නබි වදන් ලැයිස්තුව

'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව
عربي الإنجليزية الأوردية
මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.
عربي الإنجليزية الأوردية
“අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් සදාචාර සම්පන්න අයකු වූහ.”
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ චරිතය අල් කුර්ආනය ය” යැයි පැවසුවාය
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක එතුමාණන්ගේ කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු වූහ.”
عربي الإنجليزية الأوردية
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් රකආත් දහයක් හැදෑරුවෙමි
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි
عربي الإنجليزية الأوردية
“කිසිදු නබිවරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නො පැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් අන්ධ අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි
عربي الإنجليزية الأوردية
“නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිවසේ මුවා වී රැඳී සිටින කන්‍යාවකට වඩා අධික ලෙස ලැජ්ජා සහගත අයකු වූහ. යම් පිළිකුල් සහගත දෙයක් එතුමාණන් දුටු විට එතුමාණන්ගේ මුහුණෙන් එය අපි හඳුනා ගත්තෙමු
عربي الإنجليزية الأوردية
නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. නුඹලාගේ මුතුන් මිත්තන් පවසන දෑ අතහැර දමන්න. ඔහු අපට සලාතය ඉටු කරන මෙන්ද සත්යය කතා කරන මෙන්ද නියෝග කරයි.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එබැවින් ඉෂා සලාතය ප්රමාද වී ඉටු කළහ. රකආත් දෙකින් එකක ‘වත්තීනි වස්සෙයිතූන්’ යන සූරාව පාරායනය කළහ. ඔහුට වඩා පාරායනයෙන් හා කට හඬින් අලංකාර කිසිවකුට මා සවන් දී නැත.
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”
عربي الإنجليزية الأوردية
අද දිනයෙන් පසු ඔබේ පියාට පීඩාවක් නැත.
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කතාව, එය සවන් දෙන සියලු දනන්හට වෙන් වෙන්ව පැහැදිලිව වටහා ගත හැකි කතාවක් විය.
عربي الإنجليزية الأوردية
“මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
عربي الإنجليزية الأوردية
අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ දන්නෙහි ද?
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු. එතුමා මට නියෝග කළ පරිදි මම වසා ගත්තෙමි. පසුව මම ඔසප් තත්ත්වයේ සිටියදීම මා සමග එතුමා පහස වින්දහ
عربي الإنجليزية الأوردية
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හුමා) තුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පිවිසුණහ. මම ද එතුමාණන් ව මාගේ පපුවට තුරුල් කරමින් සිටියෙමි. අබ්දුර් රහ්මාන් සතු ව කට පිරිසිදු කරන අමු මිස්වාක් දැහැටියක් විය. අල්ලාහ්ගේ දූතයාණෝ තම බැල්ම ඒ වෙත යොමු කළහ.
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉෂා සලාතය ඝණාන්ධකාරයේ (ප්රමාද කොට) ඉටු කළහ. එවිට උමර් තුමා පිටතට පැමිණ ‘අහෝ! අල්ලාහ්ගේ දූතයාණනි, සලාතය! කාන්තාවන් හා දරුවන් නින්දට ගොස් ඇත.’ යැයි පැවසීය. පසුව තම හිසෙන් ජල බිංදු වැටෙන තත්ත්වයේ එතුමා පිටතට පැමිණ මෙසේ පැවසීය. “මාගේ සමූහයාට අසීරු කාර්යයක් නොවී නම් මෙම සලාතය මෙම වේලාවේ ඉටු කරන්නට මම ඔවුනට නියෝග කරමි.”
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මරණයට පත් වූහ. මා සතු රාක්කයක තිබුණ බාර්ලි කොටසක් හැර කුස ඇත්තන් ආහාරයට ගන්නා යමක් මාගේ නිවසෙහි නොතිබිණ. දිගු කාලයක් ගත වන තුරුම මම එයින් අනුභව කළෙමි. පසුව මම එය කිරුවෙමි. ඒ සමගම එය අවසන් වී ගියේය.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
මට හා නුඹලාට උපමාව වනුයේ ගිනි අවුලන මිනිසෙකු මෙනි. පළගැටියන් හා මේරුන් එහි වැටෙන්නට බලයි. ඔහු ද උන් එයින් වළක්වන්නට බලයි. මම නිරයෙන් දුරස් කොට නුඹලාගේ බද පටිවලින් අල්ලාගෙන සිටිමි. නුඹලා ද මගේ අතින් පළා යමින් සිටින්නෙහු ය.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනී වළක් මත එය වළ දමනු ලැබූ පසු සලාත් ඉටු කරමින් ඒ මත තක්බීර් හතරක් පවසන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
ජුමුආ දින ෆජ්ර් සලාතයේදී අලිෆ්, ලාම්, මීම් තන්සීල් නම් සජදා පරිච්ඡේදයත් හල් අතා අලල් ඉන්සාන් නම් පරිච්ඡේදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පාරායනය කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා එතුමාගේ පවුලේ උදවිය රාත්රී ආහාරය නොලබාම හිස් බඩින් අඛණ්ඩව රාත්රී ගණනාවක් ගත කරන්නට වූහ. ඔවුන්ගේ රොටි බොහෝ විට බාර්ලි රොටි විය.
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වේදනාවෙන් පෙළෙන විට මම එතුමාණන් වෙත පිවිස එතුමාණන්ව අත ගෑවෙමි.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ
عربي الإنجليزية الأوردية
එළුවන් ඇතිදැඩි කරන්නකු ලෙසින් මිස අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත.
عربي الإنجليزية الأوردية
“කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මාගේ ප්‍රාණය මට ලබා දෙනු ඇත.”
عربي الإنجليزية الأوردية
කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වයස අවුරුදු හතළිහේ දී එතුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කරනු ලැබීය
عربي الإنجليزية الأوردية
ඔවුන් එයට ඇතුළු වූයේ නම්, විනිශ්චය දිනය දක්වා ඔවුන් කිසි විටෙකත් එයින් පිටතට නොඑනු ඇත. කීකරුකම ඇත්තේ යහපත් කටයුතුවල පමණි
عربي الإنجليزية الأوردية
රතු පැහැති සළුවක් ඇඳ සිටින විට අල්ලාහ්ගේ දූතයා තරම් ලස්සන කෙස් කළඹක් ඇති කිසිවෙකු මා කිසිදා දැක නැත
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දකුණත පිරිසිදු දෑ හා ආහාර අනුභව සඳහා විය. වමත එතුමා වැසිකිලි කැසිකිලි අවශ්යතා සඳහා හා ඒ හැර වෙනත් අපිරිසිදු දෑ සඳහා විය.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන් මක්කාවට පැමිණි කල්හි දේව ආදේශකයෝ ‘නියත වශයෙන්ම මදීනාවෙහි උණ වැළඳුනු එමෙන්ම එය ඔවුන් දුර්වලතාවයට පත් කළ පිරිසක් නුඹලා වෙත පැමිණෙයි.’ යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ වට තුන ඉක්මණින් ගමන් කරන්න යැයි ද (හජරුල් අස්වද් හා රුක්නුල් යමානි හෙවත්) ප්රධාන ස්ථාන දෙක අතර (සාමාන්ය අයුරින්) ගමන් කරන්නැයි ඔවුනට අණ කළහ.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ
عربي الإنجليزية الأوردية
ඔබට පෙර විසූ ජනයා අතර රජකු විය. ඔහු අභියස ඉන්ද්‍රජාලිකයකු ද විය
عربي الإنجليزية الأوردية
අහෝ අබු බකර්! ඔබ දෙදෙනෙකු ගැන සිතන්නේ කුමක් ද? අල්ලාහ් තුන්වැන්නා ලෙස සිටී
عربي الإنجليزية الأوردية
ස්වල්පයක් ක්රියා කොට බොහෝමයක් ප්රතිලාභ ලැබීය.
عربي الإنجليزية الأوردية
අපට පිරිනමනු ලැබිය යුතු දෑ මෙලොවෙහි අපට පිරිනමනු ලැබීය. අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලබනු ඇතැයි සැබැවින්ම අපි බිය වීමු.
عربي الإنجليزية الأوردية
හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය
عربي الإنجليزية الأوردية
සැබැවින්ම අබූ උබය්දා බහ්රයින් සිට යමක් ගෙනැවිත් ඇති බව නුඹලා සවන් දී ඇතැයි මම සිතමි.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් ඉල්ලනු ලැබූ කිසිවක් වී නම්. එතුමා නැතැයි පවසා සිටියි.
عربي الإنجليزية الأوردية
ඉඳි කෝටුවක් විය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ මත වූහ. -එනම් කුත්බා දේශනයේදීය- මින්බර් මත එතුමා තබන කල්හි, ගැබ්බරවූ ඔටු දෙනකුගේ හඬට සමාන ඉඳි කෝටුවේ හඬට අපි සවන් දුනිමු. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පහළට බැස ඒ මත එතුමා තම අත තැබූහ. එවිට එය සන්සුන් විය.
عربي الإنجليزية الأوردية
මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් කළේය.
عربي الإنجليزية الأوردية
මදීනාවෙහි වහලියන් අතුරින් වහලියක් වූවත්, ඇය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අතින් අල්ලා ඇය කැමති අයුරින් එතුමා සමග ගමන් කරයි.
عربي الإنجليزية الأوردية
මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සලාත් ඉටු කරන්නෙකු වීමි. එතුමාගේ සලාතය මධ්යස්ථ විය. එමෙන්ම එතුමාගේ දේශනාව ද මධ්යස්ථ විය.
عربي الإنجليزية الأوردية
මෙය ඔබලා වෙනුවෙන් අල්ලාහ් නිකුත් කළ පෝෂණයයි. එහෙයින් ඔබ අපට ආහාර වශයෙන් පිළි ගැන්වීමට එහි මස්වලින් යමක් ඔබ ළඟ තිබේද? එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ඉන් කොටසක් එව්වෙමු. එතුමා එය අනුභව කළහ.
عربي الإنجليزية الأوردية
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට සේවය කළ යුදෙව් කොලුවෙක් විය.
عربي الإنجليزية الأوردية
කකුල් හෝ ගාත් (සංග්රහයක්) වෙත ඇරයුම් කරනු ලබන්නෙම් නම්, මම පිළිතුරු දෙමි.
عربي الإنجليزية الأوردية
එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. -එනම් නිවැසියන්ට වැඩපල කර දුන්හ) නමුත් සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ- අතට වඩා සුමුදු පට රෙද්දෙන් නිමවූ ඇඳුමක් හෝ පට රෙද්දක් හෝ මම ස්පර්ශ කොට නැත.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කිසිවිටෙක තම අතින් කිසිවකුට හෝ බිරියකට හෝ සේවකයකුට හෝ පහර දී නැත. නමුත් එතුමා (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් වැඳුණහ.
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතය කළ විට, හිරු හොදින් උදාවන තුරු එතුමාණෝ සලාත් කළ ස්ථානයේම වාඩි වී සිටියහ
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කරමින් කිස්රා, කයිසර් හා නජ්ජාසි වෙත මෙන්ම පාලකයින් සෑම කෙනෙකු වෙතම ලිපි යැවූහ
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙකි. මුස්ලිම්වරුන් අතරින් කිසියම් තැනැත්තෙකුට මම බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ කසපහර දුන්නේ නම් හෝ ඔහුට එය දානයක් සහ දයාවක් බවට පත් කරනු මැනව!
عربي الإنجليزية الأوردية
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ අය එක් දිනක දෙවරක් ආහාර ගත්තේ නැත, එසේ ගෙන තිබුණත් දෙවේලෙන් එකක් රටඉඳි වලින් විය
عربي الإنجليزية الأوردية
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ වූ දිව්‍ය පණිවිඩයේ ආරම්භය (එතුමා තම) නින්දේදී දුටු දැහැමි සිහිනය විය
عربي الإنجليزية الإندونيسية
මම ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට එසවිනි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය
عربي الإنجليزية الأوردية
“නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්රදේශයෙන් පිටත් ව ගියහ.“
عربي الإنجليزية الأوردية
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තබූක් යුද්ධයේ සිට පැමිණි කල්හි ජනයා එතුමාව පිළිගත්තෝය. සනිය්යතුල් වදා නම් ස්ථානයේ සිට ළමුන් සමග මමද එතුමාව පිළිගත්තෙමි.
عربي الإنجليزية الأوردية
අබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී යම් බූරැවකුගේ පිට මත ගමන් කරන විට අපගේ පාමුල හා ෙකදි කකුල පොලවට ගැටී තුවාලයක් අැති වී යම් රෙදි කෑල්ලකින් ඒය අපි වෙලුමක් සේ දමා ගමන අවසන් කළෙමු
عربي الإنجليزية الأوردية
අනස් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි මාගේ බාප්පාවන අනස් බින් නළ්ර් රළියල්ලාහු බද්ර් සටනට සහභිගිවූයේ නැත ඒ් පිළිබද ඔහු නබි තුමා අමතා අල්ලාහ්ගේ දූතයාණනී ඔබතුමා අාදේශ තබන්නන්ට ඒරෙහිව කරන ලද ප්රථම සටනට මා සහභාගි නොවුයෙමි අල්ලාහ් විසින් ඒම සටනට සහභාගිවීමේ අවස්ථාව මා හට ලබාදුන්නේනම් මා ඒතනදීකටයුතු කරන විලාසය කෙසේද යන්නඅල්ලාහ් විසින් ජනතාවට පෙන්වන්න හැකිව තිබුණීයි යැයි කීය පසුව උහ්ද් සටන සිදුවු දිනයේදී මුස්ලීම්වරැන් සමහරක් සටන් බිමෙන් ඉවත්ව යන්න ගියහ ඒවිට ඔහු යා අල්ලාහ් මොවුන් මාගේ සහගාමිකයින් කළ වරදට නුඹෙන් මා සමාව අයදිමි ඔවුන් අාදෙට්ශකරන්නන් දේවලින්ද මාද ඉවත් වෙන්නෙමී යැයි කීහ පසුව අනස් බින් නළ්ර් ඉදිරියටම ගියේය සංද් බින් මුඅාද් රළියල්ලාහු ඔහු ඉදිරියට පැමිණියේය ඒවිට සංද් බින් මුඅාද් කංබාවෙහි දෙවිදුන්මත දිවුරා ප්රකාශ කරමි ස්වර්ගය අත ළගය නියතවශයෙන්ම මා උහ්ද් කදුවැටිය දෙසින් ස්වර්ගයේ සුවද අාඝ්රාණය කරමී යැයි කීහ පසුව විරැද්ධවාදීන් අතරට පැන පැන සටන් කර වීරයකු ලෙස දිවි පිදීය සංද් රළියල්ලාහු අල්ලාහ්ගේ දූතයාණෙනි ඔහු අනස් බින් නළ්ර් විසින් කළාක් මෙන් මට කරන්නට නොහැකි විය යැයි කීහ අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්රකාශ කරයි ඔහුගේ ශරීරයේ කඩු පහරවලින් හෝ කැපුනු ඊ පහරවලින් හෝ හෙල්ලෙන් සිදුවු සුලු තුවාල අසුවක තරම් ප්රමාණයක් පදුටුවෙමුඒතුමාව අාදේශකයින් විසින් කපා කොටා ශරීරය විකෘති කර තිබුණි අප කිසි කෙනෙකුට ඒතුමා හදුනා ගත නොහැකි විය ඒතුමාගේ අැගිලි තුඩවල සලකුණුවලින් හදුනා ගැනීමට ඒතුමාගේ සහෝදරිය සමත්වුනාය අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්රකාශකරයි මෙතුමා හා මෙතුමා වැනි අය ගැන තමන් විසින් අල්ලාහ් සමග අැති කරගත් ගිවිසුම ක්රියාත්මක කර පෙන්වන මිනිස්සුද මුංමීන්වරැන් අතරේ සිටින්නෝය අල් අහ්සිබ් 33 යන ශුද්ධ වාක්ය අවසාන දක්වා පහළ වුවේ යැයි සිතුවෙමු
عربي الإنجليزية الأوردية
යා අල්ලාහ් මට සමාව දෙනු මැනව, මට කරුණා කරනු මැනව, උත්තරීතර මිතුරා සමඟ මා ද සේන්දු කරනු මැනව.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම කාන්තාවක් වියන ලද පොරෝණයක් රැගෙන අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියාය.
عربي الإنجليزية الأوردية
දැඩි ලෝබකම හේතුවෙන් ඔවුහු මගෙන් ඉල්ලා සිටීමටත් මම මසුරෙකු නොවුව ද මා මසුරු අයකු බවට පත් කිරීමටත් සැබැවින්ම ඔවුන් මා තෝරා ගත්තෝය.
عربي الإنجليزية الأوردية
අපි දරුවන් සමග සානිය්යතුල් වදා නමැති ස්ථානයට ගොස් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව මුණ ගැසෙන්නෙමු.
عربي الإنجليزية الأوردية
මලක්වරුන් තම පියාපත් තුළින් ඔහුට සෙවණ ලබා දීමෙන් ඉවත් නොවූහ.
عربي الإنجليزية الأوردية
අම්ර් ඉබ්නු අබසා තුමා ඉස්ලාමය වැළඳ ගැනීමේ කතාව හා නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාට සලාතය හා වුළු දෝවනය ඉගැන්වීම.
عربي الإنجليزية الأوردية
“ඉස්රාඊල් දරුවන් වනාහි නබිවරු ඔවුන් පාලනය කළහ. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු ඔවුන් වෙත පැමිණියේය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් අධිකව සිටිති.”
عربي الإنجليزية الأوردية
එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.’
عربي الإنجليزية الأوردية
“කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ
عربي الإنجليزية الأوردية
එතුමාණන් අසභ්‍ය ලෙස කතා කරන්නෙකු හෝ අසභ්‍ය ලෙස හැසිරෙන්නෙකු හෝ වෙළඳ වීදිවල උස් හඬින් කතා කරන්නෙකු හෝ නපුරට නපුරින් ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස නොසිටියහ. නමුත් එතුමාණන් (එය) නොසලකා හැර සමාව දෙන්නෙකු ලෙස සිටියහ
عربي الإنجليزية الأوردية
සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!,
عربي الإنجليزية الإندونيسية