عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«أَسْرِعُوا بِالْجِنَازَةِ، فَإِنْ تَكُ صَالِحَةً فَخَيْرٌ تُقَدِّمُونَهَا، وَإِنْ يَكُ سِوَى ذَلِكَ، فَشَرٌّ تَضَعُونَهُ عَنْ رِقَابِكُمْ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1315]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ජනාසා (මිය ගිය දේහයේ) කටයුතු ඉක්මන් කරන්න. එය යහපත් එකක් නම් ඔබ ඉදිරිපත් කිරීම හොඳය. ඒ හැර වෙනත් දෙයක් වී නම් ඔබේ කරවලින් එය ඉවත තබන නපුරකි."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1315]
ජනාසා (මිය ගිය දේහය) සූදානම් කිරීම, ඒ සඳහා නියම වූ සලාතය ඉටු කිරීම, හා එය වළ දැමීම යනා දී එහි කටයුතු ඉක්මන් කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එම ජනාසාව යහපත් වී නම් යහපතකි. මිනීවල තුළ ඇති සැපත ලබන්නට ඒ වෙත ඔබ ඔහුව ඉදිරිපත් කරන්න. ඒ හැර වෙනත් දෙයක් වී නම් එය නපුරුය. ඔබේ කරවලින් එය අහක තබන්න. යැයි තවදුරටත් එතුමාණෝ පැවසූහ.