1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් අපරාධකාරී ලෙස ඝාතනය කරන සෑම ආත්මයකින්ම පළමු ආදම්ගේ පුතු මත එහි රුධිරයෙන් කොටසක් හිමිවනු මිස නැත. සැබැවින්ම එය ඝාතනය කිරීමේ පිළිවෙත අරම්භ කළවුන් ඔහු වන බැවිණි.

عن عبد الله بن مسعود رضي الله عنه مرفوعًا: «ليس مِنْ نَفْسٍ تُقْتَلُ ظُلماً إِلاَّ كَان على ابنِ آدَمَ الأَوَّل كِفْلٌ مِن دمِهَا؛ لِأَنَّه كان أوَّل مَن سَنَّ القَتْلَ».

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපරාධකාරී ලෙස ඝාතනය කරන සෑම ආත්මයකින්ම පළමු ආදම්ගේ පුතු මත එහි රුධිරයෙන් කොටසක් හිමිවනු මිස නැත. සැබැවින්ම එය ඝාතනය කිරීමේ පිළිවෙත අරම්භ කළවුන් ඔහු වන බැවිණි.”

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

මෙම හදීසය පවසා සිටිනුයේ, ආදම්ගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ඔහුගෙන් පසුව සිදුවන රුධිර ඝාතනවල ප්රතිවිපාකය උසලනු ඇති බවයි. කාබීල් ඔහුගේ සහෝදර හාබීල්ව ඊර්ෂ්යාව හේතුවෙන් මරා දැමූ බව සඳහන් වේ. ආදම්ගේ දරුවන් අතරින් ඝාතනය කළ හා ඝාතනය කරනු ලැබූ පළමු දෙදෙනා ඔවුන් වූවෝය. ඒ අනුව කාබීල්ගෙන් පසුව හැළෙන රුධිරයේ පාපයෙන් කොටසක් ඔහු ද උසුලනු ඇත. එය ඝාතනය කිරීමේ පිළිවෙත ඔහු විසින් ආරම්භ කළ බැවිණි. ඔහුගෙන් පසුව එසේ සිදු කළ සෑම කෙනෙකුම ඔහුව අනුගමනය කර ඇති බැවිණි.

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية