ෆය්තහූ මින්නා ෆතවෆ්ෆහූ අලල් ඊමාන්. අල්ලාහුම් ලා තහ්රිම්නා අජ්රහූ වලා තෆ්තිනා බඃදහූ.
තේරුම: අහෝ අල්ලාහ්! අප අතර ජීවතුන් අතර සිටින්නන්ටත් අප අතර මියගිය ඇත්තන්ටත්, අපගේ කුඩා දරුවන්ටත්, අපගේ වැඩිහිටියන්ටත් අපගේ කාන්තාවන්ටත්, අප ඉදිරියේ සිටින්නන්ටත් අප ඉදිරියේ නොවන්නන්ටත් සමාව දෙනු මැනව. අහෝ අල්ලාහ්! ඔබ අප අතුරින් කවරෙකු ජීවත් කරවන්නේද ඔහුව ඉස්ලාමය මතම ජීවත් කරවනු මැනව. තවද ඔබ අප අතුරින් කවරෙකු මරණයට පත් කරන්නේද ඔහුව දේව විශ්වාසය මත මරණයට පත් කරනු මැනව. අහෝ අල්ලාහ්! ඔහු සම්බන්ධයෙන් වූ කුසල් අපට තහනම් නොකරනු මැනව. ඔහුගෙන් පසුව අපව පරීක්ෂාවට ලක් නොකරනු මැනව.
عربي
الإنجليزية
الأوردية
කවරෙකු මියගිය ඇත්තෙකු නාවා, එහි ඇති අඩුවක් සඟවන්නේ ද අල්ලාහ් ඔහුට හතළිස් වාරයක් සමාව දෙනු ඇත.
عربي
الإنجليزية
الأوردية
කවරෙකු අල්ලාහ් හමුවීමට ප්රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.
عربي
الإنجليزية
الأوردية
ඔබලා අතරින් මරණාසන්නයේ සිටින පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යන ප්‍රකාශය මෙනෙහි කරන්න
عربي
الإنجليزية
الأوردية
අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු.
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද ඉවත් වූහ.”
عربي
الإنجليزية
الأوردية
යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය
عربي
الإنجليزية
الأوردية