عن أبي عبد الله جابر بن عبد الله رضي الله عنهما قال: بعثنا رسول الله صلى الله عليه وسلم وأمَّر علينا أبا عبيدة رضي الله عنه نتلقى عِيرًا لقريش، وزودنا جِرَابًا من تمر لم يجد لنا غيره، فكان أبو عبيدة يعطينا تمرة تمرة، فقيل: كيف كنتم تصنعون بها؟ قال: نمَصها كما يمص الصبي ثم نشرب عليها من الماء، فتكفينا يومنا إلى الليل، وكنا نضرب بعصينا الْخَبَطَ ثم نبله بالماء فنأكله. قال: وانطلقنا على ساحل البحر، فرفع لنا على ساحل البحر كهيئة الكثيب الضخم، فأتيناه فإذا هي دابة تدعى الْعَنْبَرَ، فقال أبو عبيدة: ميتة، ثم قال: لا، بل نحن رسل رسول الله صلى الله عليه وسلم وفي سبيل الله وقد اضطررتم فكلوا، فأقمنا عليه شهرًا، ونحن ثلاثمئة حتى سَمِنَّا، ولقد رأيتنا نغترف من وَقْبِ عينه بالْقِلاَلِ الدهن ونقطع منه الْفِدَرَ كالثور أو كقدر الثور، ولقد أخذ منا أبو عبيدة ثلاثة عشر رجلاً فأقعدهم في وقب عينه وأخذ ضلعًا من أضلاعه فأقامها ثم رحل أعظم بعير معنا فمر من تحتها وتزودنا من لحمه وَشَائِقَ، فلما قدمنا المدينة أتينا رسول الله صلى الله عليه وسلم فذكرنا ذلك له، فقال: «هو رزق أخرجه الله لكم فهل معكم من لحمه شيء فتطعمونا؟» فأرسلنا إلى رسول الله صلى الله عليه وسلم منه فأكله.
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ අබ්දිල්ලාහ් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. කුරෙයිෂ් ප්රධානින් හමුවන්නට අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා අපව එවූහ. අපගේ නායකයා වශයෙන් අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමාව එතුමා පත් කළහ. රටඉදි මල්ලක් පමණක් අප ලඟ විය. ඒ හැර වෙන කිසිවක් නොවීය. අබූ උබය්දා රට ඉඳියක් බැගින් අප වෙත පිරිනැමුවේය. එවිට ‘එය ඔබ එය රැගෙන කෙසේ කටයුතු කරමින් සිටියෙහු දැ?‘යි විමසන ලදී. දරුවකු කිරි උරා බොනවාක් මෙන් අපද ඉරුවෙමු. පසුව ඒ සමග ජලය පානය කළෙමු. අපගේ දවස, රාත්රිය වන තුරුම අපට එය ප්රමාණවත් විය. තවද අප සතුව තිබූ කෝටුවලින් කබත් නම් ඔටුවන් බුදින කොළ වර්ගයක් අපි කඩාගෙන එය ජලයේ පොඟවා ආහාර වශයෙන් ගත්තෙමු. එතුමා තවදුරටත්, අපි මුහුදු වෙරළෙහි ගමන් කළෙමු. මුහුදු වෙරළේ මහා වැලි ගොඩක් මෙන් යමක් අපට දිස් විය. අපි ඒ වෙත පැමිණියෙමු. එවිට අන්බර් යනුවෙන් හැඳින් වෙන මුහුදු සතෙකු විය. එවිට අබූ උබය්දා එය මිය ගිය සතෙකි යැයි පවසා පසුව, නැත, අපි අල්ලාහ්ගේ දූතයාණන්ගේ පණිවිඩකරුවෝ වෙමු. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නෙමු. ඔබට දරා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එහෙයින් අනුභව කරනු යැයි පැවසූහ. තුන්සිය දෙනෙකුගෙන් සමන්විත අපි මසක කාලයක් පුෂ්ටිමත් වන තරමට ඒ මත රැඳී සිටියෙමු. උගේ ඇසෙහි ආවාටයෙන් තෙල් සරාව ගනු අපි දුටුවෙමු. එයින් අපි ගවයකු මෙන් හෝ ගවයකුගේ ප්රමාණය මෙන් කැබලි කපා ගත්තෙමු. අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමා මිනිසුන් දහ තුන් දෙනෙකු කැඳවා උගේ ඇසේ ආවාටය වටා වාඩි කෙරෙව්වේය. පසුව උගේ ඉලඇටවලින් එක් ඉල ඇටයක් ගෙන එය සිටවා පසුව අප සමග වූ විශාලතම ඔටුවාව ගමන් කෙරෙව්වේය. ඊට යටින් ඌ ගමන් ගත්තේය. උගේ මාංශ හා පැටවකු ගමන් භාණ්ඩ ලෙස ගෙන මදීනාව වෙත පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අප වෙත පැමිණියහ. එවිට අපි එය එතුමාට මෙනෙහි කළෙමු. එවිට එතුමා, “මෙය ඔබලා වෙනුවෙන් අල්ලාහ් හෙළි කළ පෝෂණයයි. එහෙයින් ඔබ අපට ආහාර වශයෙන් පිළි ගැන්වීමට එහි මස්වලින් යමක් ඔබ ළඟ තිබේද?“ යැයි විමසුහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ඉන් කොටසක් එව්වෙමු. එතුමා එය අනුභව කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පිරිසක් එවූහ. ඔවුනට නායකයා වශයෙන් උබූ උබෙය්දා තුමා පත් කළහ. කුරෙය්ෂ්වරු සඳහා ධාන්ය හා ආහාර ගෙන යන පිරිසක් හසු කරනු පිණිස ඔවුන් වෙත ප්රධානියා වශයෙන් එතුමාව පත් කොට යැවූහ. රට ඉඳි සහිත හම් මල්ලක් ඔවුනට එතුමා පිරිනැමූහ. ඔවුන්ගේ ප්රධානියා ඔවුන් සෑම කෙනෙකුටම රට ඉඳියක් බැගින් දුන්හ. එය ඔවුන් සමග ගෙන ගිය මලුවල ආහාර හිඟය හේතුවෙනි. එවිට ඔවුහු එය උරා ඒ සමග ජලය පානය කරන්නන්ට වූහ. එමෙන්ම ඔවුන්ගේ කෝටුවලින් ඔටුවන් ආහාරය සඳහා ගන්නා ගසක කොළ කඩා පසුව එහි රළු ගතිය ඉවත් කරනු පිණිස ජලයෙන් තෙමා ආහාරයට ගත්තෝය. ඔවුන් මුහුදු වෙරළට සේන්දු වූ කල්හි වැලි ගොඩක් මෙන් යමක් දුටුවෝය. පසුව ඔවුහු ඒ වෙත පැමිණියෝය. අල් අන්බර් නම් විශාල මත්සයෙක් එහි විය. ඔවුන්ගේ ප්රධානියා වූ අබූ උබය්දා එය මිය ගිය සතෙකු බැවින් ඔවුන් අනුභව කිරීමෙන් වැළැක්වූහ. අල් කුර්ආනයේ සඳහන් පරිදි මිය ගිය සතුන් ආහාරයට ගැනීම තහනම්ය. පසුව එතුමාගේ ඉජ්තිහාදය වෙනස් විය එයින් අනුභව කිරීමට ඔවුනට අනුමැතිය දුන්හ. හේතුව වැළැක්විය නොහැකි අවස්ථාවලදී මිය ගිය සතුන් ආහාරයට ගැනීමේ අවසරය ඇති බැවිනි. විශේෂයෙන්ම ඔවුන් සිටියේ අල්ලාහ්ට අවනත වූ ගමනකය. මුහුදේ මිය ගිය සතුන් අනුමතය යන්න ඔවුනට සැඟවී තිබිණ.පසුව ඔවුන් නොවැළැක්විය හැකි කාරණාව මත යන නිගමනයට පැමිණියහ. ඒ අනුව ඔවුහු එයින් අනුභව කළෝය. ඔවුන් එයින් කොටසක් පටවා ගෙන ගියෝය. ඔවුන් මදීනාවට පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටියෝය. ඔවුන්ගේ ක්රියාව පිළිගෙන එතුමා එයින් අනුභව කළහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර