عن ابن شماسة المهري قال: حَضَرنَا عَمرو بن العاص رضي الله عنه وهُو فِي سِيَاقَةِ الْمَوتِ، فَبَكَى طَوِيلاً، وَحَوَّلَ وَجهَهُ إِلَى الجِدَارِ، فَجَعَلَ ابنَهُ، يقول: يَا أَبَتَاهُ، أَمَا بَشَّرَكَ رسُول الله -صلَّى الله عليه وسلَّم- بكَذَا؟ أمَا بشَّركَ رسول الله -صلَّى الله عليه وسلَّم- بِكَذَا؟ فَأَقبَلَ بِوَجهِهِ، فقَالَ: إِنَّ أَفضَلَ مَا نُعِدُّ شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ الله، وَأَنَّ مُحَمَّدًا رسولُ الله، إِنِّي قَدْ كُنتُ عَلَى أَطْبَاقٍ ثَلاَثٍ: لَقَدْ رَأَيتُنِي وَمَا أَحَدٌ أَشَدَّ بُغْضًا لِرَسُولِ الله -صلَّى الله عليه وسلَّم- مِنِّي، وَلاَ أَحَبَّ إِلَيَّ مِنْ أَنْ أَكُونَ قَدْ اسْتَمْكَنْتُ مِنْهُ فَقَتَلْتُهُ، فَلَوْ مُتُّ عَلَى تِلْكَ الحَالِ لَكُنْتُ مِنْ أَهْلِ النَّارِ، فَلَمَّا جَعَلَ اللهُ الإِسْلاَمَ فِي قَلْبِي أَتَيتُ النَبيَّ -صلَّى الله عليه وسلَّم-، فَقُلتُ: ابْسُطْ يَمِينَكَ فَلِأُبَايِعُكَ، فَبَسَطَ يَمِينَهُ فَقَبَضْتُ يَدِي، فقال: «مَا لَكَ يَا عَمرُو؟» قُلتُ: أَرَدْتُ أَنْ أَشْتَرِطَ، قال: «تَشْتَرِطُ مَاذَا؟» قُلتُ: أَنْ يُغْفَرَ لِي، قال: «أَمَا عَلِمتَ أَنَّ الإِسْلاَمَ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ، وَأَنَّ الهِجْرَةَ تَهْدِمُ مَا كَانَ قَبْلَهَا، وَأَنَّ الحَجَّ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ؟» وَمَا كَان أَحَدٌ أَحبَّ إِلَيَّ مِنْ رسُول الله -صلَّى الله عليه وسلَّم- وَلاَ أَجَلَّ فِي عَينِي مِنْهُ، وَمَا كُنْتُ أُطِيقُ أَنْ أَمْلَأَ عَينِي مِنْهُ؛ إِجْلاَلاً لَهُ، وَلَوْ سُئِلْتُ أَنْ أَصِفَهُ مَا أَطَقْتُ؛ لِأَنِّي لَمْ أَكُنْ أَمْلَأُ عَينِي مِنْهُ، وَلَوْ مِتُّ عَلَى تِلْكَ الحَالِ لَرَجَوْتُ أَنْ أَكُونَ مِنْ أَهْلِ الجَنَّةِ، ثُمَّ وَلِينَا أَشْيَاءَ مَا أَدْرِي مَا حَالِي فِيهَا؟ فَإِذَا أَنَا مِتُّ فَلاَ تَصْحَبْنِي نَائِحَةٌ وَلاَ نَارٌ، فَإِذَا دَفَنْتُمُونِي، فَشُنُّوا عَلَيَّ التُرَابَ شَنًّا، ثُمَّ أَقِيمُوا حَولَ قَبرِي قَدْرَ مَا تُنْحَرُ جَزُور، وَيُقْسَمُ لَحْمُهَا، حتَّى أَسْتَأْنِسَ بِكُم، وَأَنْظُر مَا أُرَاجِعُ بِهِ رُسُلَ رَبِّي.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

ඉබ්නු ෂමාසා අල් මිහ්රී විසින් වාර්තා කරන ලදී. අපි අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා හමුවට ගියෙමු. එතුමා මරණාසන්නයේ පසුවීය. දිගු වේලාවක් එතුමා හැඩීය. එතුමාගේ මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේය. පසුව එතුමාගේ පුත්: අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි දන්වා නොමැත්තේ ද? අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි දන්වා නොමැත්තේ ද? යැයි විමසීය. පසුව එතුමා එතුමාගේ මුහුණ නැවත හරවා මෙසේ පැවසීය. ‘අප සැලකිය යුතු වඩාත්ම උතුම් දෑ වනුයේ ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව පවසන සාක්ෂියේ වදනයි. සැබැවින්ම මම ස්ථාවර තුනක සිටියෙමි. සැබැවින්ම මම මා ගැන සිතනුයේ, මට වඩා අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි බලවත් සේ කෝප වූ මෙන්ම අවස්ථාවක් ලැබුණේ නම් එතුමාව මරා දමන්නට වඩාත් ආශා කළ වෙනත් කෙනෙකු නොමැති බවයි. එම තත්ත්වයේ මම මිය ගොස් තිබුණේ නම් මම ද නිරාවාසීන් අතරින් කෙනෙකු වන්නට තිබුණි. මාගේ සිත තුළ අල්ලාහ් ඉස්ලාමය තැන්පත් කළ කල්හි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ, ‘ඔබේ දකුණත දිගු හරින්න. මම ඔබට ප්රතිඥා දෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා එතුමාගේ දකුණත දිගු හැරිය ද මාගේ දකුණත මා මොලවා ගත්තෙමි. එවිට එතුමා ‘අහෝ අම්ර් ඔබට කුමක් සිදුවීද?” යැයි විමසූහ. ‘කොන්දේසියක් පනවන්නට සිතමි’ යැයි පැවසුවෙමි. එතුමා: ඔබ කොන්දේසි පනවනුයේ කුමක් ගැනද? යැයි විමසූහ. මම: ‘මට සමාව දෙනු ලැබීම ගැන’ යැයි පැවසුවෙමි. එතුමා: "c2">“සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ නො දන්නෙහි ද?” යැයි පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන්ට වඩා මට වඩාත් ප්රියමනාප කිසිවකු නොවීය. එතුමාට වඩා මාගේ දෑසට දැකුම්කළු කිසිවකු නොවීය. එතුමා සතු බලවත් කීර්තිය හේතුවෙන් මාගේ දෑස් එතුමාගෙන් පුරවන්නට මම අපොහොසත් වූයෙමි. එතුමා ගැන වර්ණනා කරන මෙන් මගෙන් විමසා සිටියේ නම් ඒ සඳහා මම අපොහොසත් වෙමි. ඊට හේතුව මාගේ දෑස් එතුමා ගැන ප්රමාණවත් තරමට පුරවා ගෙන නොමැති බැවිණි. එම තත්ත්වයේ මා මිය ගියේ නම් මම ස්වර්ගවාසීන් අතරින් වන්නට ප්රිය කරමි. පසුව අපට කරුණු බොහෝමයක් භාර කෙරිණි. ඒවායෙහි මාගේ තත්ත්වය ගැන මම නොදනිමි. මම මිය ගිය විට මොර හඬ දී හඬා වැළපෙන කිසිවකු මා සමග සේන්දු නොවිය යුතුයි. නුඹලා මා වළදැමූ විට මා වෙත පස් අහුරු ටික ටික දමන්න. පසුව මාගේ මිනීවල අවට ඔටුවකු කපා උගේ මස් බෙදා හරින කාලයක් මා නුඹලා සමග සම්බන්ධකම් ඇති කරන තරමට රැඳී සිටින්න. මාගේ පරමාධිපතිගේ දූතවරු කවර කරුණක් මගෙන් විමසන්නේ යැයි මම අධීක්ෂණය කරමි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයේ ඇතුළත්ව ඇති සිද්ධිය සුභපැතුම් හා ශුභාරංචි දැන්වීමේ මාතෘකාව යටතේ පෙළ ගැසුනු කතාවකි. මෙම මහඟු කතාවෙහි සාරාංශය නම්, සැබැවින්ම එතුමා මරණාසන්නයේ සිටියදී එතුමා හමුවට එතුමාගේ මිතුරන් කිහිප දෙන පැමිණ ඇත. එවිට එතුමා දැඩිසේ හඬන්නට විය. එතුමාගේ මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේය. එතුමා මෙලොවෙන් වෙන් වන්නට මරණාසන්න මොහොතේ පසුවිය. එවිට එතුමාගේ පුත් එතුමාට: ‘ඔබ අඩන්නේ ඇයි? සැබැවින්ම ස්වර්ගය ඔබට හිමි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබට ශුභාරංචි දන්වා ඇත. එවිට එතුමා: මාගේ පුතණුවනි, සැබැවින්ම මම ස්ථාවර තුනක පසුවූයෙමි. පසුව එම ස්ථාවර තුන මෙනෙහි කළේය. සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කෙරෙහි දැඩි සේ කෝප වන්නෙකු විය. ඔහු එතුමා කෙරෙහි කෝප වූවා සේ කෝප වූ වෙනත් කිසිවකු මහපොළොවේ නැති තරම්ය. තමන්ට අවස්ථාවක් ලැබුණේ නම් එතුමාව මරා දමන්නට පවා ප්රිය කළේය. මෙය දේව ප්රතික්ෂේපයේ උච්චතම අවස්ථාවයි. අවසානයේ අල්ලාහ් ඔහුගේ සිත තුළට ඉස්ලාමය පහළ කළේය. පසුව හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබේ අත දිගු කරන්න මම ඉස්ලාමය ගැන ඔබට ප්රතිඥා දෙමි’ යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උදාර ගතිගුණවලින් පිරී සිටි බැවින් එතුමාගේ අත දිගු කළහ. නමුත් අම්ර් අල් ආස් තම අත මොලවා ගත්තේය. එය අහංකාරයෙන් නොව එතුමා මෙනෙහි කරන්නට යන දෑ ගැන තහවුරු කර ගැනීමක් වශයෙනි. පසුව එතුමා: "c2">“ඔබට කුමක් වීදැ?යි’ විමසූහ. ඔහු අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම (ඉස්ලාමය පිළිගැනීමට) කොන්දේසියක් පනවමි. යැයි පැවසීය. එතුමා “ඔබ කොන්දේසි වශයෙන් පනවනුයේ කුමක්ද?” යැයි විමසීය. ඔහු: මීට පෙර සිදු වූ දේව ප්රතික්ෂේපයට හා පාපකම්වලට අල්ලාහ් මට සමාව පිරිනැමිය යුතුයි යන කොන්දේසියයි. ඔහුට තිබූ බලවත්ම බලාපොරොත්තුව වූයේ එයයි. එසේ අල්ලාහ් තමන්ට සමාව දිය යුතු යැයි කොන්දේසිය පැනවීය. සැබැවින්ම අල්ලාහ් ඔහු පෙර කළ දෑට කිසිවිටෙක සමාව නොදෙනු ඇතැයි ඔහු සිතුවේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම ඉස්ලාමය ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කරන බවත් හිජ්රතය ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් යන කරුණු තුන පැවසූහ. "c2">“සැබැවින්ම ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර ගිය දෑ සඳහා ඔහු ඔවුනට සමාව දෙන බවත් ඔවුන් නැවත හැරුණේ නම් මුතුන්මිත්තන්ගේ (විනාශයේ) න්යායය සිදුව ඇති බවත් දේවත්වය ප්රතික්ෂේප කළවුනට නබිවරය නුඹ පවසන්න.” යන අල් කුර්ආනයේ ඇති මූලාශය අනුව ඉස්ලාමය ඊට පෙර පැවති දෑ විනාශ කර දමනු ඇත. හිජ්රතය වනාහි, මිනිසා දේව ප්රතික්ෂේපයෙන් පිරුණු, තමන් ජීවත් වූ ප්රදේශයෙන් නික්ම ගිය විට ඊට පෙර පැවත සියලු දෑ විනාශ කර දමනු ඇත. හජ් වන්දනාව වනාහි, ඊට පෙර පැවති දෑ විනාශ කර දමයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ ගැන මෙසේ පවසා ඇත්තාහ. ‘කවරෙකු හජ් වන්දනාව ඉටු කර පාපී වදනක් හෝ පාපී ක්රියාවක් හෝ සිදු නොකොට නැවත හැරෙන්නේ ද ඔහු තම මව තමන්ව බිහිකළ දිනයේ තත්ත්වය හා සමානය.” පසුව රළියල්ලාහු අන්හු තුමා ප්රතිඥා දුන්නේය. මිනිසා ඔහුට ප්රිය කරන තරමටම දැඩි සේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ප්රිය කරන්නෙකු වූහ. ඔහු විෂයයෙහි නිරීක්ෂණය කිරීම සීමා කිරීමට තරම් ඔහුට නොහැකි විය. එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කෙරෙහි වූ කීර්තිය හේතුවෙනි. හදවත් වෙනස් කරන්නාණනි. පෙර දින දැඩි කෝපයෙන් එතුමාව ඝාතනය කිරීමට ආශා කළ ඔහු දැන් එතුමාට හිමි කීර්තිය හේතුවෙන් එතුමා දෙස ඇස්කොන් ඔසවා බැලීමට හෝ එතුමාව ගුණගායනා කිරීමට හෝ අපොහොසත් වී ඇත. ඊට හේතුව එතුමාණන් හොදින් ග්රහණය කරන තරමට එතුමා ගැන ඔහු නොදැන සිටි බැවිනි. එය එතුමාණන්ට දැක්වූ ගෞරව බිය හේතුවෙන් විය. සැබැවින්ම තමන් මුල් තත්ත්වයේ මිය ගියේ නම් තමන් නිරා වාසීන් අතරට පවත්වන්නට තිබුණු බව පවසා සිටි අතරම තමන් මේ තත්ත්වයේ එනම් දෙවන තත්ත්වයේ සිටියදී මිය ගියේ නම් තමන් ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු වීමට ආශා කළ බව ද පවසා සිටියේය. එතුමාණන්ගේ ප්රවේසමේ තරම හොදින් නිරීක්ෂණය කරන්න. සැබැවින්ම තමන් පළමු තත්ත්වයේ මිය ගියේ නම් තමන් නිරාවාසීන් අතරට පත් වන බව තිරසාර ලෙස විශ්වාස කළේය. ඒ අනුව එතුමා ඒ ගැන දැඩි බියෙන් පසුවීය. තමන් මේ තත්ත්වයේ මිය ගියේ නම් මම ස්වර්ගවාසීන් අතරින් වන්නට අපේක්ෂා කළෙමි යැයි පවසා ඇත්තේය. නමුත් එතුමා මම ස්වර්ග වාසීන්ගෙන් කෙනෙක් වීමි යැයි නොපැවසුවේය. ඊට හේතුව ස්වර්ගය පිළිබඳ සාක්ෂිය වඩාත් අපහසුම කරුණක් වන බැවිණි. පසුව රළියල්ලාහු අන්හු තුමාට පාලනය නායකත්වය වැනි කරුණු බොහෝමයක භාරකාරත්වය පිරිනමන ලදී. මුආවියාගේ සටන හා බැඳුනු කතා වස්තුවෙහි සිදු වූ දෑ ද සිදු විය. එමෙන්ම අම්ර් ඉබ්නු අල් ආස් තුමා අරාබිවරුන් අතරින් වඩාත් බුද්ධිමත් හා වඩාත් නුවණැති අයකු ලෙස ප්රචලිත විය. එතුමා මෙසේ පැවසීය: මධ්යස්ථභාවයෙන් පසු මාගේ ක්රියාව ආවරණය කිරීමට කටයුතු කළ අයට බිය වෙමි යැයි පැවසීය. පසුව තමන් මිය ගිය පසුව හඬා වැළපෙන අය තමන් පසුපසු නොපැමිණිය යුතු යැයි උපදෙස් දුන්නේය. එනම් පරවියන්ගේ කෑ මොර හඩ මෙන් මිය ගිය ඇත්තන් වෙනුවෙන් මොර හඩ දී අඩන කාන්තාවන්ය. තවදුරටත් තමන්ව වළ දැමූ පසු ඔටුවෙකු කපා එහි මාංශ බෙදා හරින තරමට තමන්ගේ මිනීවල අසළ රැඳී සිටින මෙන් ද නියෝග කළේය. එය තම පරමාධිපතිගේ දූතවරු සමාලෝචනය කරන තුරුය. ඔවුහු දේහය වළ දැමූ විට ඒ වෙත පැමිණෙන මලක්වරුය. සැබැවින්ම දේහයක් වළ දැමූ විට සුර දූතවරුන් දෙදෙනෙකු පැමිණ ඔහුගේ මිනී වළ අසළ වාඩි වී ‘ඔබේ පරමාධිපති කවුද? ඔබේ දහම කුමක් ද? ඔබේ නබිවරයා කවුරුන්ද? යනාදී ප්රශ්න තුනක් ඔහුගෙන් විමසා සිටියි. පසුව අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා තම පවුලට ඔවුන් සමග ඇසුරු කිරීම පිණිස ඔටුවකු කපා එහි මාංශ බෙදා හරින්නට යන කාල ප්රමාණයක් රැදී සිටින මෙන් ද නියෝග කළේය. සැබැවින්ම මිය ගිය ඇත්තන් තම පවුල ගැන හැඟීමෙන් සිටින බව මෙය පෙන්වා දෙයි. එය තහවුරු කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හදීසයක් මෙසේ සඳහන් වී ඇත. සැබැවින්ම මිය ගිය ඇත්තෙකු වළ දමා ගියවුන්ගේ පාවහන් තබන හඬට සවන් දෙයි. එනම් මෘත දේහය වළ දමා පැමිණෙන විට එම මෘත දේහය සිහින් පාවහන් හඬට සවන් දෙනු ඇත යන්නයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් ප්රකාශ කළ බවට හසන් තුමා වාර්තා කළ හදීසයක මෙසේ පවසා ඇත. සැබැවින්ම මියගිය ඇත්තෙකු වළ දැමූ විට ඒ අසළ එතුමා රැදී සිටියහ. "c2">“නුඹලාගේ සහෝදරයා වෙනුවෙන් පාපක්ෂමාව අයදින්න. ඔහු වෙනුවෙන් ස්ථාවරත්වය පතන්න. සැබැවින්ම දැන් ඔහුගෙන් ප්රශ්ණ කරනු ඇත.” යැයි පැවසූහ. ඒ අනුව දේහයක් වළ දැමූ විට එම මිනී වල අසල රැඳී සිට ‘අල්ලාහුම්ම සබ්බිත්හු’, ‘අල්ලාහුම්ම සබ්බිත්හු’, ‘අල්ලාහුම්ම සබ්බිත්හු’ (අහෝ අල්ලාහ් ඔහුට ස්ථාවරත්වය දෙනු මැනව!) ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’, ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’, ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’ (අහෝ අල්ලාහ් ඔබ ඔහුට සමාව දෙනු මැනව!) යැයි පැවසීම සතුටු දායකය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාම් පවසන විට තුන්වරක් සලාම් පවසා සිටි අතර ප්රාර්ථනා කරන විට ද තුන්වරක් ප්රාර්ථනා කරන්නෙකු වූ බැවිණි. සාරාංශය වනුයේ සැබැවින්ම අම්ර් ඉබ්නු අල් ආස්ගේ පුතනුවන් ‘ස්වර්ගය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබට ශුභාරංචි දන්වා ඇති බව ඔහුට පවසා සිටීමය. මෙය යහපත ගැන වූ සුභාරංචි අතරින් මෙන්ම සැබ පැතුම් අතරින් වඩාත් උචිත කරුණකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර