عن عبدالله بن عباس رضي الله عنهما قال: كان رسول الله صلى الله عليه وسلم يبيت الليالي المتتابعة طَاوِياً، وأهلُهُ لا يجِدُون عَشَاءً، وكان أكثر خبزهم خبز الشعير.
[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා එතුමාගේ පවුලේ උදවිය රාත්රී ආහාරය නොලබාම හිස් බඩින් අඛණ්ඩව රාත්රී ගණනාවක් ගත කරන්නට වූහ. ඔවුන්ගේ රොටි බොහෝ විට බාර්ලි රොටි විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කිසිදු ආහාරයක් නොගෙන අඛණ්ඩව එක දිගට රාත්රි ගණනාවක් නින්දට වැටෙන්නෙකු වූහ. එතුමාගේ බිරියන් මෙන්ම පවුලේ උදවිය ද එලෙස නින්දට වැටුනහ. ඊට හේතුව ඔවුන් රාත්රී ආහාර නොලැබූ හේතුවෙනි. බොහෝ විට ඔවුන්ගේ රොටි බාර්ලිවලින් විය. එය තිරිඟු හා වෙනත් ධාන්යවලට වඩා මිලෙන් අඩු විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර